Sunday, August 31, 2008

17.විවේකී ඉරිදා දවස

හරිම අපූරු දවසක් ...ඇති තරම් නින්ද,වින්දනය,නිදහස හැම දේම එක්ක පිරුණු දවසක්...කලින් දා වැස්ස හින්ද පරිසරයත් හරිම ලස්සනයි..කලින් දවසෙ අම්බානෙක රෑ වෙලා නිදා ගත්තට උදේ 6ට විතර ඇහැරෙනකොට ජනෙල් රෙද්ද ඇතුලෙන් අව්ව ටික ටික කාමරේට උනනව...මම කලින් දවසෙ charge වෙන්න ගහල තිබ්බ වීඩියෝ කැමරාවත් අරගෙනම සරම පිටින් පල්ලෙහාට බැස්සෙ උදේට තියෙන ලස්සන කැමරාවට පුළුවන් තරමින් වත් හසු කරගන්න ආසාවෙන්..කට හොදල වතුර එකක් හෙම බීල මහ දොර ඇරගෙන එළියට බහිනකොටත් අම්මයි අප්පච්චියි නිදි..ඉරිද දවස නිසා එයාලගෙ අද දවස පටන් ගන්නෙ 6.30ට විතර....පුංචි පුංචි මල්වල ඒ වගේම කොළවල තාමත් වැහි බින්දු...ඒවට ඇහැ ලංකරල බලපුවාම මාවම අයෙත් පේනව..හරිම අපූරුයි..මම හිතන්නෙ මේ දවස් වල මගේ මනසෙ තාම දින කීපයකට කලින් බලපු ්‍Horton hears a who! වැඩ කරනව....කැමරාවට පුළුවන් තරමින් හසු කරගෙන ඇවිත් කාමරේ තියෙන මාළු ටැංකියට මාළුකෑම ඇට දෙක තුනකුත් දාල අම්මලාගෙ කාමරේ තියෙන මගේ අනික් desktop computer එකට dvd ය rip වෙන්න දාල උදේ කෑම කන්න ගියා..මම කොහොමත් පැය එකහ මාරකටත් වැඩියෙන් මල් වත්තෙ ඒ මේ අත කැමරාවයි දිය බිංදුයි එක්ක දැහැන ගත වෙලා තියෙනව..අම්ම උදේට කන්න තම්බලා තිබ්බ මඤ්ඤොක්ක යි සම්බොලයි කද්දි මට මතක් උනේ freed ගෙ රා කථව.....උදේම තෙලිජ්ජ ටිකකුත් තිබ්බනම් කොහොමද..නමුත් ඉතින් ඒක අමතක කරල කෑම කාල ඉවරවෙල‍ෙ යද්දිනුත් DVDය RIP වෙනව...මාර කම්මැලි කමක් දැනුන නිසා RIP වෙලා ඉවර උනාම STANDBY වෙන්න SETTINGS ‍ටික හදල අයෙත් නිදාගන්න ගියා...ඊයෙ රෑ නිදියනකොට 2යි ඉතින් නිදිමත එන එක අහන්නත් දෙයක් ඈ...11.30 විතර ඇහැරුනේ 12ට නොච්චියාගම යන්න තිබ්බ නිසා නැත්තම් තව නිදියන්න තිබ්බ..ජපානයේ සිට අනයනය කරන ලද නව යන්තෝරෝප කරන වගයක් ගැන බලන්න අප්පච්චිත් එක්ක කලින් කථා කරගෙන නොහිටියානම් කියල ඒ වෙලේ හිතුනට නාල ලෑස්ත් උනාම ඒක මග හරිල ගිය...අප්පච්චියි මායි විතරක් ගියාම අම්ම ගෙදර තනියෙම නිසා අම්මවත් දාගෙනම ගිය..පොඩි දුර උනාට ඒක ගියෙත් TRIP එක වගේ...ඔන්න පළ‍වෙනියෙන් පාර අයිනෙ අඹ වගෙයක් තිබිල ඒක කන්න නතර කළා ,ඊට පස්සෙ මට මගදි බඩ ඉරිගු දැකල කන්න ඕනෙ උනා..කොහොම හරි නොච්චියා ගම ගිහින් ඇවිත් කාල පොඩි නිනදක් දාල නැගිටිනකොටම 5ට විතර ඇති..අම්මත් එක්ක පොඩ්ඩක් කයියක් ගහගෙන ඉදල 5.30ට විතර WASH එකක් දාගෙන ලෑස්ති වෙලා රුවන්මැලි සෑයට ගිහින් එනකොට මගදි පියතිලක පිරවුම් හල ඉස්සරහ අළුතෙන් දාපු "Princess" INDIAN FOOD කඩේ දැකල තොසෙ කන්න ඕනෙ උනා..ඒක ORIGINAL සයිවර් කඩයක්...අර මලී කොළඹදි යන එක වගේ...මම මාර ආසයි මැදට අල PASTRY දාල හදන මසාල තොසෙ කන්න..ගිය අගොස්තුවෙ උදිත,ලකී,මේන එකක් නුවරඑළියෙ අළුත් bus stand එක ඉස්සරහ තිබ්බ කඩේකින් කෑවට පස්සෙ කෑවෙ අද..අනුරාධපුරේ වෙන සයිවර් කඩ එකකවත් මසාල තොසෙ හදන්නෙ නැති නිසා මම ගියපු ගමන් ඇහුවෙ ඒව තියෙනවද කියල..තියෙනව කිව්ව නිසා HELMET එක මේසෙ උඩින් තියල අත හෝදන්න යන ගමන් කියාගෙන ගියා මසාල තොසෙ 1යි උළුදු වඩෙයි ගෙන්න කියල...ඒක කාල උණු එළකිරි එකකුත් බිව්ව...ඒක තමා නියම දෙමළ විදිය වතුර එකත් කට තියන්නෙ නැතුව වක් කරගෙන බි‍ව්වෙ..රෝමෙ නම් රෝම විදිට ඉන්න එපෑ.අපේ අම්ම දෙමළනෙ ඒක නිසා මට නම් ගැටළුක් නෑ..(hikz hikz...දෙමළ කිව්වට දෙමළම නෙමේ..නමුත් ඒ වගේ මොකෝ දෙමළ පරිසරයක තමා හැදිල තියෙන්නෙ ඒ නිසා කථාවත් සංස්කෘතියත් ඇගට මුල් බැහැල තියෙන්නෙ).අපේ වව්නියාවෙ කඩේට ගියාම මම සයිවර් පාරක් දාන්න අමතක කරන්නෙ නෑ..කොහොම හරි අම්මයි අප්පච්චිටයි උළුදු වඩේ 4කුත් අරගත්තාම හරියටම බිල රුපියල් 180..ගෙදර ඇවිත් උඩට ආවෙDESKTOP COMPUTER එකේ RIP වෙලා තිබ්බ CLIP ටික අරගෙන රුවන් වැලි සෑයෙදි වීඩියෝ ගත කරපුව RIP වෙන්න දාගෙනම...නමුත් උදේ කරපුව ඇතුලට ඔබ්බන්න තරම් පසුබිම් වාදනයක් හම්බුනේ නෑ....ඒ නිසා මේකෙ මේ අවසාන වචන ටික ලියනකුත් රුවන්මැලි සෑයෙදි ගත්ත ටික ඔබනලයට UPLOAD වෙනව..බොහෝ විට මේ සමගම අද දවසත් නිමා වේවි...

දැන් නම් ඔබනලයෙනුත් මට පන්සල් යත හැකි.. මම යනකොට දකින දේවල් ඒ angle වලින්ම ගන්න ඕනෙ උනෙත් එකයි...රුවන්මැලි සෑයෙ කොත විදුලි බුබුලු අලොකෙන් crystallize වෙන දිහා මම බලන් ඉන්නෙ හරිම අසාවෙන් හරියට පොඩ් ළමයෙක් වගේ...මේ video එක මගේ සදාකාලික මතක ගෙන්නට එකතු වේවි...සම්පත් ලියයි







Friday, August 29, 2008

16.අතීතය මා හා මතකය


අතීතය කොතරම් අපූරුද...මට නැවතත් කාලය තරණය කල හැකිනම් නැවතත් සෙල්ලම් කරමි මාගේ හා පැටවුන් සමඟ...මායා බොංචි වැලේ කොළුවා සේ අහස් මාළිගයට යන සැටි සිතමි..ඔංචිල්ලාවේ සිට ඒ මේ අත පැද්දෙමි....සර්ප විලස මුල් ඇදුනු නුඟ ගස එහි නොමැත...බස්සෙකුට ලැගිය නොහැක...කාලය මැවු වෙනසක අරුමය කෙතරම් ද යැයි තේරුම් ගත නොහී මම නිහඩව ඒ දෙස බලා සිටිමි...සම්පත් ලියයි

Thursday, August 28, 2008

15.ඡීවිතයට ජීවත් වෙන්න කියා දුන්නෙමි

ඡීවිතයට ජීවත් වෙන්න කියා දුන්නෙමි(කඩයිම)


How often I cried
How often I worried
How often I regreted
How often I had been Pathetic
How often I had been Disgusting
How often I had been Rootless
...Above All How often I enjoyed Life???

No matter how often It had been
But please not any more as before....
--------------------------------------------------------------------------------------------
ps: traveled six Hundred days Backward and wrote this sitting on this same longitude and latitudes using a pen manufactured 50 days form 28th August.
around 600 days before I started to enjoy life.But today Got "I have enjoyed the Life" award.

*conditions applied
1.Every thing is Relative...Even Relativity Is relative

Wednesday, August 27, 2008

14.Eternal Sunshine of the spotless mind



අද ‍අගොස්තු 27වැනිද....වැඩ ඇරිල ඇවිල්ල කරන්න තරම් විශෙෂ දෙයක් නැති නිසා දෙවන වතාවටත් අපේ බෝ "a must watch movie" කියල blog සටහනකින කියපු" eternal sunshine of the spotless mind " කියන english movie එක බැළුව...හැබෑනෙ ඒන්නම් මට උනත් කාට උනත් කියන්න වෙන්නෙ "a must watch movie" කියලම තමා....මේක අනේමන්දාවට(ආදරයට) කොඩු කාරයින්ට නම් සමහර විට kick නැති නමුත් උගත යුතු දේ බොහෝ ඇති එකක් වෙන්න පුළුවන්...නමුත් පුරුදුකාරයින්ට ...එකෙනුත් love කරල half way through ශෝකන්තයක් ලෙස stop version දාපු අයට වඩ වඩාත් kick වේවි.......එයට අදාල human relationships ගැන උපරිම අවබොධයක් දෙනව කියලයි මට නම් හිතෙන්නෙ.....

මම මේක බලනකොට එක්තරා තැනකදි මහ අමුතු හැගීමක් දැනිල film එක එතනම pause කරල මහගමසේකර මහත්තයගෙ ප්රබුද්ධ පොත පිස්සෙක් වගේ පෙරලගෙන ගිහින් නැවතුනේ මෙතන....

සිතින් දිළින්දෝ ආශිර්වාද ලද්දෝය
මක නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය
ශොක වන්නෝ ආශිර්වාද ලද්දෝය
මක්නිසාද ඔවුහු සනසනු ලද්දෝය
මොළොක් ගුන ඇත්තෝ ආශිර්වාද ලද්දෝය
මක්නිසාද ඔවුහු දෙවියන් වහන්සේ දකින්නෝය

මේක මහගම සේකර මහත්මය බයිබලයෙන් උපු‍ටා ගන්න ලද්දක් කියලත් ලියවිලා තිබ්බ.....

නමුත් film එකේ එන මාව මේකට පොළඹවපු

"Blessed are the forgetful; for they get the better even of their blunders."

යන වැකිය
FRIEDRICH WILHELM NIETZSCHE විසින් රචිත Beyond Good and Evil කියන පොතේ එන එකක්...කෙසේ වෙතත් මට තාම ගැටළුවක් එක පාරටම මාව මගේ මනස මහගමසේකර මහත්මයාගෙ ප්රබුද්ධ තුලට ඇදල දැම්මෙ ඇයි කියල...කෙසේ වෙතත් මගේ පුද්ගලික "must read books" ගොනුවට FRIEDRICH WILHELM NIETZSCHE ගෙ Beyond Good and Evil පොතත්...එදිනෙදා ජීවිතෙදි හැරුපුරුදද්ට සුදුසු Quote සමූහයක් අන්තර්ගත John Bartlett ගෙ bartlett's Familliar Quotations පොතත් ඇතුළු උනා...බොහොවිට amozone.com හෝ http://www.whsmith.co.uk ඔස්සේ මිලදී ගන්න ‍තෙවන හා සිව්වන පොත් යුගල වෙන්න පුළුවන්...නමුත් ඉතින් http://www.whsmith.co.uk ඔස්සේ මිලට ගත් Rachel Carson ගෙ Silent Spring කියවල ඉවර උනෙත් ලගකදි hikz hikz...ඒ කියද්දී මට මතක් වෙන්නෙ මෙන්න මේ නිර්මාණය...ඒකෙ මිල බ්රිතානය පව්ම් වලින 6 පමණ උනාට අයියට ගෙදරට ගෙනත්දීමේ සේවාවද දෙන නිසා කිසිම කරදරයක් නෑ....ඇත්තට තාක්ෂණය කොපමණ අපූරුද....කෙසේ වෙතත් මේ film එකට පදනම ලෙස යොද‍ගෙන තිබුනෙ Alexander Pope ගෙ මෙන්න මේ අපූරු Quote එක....

How Happy is the blameless vestal's lot.

The world forgetting by the world forgot.
Eternal sunshine of the spotless mind.

Each prayer accepted and each wish resigned.

මේ movie එක එක්තරා විදියක Quote සම්භාරයක්...

ඔන්න ඔය movie එක අස්සෙම තිබිල හම්බුන
Charlie Kaufman ගෙ මේකත් හරිම අපූරුයි....

"Constantly talking isn't necessarily communicating."


Charlie Kaufman
ඔස්සෙ හබාගෙන ගියාපුවාම මම කාගෙද කියල නොදැන බොහෝ කලයක සිට නිතර තොල අග මතුරන "You are what you love. Not what loves you." කියමනත් එතුමන්ගෙම කියල දැනගන්න ලැබීමත් සතුටක්..ඇත්තට මට නමු හිතෙන විදියට උසස් නිර්මානයක වචනයක් වචනයක් පාසාම දැනුම ගබඩා වෙලා තියෙනව...නමුත් කීයෙන් කී දෙනාද ඒකෙ නිර්මාණ කරුව විසින් ලබාදෙන 100% දේවල් උරාගන්නෙ නේද...මම නමු අඩුම වශයෙන් 75%ක් වත් මිරිකල ගත්ත කියල පොඩි පහේ kick එකක් තියෙනව....මේව මට දවස් කීපයකට ඉන්දන සපයයි මනො කදු ටිකක නගින්න....අවසාන වශායන් ස්තූතියි බෝ.ඔබට ජය!....

සම්පත් ලියයි

Tuesday, August 26, 2008

13.little note on Birthday

today its a little special day..No matter how hard it would have been to my mother some good long years ago...Its my beloved brothers Birthday today (hey!!!! its you man. stupd, annoying, troublesome, adorable, childish, worrier of family) ... Hey dude Im so glad to share thousands of minutes in ma life with you...You might have hate me when mam was caring me as a kid but you sucked more milk out of her man...mam was sick and couldnt milk me, soon after I was born ....and you might have had feelings of negligence...You might have even kick me being so annoyed of the same feeling...No matter I was just a plump of meet then..no matter you did that Im not worried.. I cant either remember or feel it...But we had so many sweet memories....can you remember you hardly climbing the steps when your were drunk putting hand over my shoulders....me unfastening your shoes and make you sleep comfortably...can you remember අප්පච්චි giving you money to take me to saloon and give me a hair cut..But we drank Fanta (ෆැන්ට)and ate කඩෂෝරු (you suggests this to me so I do second willingly) and then worried "oww man how you take a hair cut now we spent the money"...you suggesting lets go to uncles place...and ask him to give you a hair cut ...ow man he can barely give a proper look to my hair (thankful to him I had so unique hair cuts lol)....Me crying when little hair pieces fell on ma neck and making me so worried ....you hold ma hand and say "no malli no dont cry...Its gonna end up soon"....all gone so so far man...No longer people remember''' memories fading away...... You havent kick ma ass for a son long time man...yahh for a so long time.Haven't fight on the bed with pillows till pillow blast and fill the room with wool ...But sooner it might happen...Im looking forward to see you man...yaah Im looking forward to see you.....Wish You a Happy Birthday Brother 27th August 2008.

Sunday, August 24, 2008

12.අනියම් බිරිඳ

-අනියම් බිරිඳ-

ඈ විවාහකයි
පිරිමි රැලක්
ගැහැනු රැලක්
සමගම
heterosexual & homosexual
....Both?? (00ps!)....
බිරිඳක් නැතත්
ඇත අනියම් බිරිඳක්
විදින්නට ජීවිතය

කවිය
නමින්

please note you got to add "ඔහු " instead of "ඈ" and "සැමියෙක් " instead of "බිරිඳක්" ‍for female version of this poem then the topic naturally got to be changed as "අනියම් සැමිය" lol

who said poems haven't got gender...lol

සම්පත් ලියයි

11.විදින්න ගොස් විදවීම

අද 24 වැනිද ...මාර kick ඇස් දෙකට....ඊයෙ සොමියට ඡන්දෙ බලන්න පානදර 4 වෙනකන් ඇහැරගෙන ඉදල මාර සොමි දැන් ඇගට....ආය කවද ඉතින් මේ වගේ නෑ දෑයෙ ඔක්කොම seටා වෙලා මැද සාලෙ ඉදගෙන කඩල, රටකජු කකා කොපි බිබී....යන film බල බලා ආතල් එකක් ගන්නද...අයිය කිලොමීටර් දහස් ගානක් ඈත හිටියත් එයා වත් මැද සාලෙට ගෙනා skype එකට රොම්බ thanks yarr කියන්න තමා වෙන්නෙ.. මිනිහටත ගෙදර හිටිය වගේ තමා පොඩි එවුන් ගිහින අයියා කිය කිය laptop එකේ screen එක අල්ලනව.ඒත් කෝ මේ මිනිහ computer එක ඇතුලෙන් එළියට එන එකක් ඈ දිව දික් කරනව හිනා වෙනව මිසක්.මට මතක් වෙන්නෙ ගිය වතාවෙ මිනුවන්ගොඩ අපේ නැන්දලාගෙ ගෙදර ගිහින ඉද්දි මේහෙ virtual chat පාරක් දාන්න ගිහින් නෑදෑ පුංචි පුතෙක් මට දාපු අ‍පූරු nick name එක."කොම්පි අයිය-compi අයිය"(මිනිහ compi යන්නෙන් අදහසි කරේ computer) අම්මපා බඩගාන වයසෙ හිටියට දැන පොඩි උන්ට තියෙන දැනුම..මිනිහ නම් ‍ලොකු උනාම අපේ මඩය වගේ වෙනව sure...වයසෙ හැටියටද card ගහන්නෙ....ඇත්තටම මේ තාක්ෂණය කොච්චර වටිනවද අපේ ජීවිත වල හදවත් ඇතුලෙ ඉන්න නමුත් කිලො මීටර් දහස් ගානක් ඈත ඉන්න ඈයෙ අපේ සමීපෙට ගේන්න.අති බහුතරයක් ඕක වැරදියට පාවිච්චි කලාට ඉතින...මොනව උනත් වදයකුත් වෙන් බැරි නෑ..ලොකු පුතා ඔයා කෑවද?? මොනවද කෑවෙ?? අද මොකද කලේ?? දැන් රස්නෙ අඩුද?? එක විකාරයක් වෙන්න ඇති අයියටනම් sure එකටම...නමුත් ඉතින් ලග ඉන්නව වගේ හරි අපූරු ‍‍feeling එකක් එනව.....
ඔය අතරෙ තමා දෙවෙනි වතාවටත් BUCK BUNNY දෙවෙනි වතාවටත් බැළුවෙ..අබා ගැන කථාවක් යද්දි අම්මගෙ මතකෙ නම් දිව ගියේ අපේ අයිය අපේ අත්තම්මත් එක්ක පළමු වතාවට theater එකක film බල්න ගිහින් අවිත් අම්මත් එක්ක කියපු කථාවක්...අතදෙකත් පාළුවත් තරම් දෙපැත්තට ඈත් කරල කිව්වලු අම්මේ ඒකෙ ලොකූකූ‍කූකූකූකූ TV එකක් තිබ්බ කියල...අපේ පුංචි කාලෙ අපේ අම්මලට අපි කොච්චර fun එකක් දෙනවද නොදැනුවත් වම නේද??? ඒක නිසාම වෙන්න ඇති පංචි ළමයිනට මල් වගේ කියනව ඇත්තෙ...නමුත් මට නම් අපේ අනාගත පරපුර ගැන අම්භානෙක ලොකු ගැටළුවක් .... day care සංස්කෘතියත් එක්ක බිහිවෙන ළමා පරපුර ගැන මට තියෙන්නෙ මහ විකාර අදහස් ගොන්නක්...තාම මේ day care පරපුර අපේ සමාජ වලට අනුයුක්ත වෙලා නෑ පුරවැසියන් වශයෙන් ඉතින් මේ පරපුරත් එක්ක ලොකු පෙරළියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි.... ඒක ඒ වෙනකන් ගැටළුවක් විදියටම තිබ්බාවෙ..අපිත් තව කල් ඉන්නවනෙ බලමුකො ඉතින්....
අන්න එදාට මේ තාක්ෂණ පෙරළියත් එක්ක එන BIG BUCK BUNNY වගේ අපූරු නිර්මාණ අපූරු සේවාවක් ඉටු කරයි...ඒ ගැන නම්‍ ලොකු සතුටක් තියෙන්නෙ...මම මේකෙ යටින් කථා කරපු දේ ගැඹුර මටවත් තේරුණාද මන්ද....කොහොම හරි එදාට තාක්ෂණ පුරාගාමීන්ට ළමා පරපුර වෙනුවෙන් ලොකු භාර දූර කටයුත්තක් ඉතිරි වෙලා තියේවි...අන්න ඒ ක්රම වේදය තුල ලංකීය ඇවතුම් පැවතුම් එක්ක යන animated film සංසකෘතියක් හදන්නත් වෙයි ..මොකද BIG BUNNY ල NEMO ල SHREK ල HAPPY FEET ල ANT ල කවදාවත් සෙල්මක් විදියට පංච දානව හරි ගස් කොටවනව හරි ගුඩු ගහනව හරි ANIMATE වෙන්නෙ නැතිවෙයිනෙ නේද??...මටත් මහ එක එක පිස්සු දෙවල් එනව අප්පා...මේව සමහරුන්ට විහිළු වගේ නිසා කාට හරි කිව්ව කියල හිතාගෙන අළු පාට කොලේකට ලියල STRESS එක RELEASE කරගන්නව....අවසානෙ ඉතින් කියන්න වෙන්නෙ LETS BE HOPE FULL කියල තමා....


සම්පත් ලියයි


Saturday, August 23, 2008

10.BIG BUCK BUNNY

අද අගොස්තු 23 න් වැනිද..දේශපාලන අතින් නම් ටිකක් විතර වැදගත් ...අර ඡන්දය භාවිතා කලේ නැත්තම් පුරවැසියෙක් විදියට එක්තරා යුතුකමක් පැහැර හැරිය කියන හැගීම නිසා 10ට විතර මම මුලින්ම ඉගෙන ගත්ත පාසලට ගිහින ඡන්දෙ ප්රකාෂ කරල ආව...අම්මපා මිනිසා දේශපාලන සත්වෙයෙක්ලු නෙ නේද??? ඒත ඉතින් ලක්ෂ ගනන් මේ වෙනුවෙන් වැය කරන එක නම් හෙනම පිස්සුවක් තමා.....මොනව උනත් එක්තරා විදියකට ඡන්දෙ දාන්න යනව කියනව එක "අත්න් කයිට් කරගෙන රටට කෙළවීමක් තමා" ...

කොහොම හරි අද නරඹපු BUCK BUNNY කෙටි චිත්ර පටය මාව කුල්මත් කළා...ඒක සමුපූර්ණයෙන්ම පාහේ Open Source මෘදු කාංග භාවිතයෙන් නිර්මිත වූවක්...ඒ අතින් නම් මේක ඉතාම උසස් නිර්මාණයනක්.....මමනම් දැන් ආයෙත් බලන්න යන්නෙ.....විනාඩි 7ක් විතර උනාට ආත්ම ගානක දේවල් කියනව...

සම්පත් ලියයි...
මෙතනින් වැඩි විස්තර දැන ගත හැකි







Friday, August 22, 2008

9.Deepest Fear

මේක මම දැනට ටික කාලෙකට කලින් ඉදල ‍අපේ freed කියන විදියට "ජීවිතය" කියන complex Simplicity කියන කෙහෙල්මල(දැන් නම් නෙළුම් මල) තේරුම් ගන්න යොදා ගත්ත ,මුහුණ දෙන්න,ජය ගන්න යොදාගත්ත අපූරු Quote එකක්..මේක මට අයෙ කවද හරි අමතක වෙලා ගිය දවසක නැවත ඇදල ගන්න උදව් වෙයි කියල හිතල ලියල තියන්න හිතුව

Our deepest fear is not that we are inadequate. Our deepest fear is that we are powerful beyond measure. It is our light, not our darkness that most frightens us. We ask ourselves, Who am I to be brilliant, gorgeous, talented, fabulous? Actually, who are you not to be? You are a child of God. Your playing small does not serve the world. There is nothing enlightened about shrinking so that other people won't feel insecure around you. We are all meant to shine, as children do. We were born to make manifest the glory of God that is within us. It's not just in some of us; it's in everyone. And as we let our own light shine, we unconsciously give other people permission to do the same. As we are liberated from our own fear, our presence automatically liberates others.

This inspiring quote by Marianne Williamson is from her book, A Return To Love: Reflections on the Principles of A Course in Miracles,


හැකි නම් Coach Carter movie එක හොයාගෙන බලන්න...ජීවිතයට ලොකු ඉන්දනයක් වේවි සමහර විට...

මේ සිංදුව(lyrics) හොයාගෙන තමා මම මුලින්ම අපේ මහගෙදරට ආවෙ..ඒකෙ ප්රතිපලයක් විදියට තමා miky,xp ,bo,malee,ravi,freed,pubudu,sameeran වගේ මිත්තරයෙ හම්බුනේ...මේ ලිපිය ඔව්න් සියල්ලටම





සම්පත් ලියයි...

Thursday, August 21, 2008

8.To far far away....

Love is always patient and kind it is never jealous love is never boastful or conceited it is never rude or selfish it does not take offense and is not resentful love takes no pleasure in other peoples sins, but delight the truth it is always ready to excuse to trust to hope and to endure in whatever comes..

Holy Bible...



7.පුද්ගල අනන්‍යතාවය

අද දවස දහවල් කාලය ටිකක් විතර කාර්යබහුල වුනත් වැඩ ටික ඉක්මනට ඉවර කරල ගෙදර එන්න පුළුවන් වීම සතුටක්..කොහොම හරි ගෙදර ඇවිත් නානකොට තමා මට ඒත්තු ගියෙ මගේ කොණ්ඩෙ මටත් නොදැනිම සෑහෙන දුරට වැවිල කියල...මම නාල ඉවර වෙල හෙම යට මාලයේ අම්මලා කාමරේ නිකමට වගේ කණ්නාඩිය ඉස්සරහට ගිහින කොණඩෙට පොල්තෙල්(පිරිසිදු කරන ලද සුදු පොල්‍ තෙල් hikz hikz) ටිකක් ගාල වම් අතින් පපස්සට කරල මිටි කරල අල්ලපුවාම තවත් අගල් 3ක් විතර කොම්බුවක් ආකාරයට නැවුනු මහපට ඇගිල්ලත් දඹර ඇගිලත් අතරින එළියට රෑරා වැටෙනව කියල දැක්ක..කොහොම හරි ඕක අම්ම දැකල එතනින යන ගමන් මගෙන් විහිළුවට වගේ ඇහුව "මොකෝ බූල් band එකක් දෙන්නද කියල" මමත් කිව්ව.."කෝ දෙන්නකො" කියල...අම්ම නම් මුලින් හිතුවෙ මම එහෙම කිව්වෙ විහිලුවට කියල...නමුත් ආයෙත් සැරයක් කිව්වාම අම්ම ඇවිත්ම ඒක දැම්ම...ඒක මාව එක්කන් ගියේ හරිම සුන්දර මතක සටහනකට....ඒ කියන්නෙ මට අවුරුදු 2 හො 3ක් කාලෙ(මට නම් මතක නෑ..අම්මලම කියන දේවල් තමා)..අපේ ගෙදර ඉන්නෙ කොල්ලොම දෙන්නෙක් නිසා අපේ ගෙදරට අපි පොඩිකාලෙ අපේ අම්මගෙ නෑදෑයින්ගෙ අපේ වගේ වයස ගෑනු ළමයින්ව ගෙන්න ගන්නවළු ඉදල හිටල අපිත එක්ක සෙල්ලන් කරන්න...ඔන්න ඉතින් ඔය ආපු ළමයෙක්ට තෑග්ගක් විදියට දෙන්න ගෙනාපු ගවුමක් ලොකු මදි වීම නිසා ගෙදර තිබිල තියෙනව මාරු කරන්න...අම්මට එක දවසක් උදේක ඕක මට අන්දන්න හිතිල. මම කොල්ලෙක් උනාට ඒ කාලෙ කෙණ්ඩෙ ‍කැරලි කැරලි ලස්සනට දිගට තිබිල තියෙනව..අම්ම ඉතින් ඕකත් මට අන්දල ..අර ඇවිදින කොට පී පී ගගහ නලා හඩවන සපත්තු දෙකකුත් දාල ගේට්ටුව ඉස්සරහ පොඩි බංකුවෙ මාවත් පැත්කින් වාඩි කරගෙන ඉන්නවලු..මමත් කකුල් දෙක වන වනා මෙනාදෝ ගැන කල්පනාවකළු(සමහර විට මම sure එකටම මොකෙද්ද කියල වෙන් ඇති)...අම්ම එදා මගේ කොණ්ඩෙට පොඩි පෝනි tail දෙකක් දාලලු තිබ්බෙ..කොහෙම හරි බැලූ බැල්මට නම් කෙල්ලෙක් වගේමළු..ඔන්න ඉතින් එතකොට අපේ ගෙදරට එහා ගෙදරට ගමේ ඉදල ආපු සීය කෙනෙක් ඉදල (අම්මව හොදට දන්න කියන) ලගට ඇවිත් කිව්වළු" දූව මම බලා ගන්නං නෝන වැඩක් තියේ නං කරගන්න කියල"...ඒ මොකද ඒ ,පොඩි ළමයි ඉන්නකොට ,අම්මල තනියෙන් නම් ඉන්නෙ හරිම අමාරුයි ගෙදර වැඩක් පලක් කරගන්න....කොහොම හරි එදා ඒ බූල් band එකක් දැම්මට පස්සෙ දැම්මෙ අද වෙන්න ඕනෙ...කොහෙම හරි ඔය කෙරුවාව ඉවර වෙනකොටම වගේ තමා අප්පච්චිත් ගෙදර ආවෙ...මාත් අප්පච්චිත් එකම තැන රාජකාරියෙ යෙදුනට අප්පච්චි එනකොට ටිකක් ප්රමාද වෙනව...අප්පච්චි ඔක්කොම පිළිවෙලක් කරල තමා ගෙදර එන්නෙ....එතකොට මට වඩා විනාඩි 30 ක් 40 පරක්කු වෙනව....කොහොම හරි මම කොණ්ඩෙ බැදගෙන ඉන්නව දැකල අප්පච්චි හිනාවෙල කිව්ව..."අයිය තට්ටෙ ගානව මල්ලි බදිනව"එහෙම කියා ගෙනම අප්පච්චි wash එකක් දාගන්න ගියා.මගේ කොණ්ඩය ස්වාභාවිකවම බොහෝ කැරලි ස්වභාවක්‍ පෙන්නුම් කරන නිසා රුකියා ස්ථනයට යනවි මෙවන් band එකක් අවශ්යතාවක් නැති වේවි තවත් දිගට වැවෙන්න ඉඩ නොතිබ්බොත්..කොහෙම හරි ඒ වෙන කොට අම්ම කුස්සියෙ අප්පච්චිට තේකක් හදනව..මම මගේ යට ලාච්චුවෙන් මීට දින කීපයකට උඩදි මිලට ගත්ත රස්තියාදු කාර මලෙයි pendent එකයි අයුධ පෙට්ටියෙන අඩුවයි අරගෙන කුස්සියටම ගියා..ගිහින් අර කියන රස්තියාදු කාර මාලෙ "රස්තියාදු‍" කොටස ඉවත් කරන මොහෙයුම පටන් ගත්ත..ඒ කියන්නෙ ඒකෙ ත්බ්බ plastic වලින් හදාපු මොකද්ද මම නොදන්න ලංඡනයක්..මම ඒක අඩුවෙන් කඩල අයින් කරල මම ලගදි හදපු pendent එක ඒකට ස්තීරවම ඇමුණුව... දැන් රස්තියාදු කාර ගතියක් නෑ...කළු නූලයි රත්රන් pendent එකයි...අම්මයි අප්පච්චියි, අයියයි ,අත්තයි,අත්තම්මයි කළු නූලකිකින් බෙල්ලෙ එල්ල ගත්ත....නියම ලාංකීය පොනුමක් තියෙන්නෙ දැන්...මම ඒක බෙල්ලෙ දාගන්නව දැකල අම්ම කිව්ව දැන් පච්චයක් විතරයි අඩු කියල...මම හිනා වෙවී කිව්ව..ඔව් මම දකුණු අතේ "ස"යන්ව ගහල ඊට යටින් "MADE IN SRI LANKA" කියල ගහන්න ඉන්නෙ කියල...hikz hikz...අයියනම් දැනටත් දකුණු අතේ කවුරුත් දන්න චේගුවෙරග අගල් දෙකේ දෙකේ ප්රමාණයේ ප්ච්චයක් ගහල ඉන්නෙ...නමුත් මට තාම ඒ ගැන හරියටම ආසාවක් ‍ඇති උනේ නෑ....නමුත් මම දැකල තියෙනව පච්චය කියන එක දිහා සමාජය තාමත් බල්නනෙ වපර ඇසකින...නමුත් මම නම් දකින්නෙ මිනිස් ශිෂ්ඨා‍චාරයේ එක්තරා අපුරු කලා සංධිස්තානයක් විදියට....නමුත් ගහන්නම් වාලෙ මකරුයි ,යක්කුයි ,මිනී ඔලුයි ගහන එක නම් විකාර වැඩක් වෙන්න පුළුවන්..මොකද කූඹියෙක්ට හිංසාවක් නැති එකෙක් මිනී ඔළුවක් ගහල යටින් "I'm the Ruler" කියල ගහගෙන පෙන්නන්න යන පව්ර්ෂය මට විහිළුවක්....කොහොම හරි ඔය කථා බහ ඉවර කරල flickr වෙබ් අඩවියේ මගේ මිතුරෙකු වන Inil විසින්ද ඉදිරි පත කර තිබුනු අගොස්තු 10 sunday times හි 15ස් වැනි පිටුවෙහි ,tributes-"Kadiragamar rose for his country"නමින් පල උන ලිපියත් කියවල ...imali මා වෙත එවා තිබුනු e mailaයට ද reply කරල ලියන්න පටන් ගත්ත පිටුවක් තමා දැන් මේ කොළවරකට ලගා වෙලා තියෙන්නෙ...ඡන්ද කටයුතු නිසා ඇතිව තිබෙන වතාරවරණය නිසා දින කීපයකට ශරීර සුවතාවය පිනිස අම්මත් එක්ක ඇවිදින එකට තිත තිබ්බ...අද දවසත් ‍තව බලාපොරොත්තු රුසක් ඉතුරු කරමින් මතකයන් අවධි කරමින් internet පිටුවකට මේ ඔක්කොම සටහන් උනා...

සම්පත්ලියයි...

Wednesday, August 20, 2008

6.Dialog SatNav හා අනාගතය

මේක මම ගිය ඉරිද පැවැත්වුනු motor show 2008 එකෙන් එකතු කර ගත්ත කොළයක්...මේක නැතුව මගෙ පසුගිය ලිපි පෙළ අසම්පූර්ණයි කියල හිතුන...මේක අද මට magic උනාට තව සෑහෙන කාලෙකින් Mobile Phone ගානට වැටෙයි අපේ වහන වල...මම තවමත් මගේ පියාගෙ පළමු ජංගම දුරකථනයේ බැටරියේ බර බලල මාර ආතල් එකක් ගන්නෙ ..ඒ වගේ මේක දැක්කාමත්, මට magic වෙලා තිබ්බ කියල මට තව අවුරුදු ගානක් ගියාම අමුතු kick එකක් එයි ..එදාට මම මෙම සැකැස්මෙහි ශුද්ර ප්රමානයේ එකක් මොලයටම බද්ද කරගෙන ඉන්නව වෙන්න පුළුවන්....සමහර වි‍ට එදාට මෙහෙම blog බලන් නැති වෙයි තව ටික කළකින් මොලේට external HD එකක් plug කරල මේ දත්ත ඔක්කොම ඒකට upload කරගෙන ඕනෙ වෙලාවට බලයි..මොකද ස්වාභාවික මතකයට දැන දැන අපි අභියොග පමුණුවන් පටන් අරගෙන මේ reminder වගේ දේවල් වලින...ඒ නිසා අපේ මතකය ටික ටික මොට වෙයි..එදාට brain Plugged external HD එකක ඔක්කොම ලස්සනට save වෙලා වමාරල බලන්න පුළුවන් වෙයි
http://i510.photobucket.com/albums/s344/sampath312/dialogsatnav1.jpg
http://i510.photobucket.com/albums/s344/sampath312/Scannedat8-21-20080-34AM2.jpg

Direct link to see large and zoom in

සම්පත් ලියයි.

Tuesday, August 19, 2008

5.ජැක්සන්ට ස්තූතියි

අද අගොස්තු මස 20වන බදාදා..පැවසීමට තරම් අති විගේෂ යමක් නොවුනත් අද දින නරඹපු අබා චිත්ර පටය ගැන යමක් ලියල තියන්න වටිනව කියල හිතුන..

මොනව උනත් පළවෙනියෙන්ම කිවයුතු දෙයක් තියෙනව..ඒ තමා මම පුද්ගලිකව මීට වඩා යමක් ජැකසන් ඇනතනීගෙන බලා‍ පොරොත්තු උනා කියන එක...ජැකසන් ඇන්තනීට මීට ඩඩා යමක් මේ තුලින්ම කරන්න තිබ්බ කියලයි මට නම් හිතෙන්නෙ...සමහර විට ඒක ජැක්සන්ගෙම වරද නොවෙන්න පුළුවන් කැමරා හැසිරවීම ..වේශ නිරූපනය ....චිත්ර පටිය පුරාවටම වර්ණ රූප වල ගුණාත්මක භාවය වගේ පැති වලින් බොහොම average ස්වරෑපයක් තමා පෙන්නුම් කලේ...මම දන්න විදියට අපි මේකෙ කියන කථාව දන්නව ,ඒක නිසා ඒක අපේ මනසේ ඇදිල තියෙන සංකලන වලට නොදෙවෙනි පරිද්දෙන් ඉදිරි පත් කිරීමයි ඉතිහාස කථා පුවතක් ඉදිරිපත් කරන චිත්ර පටියකින් විය යුත්තෙ ...ඒ අතින් බලනකොට මට මේ ගැන සෑහීමකට පත්වෙන්න බෑ...1975-80 කාල පරාසය තුල ලංකාවේ නිම උන God King චිත්ර පටියේ එක් තරා ඉදිරි පියවරක් විනා එයිට වඩි වැඩි යමක් මේකෙන් මම දැක්කෙ නෑ... ජපානයේ අකිරා කුරුසොවාගෙ last samurai (පසුව මෙය ඇමෙරිකාව විසින් බුද්ධිමය දේපළක් ලෙස මිලට ගන්නා ලද බවක් තමා මම දන්නෙ) හෝ Troy හෝ 300 හෝ තත්වෙට තව නෙපෙනෙන මානයක් දුර යන්න තියෙනව කියලයි ම‍ට නම් හිතෙන්නෙ.නමුත් අපි තාම පුංචි රටක් නිසා සාධාරණීකරනය කරන්නත් පුළුවන්..නමුත් ජැකසන් ඇන්තනී ඒ ගමන නැවතත් යන්න පටන් ගත්ත ඒක සතුටට කරුණක්....
ඇත්තටම නදීක හා සෙෘමය ලියනගේ ගැන නම් පැසසීමට වටිනව ...ඒව නම් උපරිමයි....ජේසු හා අබා අතර නම් මට කිසිම ගැටළුයක් නෑ...ඒ පිළිබදව මට පුනා පුනා කථා කිරීමට තරම් කිසිම kick එකක් නෑ....මොකද මම ඒක බැළුවෙ මම උපය ගත්ත නැති ඇස්කන්නාඩි දාගෙන නෙමේ...ස්වාධීන නරඹන්නෙක් විදියට...

මේකෙ තැනක රවින්ද්ර රන්දෙනිය කියනව, යුද්ධයක් නම් දෙපාර්ෂවයක් ඕනෙ කියල..මෙච්චර කල් අනුරාධපුරයෙ ඡනද යුද්දෙට හිටියෙ පාර්ශව එකයි...නමුත් මේ සැරේ දෙපාර්ෂවයක් ඉන්නව...මම මේක බලන අතර තුර තමා දැනගන්න ලැබුනෙ එක්සත් ජාතික පක්ෂයේ Dr.Jhonpulley (මහත?)ගෙ නිවස ඉදිරි පිට ප්රචාරක පුවරුවර වලට දෙවෙනි වරටත් හානි පැමිණ විමට පැමිණි බර්ටි ප්රේම ලාල් (මහත?)ගෙ ආධාර කරුවෙකුට වෙඩි තියල (ඉල්ලන් කෑම ගැන සතුටුයි)....ඒ වෙනුව‍ට බර්ටිගෙ පිල Dr.Jhonpulley ගෙ නිවස ගිනිබත් කරල(නොඉල්ලන් කෑම ගැනත් සතුටුයි)...අම්මයි මායි හැමදාම හවසට ඇවිදින්න යන මාර්ගයේ තමා ඔය කියන නිවෙසත් තියෙන්නෙ..(රොහල් වට රවුමේ සිට 500m පමණ ඉදිරියට ගිය තැන)..කොහොම හරි අද ජැක්සන් ඇන්තනීට ස්තූති වෙන්න අපිට ගැටළුවක් උනේ නෑ...කෙසේ වෙතත් දැන් දෙපිලක් ඉන්නව...තවදුරටත් සටන සාමකාමී නෑ...අපි ඈත ඉදගෙන රස විදිනව(Balcony Ticket ගැනීම වඩා ආරක්ෂකාරී..)...මේ සටනෙ අවසන් දින කීපය මේ දින වල අබාට සමගාමීව තිරගත වේවි.....


සම්පත් ලියයි

මම කොහොමත් මතක සටහන් එකතු කරන්න ආසයි...ඒ කාලයක් ගියාට පස්සෙ බලල රස විදින්න පුළුවන් නිසා
චිත්ර පටය- අබා (ජැක්සන් ඇන්තනී නිර්මාණයක්)
බලන ලද චිත්රපට ශාලාව-Cinestar
මිල -රු 80.00 නව සංශෝධිත මිල රු 110.00



Monday, August 18, 2008

4.අද



මේක ලිව්වෙ ගිය සදුද (18). අපේ හොද online මිතරයෙක් වෙන රවීගෙ කවියක් කියවද්දි ආපු සිතිවිල්ලක් .





-ජාලය-
ගෙන්දගම් පොළවට උඩින්
තරු වියනට යටින්
සංඛයාත පරාස මැදින්
හුමුවුනු online පෙම්වතියට
කවදා දෙන්නද හාද්දක්
පොළවේ පය ගසා සිව්පා

සම්පත් ලියයි

3.ඥානවතී ලංකාවට ඇවිත් කියල මම දන්නෙ එදානෙ



ඔන්න එහෙනම් සම්පතෝ අද දවසත් ඉවර උනා ,උඹ මේක ලියන්නෙ 17 වැනි ඉරිද රෑ ...කවද publish වෙයිද කියල නම් තාම sure නෑ...මේ සතියෙ උඔට පන්සල් යන්න බැරි උනා...පනසලේ මල් කඩේ කොන්ඩෙ අයියගෙ අම්මයි , භාවනා කරන්න එන ජගත් අයියයි නිමල් අයියයි එත් බලන්න ඇති ඇයි නැත්තෙ කියල ...අවුලක් නෑ ලබන සතියෙ අම්මා අහුවම "වැඩ වගේට කොළඹ ගියා අම්මා" ...අයියල ඇහුවමත් එකම කියන එකනෙ නේද?? .ගිය ඉරිදනම් උඹ උන් දෙන්න භාවනා කරනකොට අපේ මහගම සේකර මහත්තයගෙ ප්රබුදධ කියෙව්ව..නිමල් අයියයවයි ජගත් අයියවයි මාස හතක් විතර තිස්සෙ හැම ඉරිදම දැක්කට ජගත් අයිය එක්ක කථා කරල තිබ්බෙ එක දවසයි ඒත වැස්ස දවසක රුවන් වැලිසෑය අර තියෙන පොඩි ආකෘතියට ගහල තියෙන වහලෙ යට වැස්ස ඉවර වෙනකන් ඉනිනකොට.. ඒත හරියටම අප්රේල් මාසෙ අව්රුදු කිට්ටු කරල....නමුත් කවදාවත් නිමල් අයියත් එක්ක උඔ කථා කරල තිබ්බෙ නෑ නේ?? හිනාවෙනව යනව..නමුත් ගිය ඉරිද ඒ කියන්නෙ 9 වැනිද භාවනා කරල ඉවර වෙලා නිමල් අයිය නැගිටල හිනා වෙලා උඔත් එක්ක කථා කරන්න ආව..එතකොට ජගත් අයිය නම් භාවනා කර කර හිටියෙ..නිමල් අයියගෙ වයස අවුරුදු 27 විතර රස්සාවක් කරන්නෙ නෑ..එයාගෙ එක්තැන් වෙලා ඉන්න ලොකු අයියව බලාගෙන ගෙදරට වෙලා ඉන්නෙ..ජගත් අයියට 26 විතර ඒත රස්සාවක් කරන්නෙ නෑ..අම්මයි තාත්තයි දෙන්නම ලෙඩින් ඒ නිසා ඒ දෙන්නව බලාගෙන ඉන්නව...කඩයක් කුලියට දීල ඒකෙන් තමා ජීවත් වෙන්නෙ..ඔන්න බලපන් සම්පතෝ ලෝකෙ මිනිස්සුන්ගෙ හැටි...ජීවතේම තමන්ගෙ පවුල වෙනුවෙන්ම කැප කරල තමන්ට කියල දෙයක් කරගන්න වෙලාවක් නැති තරමට අනුන්ට කැප වෙලා..මල් තියල වදින්න ඕනෙ නේද බං...??? මම දන්නව එදා උඹට අවෙ මහ අමුතු හැගීමක් .උඔ උඹෙ field book එකෙන් කොලයක් කඩල දෙකට ඉරල දෙකේම උඹේ ලිපිනෙයි ගෙදර දුරකථන අංකෙයි ලියල දීල ඕනෙ උදව්වක් ඕනෙනම් නම් කියන්න අයිය,කියල දෙන්නගෙ contact ඉල්ලගත්තෙ මෙකක් හරි ලොකු බලාපොරොත්තුවක් ඇතුව කියලයි මට නම් හිතෙන්නෙ...

ඒ මොනා වෙතත් පුතෝ උඹේ valet එකේ visiting card ඉවර වෙලා..දාගන්නත් ඉවරයි නේද..ආයෙ ගහන්දො නොගහන්දෝ කිය කිය හිතන්නෙ නැතුව අයතනයේ common ඒව ටිකක් හරි තියාගන්නි...මොකෝ strangers are just friends who you yet haven't met කියන්නෙ කට කැඩෙනවට කියපු දේවල් නෙමේ.....

කොළඹ ගියා කියල ගියපු කාර්යයෙන් එතරම් සාර්ථක ථල නෙලා ගන්න බැරි උනු එකනම් මටත් දුකයි සම්පතෝ..ඒත් මොනා කරන්නද motor show එකේ bikes and racing,off road driving,extreme driving,Audio systems,fuel and emission , navigation systems ගැන තිබ්බට repair & tools ගැන නියොජනය බොහොම දුර්වලයි නේද?? mytools companiයත් වැහෙන කළාවද සම්පතෝ ??? ඒ මොකද ඒ...කෑලි දෙක තුනක් දාගෙන කරපු විහිලුව ..පිංතූර විතරයි...‍‍

නමුත් උඹ ආසම කොටස මොකද්ද කියල ඇහුවොත් උඔ අත උස්සල dialog companiය present කරල තිබ්බ dialong Road navigation system(Dialog Sat nav) එක කියල මම දන්නව...max නේ?? තවත් අයිය එංගලන්තෙ තියෙනව කියල කියන tom tom එක ගැන පුරාජේරු(අර අයියල ආදරේට "ඥානවතී "කියන්නෙ) වලට, අම්මට සිරි එහෙමද කියල කියන්න ඕනෙ නෑ!...අපෝ ඕවනම් මෙහෙත් තියෙනව කියල කියන්න පුළුවන්...හැබයි ගාන තමා සැර රු100,000 විතර...නමුත් එළම තමා ඒකනම් නේද??...අතරමං නොවී කතරගම යතහැකි..අනික උඹට කොළඹයි නුවරයි ගියාම පාර වරද්දගෙන වටේ කැරකි කැරකි ඉන්නෙ නැතුව හිටු කියල navigator system එකෙන් පාර අහගෙන යත හැකි ...තාම නුවරයි කොළඔයි විතරක් complete (inch by inch) cover උනා‍ට අනික් ඒවත් ඉක්මන‍ටම cover කරනව කියල dilog එකේ අක්ක පොරොන්දු උන නිසා ගැටළුවක් නෑ...

කොහොමද ඒ අක්ක??..(අක්ක නෙමේ නංගි ඕයි තමුසෙට පිස්සුද?-සම්පත්) max නේ?? පස්සෙන් දුවගෙන ඇවිත් contact card එක දීල ගියේ...මම දන්නව උඔට ඒකිව දැක්කාම මතක් උනේ උඹ ඉස්සර දන්න කියන ගෑනු ළමයෙක්...මතකද බ්රසීලෙ(Brazil) Camila Alonso...අර උඹ අදරේට මිලා කියල කිව්වෙ..ට්කක් විතර ඒ වගේ නේ(ඕව මතක් කරන්න එපා ඕයි මට දුකයි වගේ ..ආයෙත් sms එකක් දාමුද?? hikz hikz-සම්පත්)..ලස්සන හිනාව නේ එකිගෙ පර්ස් එක ඇදල ඇදල බොහෙම අමාරුවෙන් card එකක් හොයල දුන්න...

කොහොම හරි කමක් නෑ...ඔන්න උඹ තව පිටුවක් ලියල ඉවර කරා..හැබයි පුතෝ උඹ ආයෙ තව අවුරුදු 5 කින් 10 කින් මේක කි‍යෙව්වොත්තම් පොලොවෙ වලක් හරගෙන හැංගෙන්න හිතෙයි..

උඹේ video ටිකත් දැම්මොත් ආයෙ දවසක බලල මතකය අළුත් කරන්න පුළුවන් වෙයි...

ඇතුළුවීම භාහිරය හා ඇතුලත
Audio systems & inside overlook
Dialog SatNav


මේක ලියනකන් උඹේ කන් වල පාළුව මකපු matt Gross ගෙ its enf of the Road සිංදුව අමතක කලොත් අපරාධයක්

අදට නිමි
අද ලිව්වෙ සම්පත් හොදටම දන්න සම්පත්


Some words got links to different web pages,images & videos move the mouse over them to feel the links on original post



(click this for video)


දිනය- 2008 අගොස්තු 17 ඉරිද -5 වසරේ ශිෂත්ව විභාගය

Saturday, August 16, 2008

2.හුලං බැසීම බැටරි බැසීම හා කරක් ගැසීම(ගලෙන් කොටුව බැන්දයි තිරිකුණාමලේ)

අද අගෝස්තු 16ස් වැනිද...කැලන්ඩර් කොල වල 16 වැනිද රතුපාටින් තිබ්බට මට නම් අද දවස ඉවර වෙනකොට ඒක නිල් පාට වෙලා වගේ දැක්කෙ...ඊයෙ රෑ(15) නිදිය ගන්න කොටත් පාන්දර 1යි ,අම්ම උදේ ඇවිත් දොරට තට්ටු කරල ඇහැරවන කොට මම ඊයෙ රෑ තිබ්බ alarm එකත් snooze වෙවී තිබ්බෙ නමුත් කම්මැලි කමටම අම්ම ඇවිත් තට්ටු කරනකම්ම හිටිය...කොහොම හරි ලෑස්තිවෙලා එළියට බහිනකොට හරියටම උදේ 6.30 ට විතර ඇති...work shop එකේ lath machine operator ගයාන් අයියවත් air force එක ගාවින් නග්ගගෙන තමා අප්පච්චි ඇහුවෙ අපි මොන පාරෙන්ද යන්නෙ කියල...ඉදිරියේදි තිර්කුණාමලයත් සමග නිරන්තර සම්බන්ධතා තියෙන්න ඕනෙ නිසා ඒ ගැන අවබෝධයක් ගන්නත් එක්ක මම කිව්ය යද්දි මිහින්තලේ පාරෙන් ගිහින්එද්දි කන්තලේ පාරෙන් එමු කියල...මොකෝ මමත් ඒ වෙනකොට ඔය පාරවල් දෙකෙන් එකක විතරයි තිර්කුණාමලයට ගිහින් තිබ්බෙ..."නැහැ මල්ලි යනකොට එහෙනම් හබරන හරහ ගිහින් එනකොට මිහින්තලේ පැත්තෙන් එමු" ...මොකෝ හබරණ පාර දුරයි අනික මිහින්තලේ පරට වඩා අනික හබරන පාරෙ check point වැඩියි......ගයාන් අයිය තිර්කුණාමලේම ඉපදිල එහෙම schooලෙ ගිහිල්ල තියෙන නිසා ආයෙ දෙපාරක් හිත හිත ඉන්න දෙයක් නෑනෙ කියල අපිත් ගමන පටන් ගත්ත....

මරදන්කඩවල පහුකරල ගනේවල්පලට එනකොට 7.15ට විතර ඇති ...ආයත් කන්තලේට යනකන් ලොකු town එකක් හම්බෙන්නෙ නැති නිසා ගනේවල්පොලින් උදේ කෑම කාල හඹරණ හන්දිය පැත්තට ඇදුන..හබරන හන්දියෙන් කෙලින්ම ගියොත් පෙළෙන්නරැවට(A11 පාර) ,වමට කන්තලේට, දකුණට දඹුල්ලට....අපි එතනින් වමට හැරිල ටික දුරක් ඔය එක එක වල් පල් කථා කර කර යනකොට තමා 1984 අනුරධපුර සිරි මහ බොධියට කොටි ගහපු storiය ඇදිල ආවෙ...අපේ අප්පච්චිත් ඕක ඇහෙන් දැකල වසනාවට වගේ බේරුණ කෙනෙක්..මොකද ඔය කියන බස් එක සිරි මහ බොධියෙ හටපු සිය ගානක් මල තුන් පොකුණු , මරිසවැටිය පහුකරල තිසාවැ‍ව bunt එකේ Bonvista හෝටලය පැත්තෙන් එනකොට අපේ අප්පචි ඒ පාරෙ කොනකට වෙලා අදහගන්න බැරුව ඉදල තියෙනව ..නමුත් ඒ වෙලාවෙ අප්පච්චි හිටගෙන ඉදල තියෙන්නෙ මුසලිම් හා දෙමළ ජනාවසයක් ගාව නිසා කොටි ඒ හරිය හිටිය කිසිම මනුස්සයෙක්ට වෙඩි තියල නෑ...නමුත් පහුකර ගෙන යනකොට අප්පච්චිල හිතල තියෙන්නෙ මේ හමුදාව කොටින්ව ලුහුබදිනව කියල මොකද කිසිම බයක් නැතුව බස් එකේ ජනෙල් වලින් එළියට wepons දාගෙන තමා ගිහින් තියෙන්නෙ...කොහෙම හරි ඊට පස්සෙ අප්පච්චි එන මග දිගට මහපාරෙ මිනිස්සු මරල දාලළු...මට හොදට මතකයි අප්පච්චි ඕක කිව්වොත් කියන් තව දෙයක් තියෙනව..අප්පච් ඔය හිටගෙන හිටපු තැනට යනකොට කරත්ත කාරයෙක් දැකල තියෙනව පරණ ටවුම හනදියෙදි නමුත් එනකොට කරත්තෙ ඇදගෙන හරක යනවලු ....කරත්ත කාරය ලේ පෙරාගෙන වැටිලලු ඇතුලෙම ...නමුත් ඒ කාලෙ මේ වගේ දේවල් මිනිස්සුන්ට පුරුදු නැති නිසා අප්පච්චිලත් පස්ස බිරනභිත වෙලා ආරක්ෂයි කියල හිතෙන තැන් වලට ගිහින් ...කොහෙම හරි බස් එක අනුරාධපුරයම වනසල නෙච්චියාගමත් පහු කරල එහෙන් වස්ගමු කැලේට ගහින් එතන බස් එක අතඇරල දාල එතන හිටපු වන නිලධරීන්වත් කැලේට ඇදගෙන ගිහින් මරල දාල උන්ගෙ අඩවියට සුරකුෂිතව ගිහින් තියෙනව..මම ඉතින් ඔය storiය ගයාන් අයියට කියල ඉවර වෙනකන් සද්ද නැතිව ඉදල අවසානෙට ඇහුව "ඉතින් අප්පච්චි ඔච්චර හදියක් කරල යනකන් ලංකාවෙ හමුදුවට හරි පොලීසියට හරි අර බස් එකේ රෝදෙකටවත් වෙඩිල්ලක් තියා ගන්න බැරි උනාද කියල???"....අප්පා මගෙ කට අප්පච්චිට එකට උත්තර දෙන්න හමුබුනේ නෑ...වාහනේ control නැතිව වගේ පැත්තකට ඇදිල යන්න ගත්ත...අප්ච්චි ‍ටක්ගාල වේගෙ අඩුකරල පැත්තක‍ට කරල නැවැත්තුව...අම්මට සිරි කාපන්කො කොල්ලෝ පරිප්පු....Tyre එකකට බඩු....අපි යනකොට පාර හදනව, කළු ගල් තිබ්බ පාරෙ...අපිත් කථාව පිට ආපු නිසා වේගෙන් ආව...රොදෙ කැපිල ගලකට ....flat Tyre...මලා හුටා තමා...නමුත් ඉතින් එතන හිටපු set එකටම වාහන වල දෝශ කියන්නෙ බත් කනව වගේ තමා...මායි ගයාන් අයියයි විනාඩි 10 විතර ඇතුළත spare wheel එක දා ගත්ත නමුත් ඒක එච්චර sure නෑ වගේ (මොකෝ ආයෙ trinco යනකන් tyre කඩ නැති වෙන්න පුළුවන්) නිසා අපි අයෙත් හබරණට ගිහින් tyre එකක් replace කරගෙනම යමු කියල හිතුව....ආයෙත් ඉතින් හරවා ඒම තමා...අපි එතකොටත් 15 km විතර හබරන හන්දියෙ ඉදල කන්තලේ පැත්තට ගිහින්...

පෝය නිසා කඩ වහල ද දන්නෙත් නෑ කියල හිත හිත ආවට හබරණින් දඹුල්ලට(A6) යන පාරෙ ටික දුරක් එනකොට දෙය්යො බැළුව වගේ ජයබිම(නම නම් sure නෑ) Tyre කඩේ අරල තිබ්බ...ඒක පොඩි Tyre කඩයක් උනාට වසනාවට වගේ GT Radial 175/70 R14 වර්ගයේ Tyre එකක් තිබ්බ...නමුත් මට දුක මෙහෙ ගමටම Tyre බෙදන අපිට අපේ වාහනේට ගන්න උනේ පිටින්...hikz hikz....අපි මෙහෙ ඒ Tyre එක දෙන ගානට වඩා රු 500කින් විතර වැඩියි ...නමුත් වෙලාවෙ හැටියට 500ක් නෙමේ 1000 ක් වැඩි උනත් වටිනව...සමහර විට poya day tax එක වෙන්න ඇති කියල මට හිනා ගියා....Tyre එක මරු කරනකන් ඉන්නකොට තමා habarana chaya resort එකේ board එක දැක්කෙ..මම කාලෙක ඉදන් එන්න ආ‍සාවෙන් හිටපු තැනක්...නමුත් මගේ හිතේ සෑහෙන කාලෙකට එන්න බැරිවෙයි ...බලමු බැදපු දවසක කෙල්ල එක්ක වත් එනව කියල අයෙත් ගමන පටන් ගත්ත...නැවතත් හබරන හන්යේ සිට කන්තලේ දෙසට.....ඔය වෙනකොට ltte talks ඔක්කොම ඉවරයි නමුත් මම අර හමුදාව හෑල්ලුවට ලක් කරල Tyre එකකට වෙඩි තියාගන්නවත් බැරි උනාද කියල අහපු ගමන් අපේ Tyre එකකට කෙලවීම ගැන මහ අමුතු හිගීමක් ආවෙ...මට ඕක කලිනුත් අත්දැකල තියෙනව...නිකන් අමුතුම ඉවනික් වගේ වෙන්න යන දෙයකට ලගින් යන දෙයක් වෙන විදියකට එළියට එනව....තව ටිකක් ඒ ගැන අධ්‍යනය කරල බලන්න වෙයි වගේ...hikz hikz...කවුද දන්නෙ අනාගතේ වත් පේනවද කියල නේද???

අපි කන්තලේට ඔන්න මෙන් තියා හම්බෙන මුල්ලි‍පොතාන හරියෙදි අපි හොදට දන්න කියන අපේ ආයතනයට srvice & Repairs වලට එන toyota prado TX මාදිලියෙ save the children ආයතනය‍ට අදාල වහනයක් මග නතර කරගෙන bonnet එක ඇරල මොනාද කරනව...මම අප්පච්චිට කිව්ව ගමන් අප්පච්චි වාහනේ නතර කරල ඒක ගාව‍ට ගියා ...මොකද අපි ගාවට වසර ගනනාවක් තිස්සෙ ඇවිත් ගොඩනැගුනු මිත්රත්වය නිසාම...radiator එක පළුදු වෙලා වතුර ගිහින් boil කරල එන්ජිම නතර කරල.....වහනේ start කරනකොට radiator එකෙන් compression පාරක් එළියට ගහනව...බඩුම තමා..බොහොවිට gasket එක replace කරන්න වෙන මුල් ලකුණු....මේකට අදාල Toyota genuine radiator එකක් මගේ මතකෙ හරි නම් රුපියල් 95000/= විතර..gasket එකේ මිල පිළිබද මතකයක් නෑ......මොකෝ දැන් වහනේ start කරොත් engine එකට shot වෙන්න පුළුවන්.....එයාලගෙ තව වාහනේ කින් ඒක office එකට ඇදල දාගන්න පුළුවන් කියපු නිසා අපි අපේ ගමන පටන් ගත්ත.සදුද උදේම රියදුරු තැන සමග toeing vehicle එක ඔrincomalee save the children office එකට මේක ඇදගෙන් ගිහින් අනුරාධපුරේට දාන්න එවන්න වෙයි වගේ කියල අප්පච්චි මට නගිනකොටම කිව්ව ......අප්පච්චි කිව්ව හරි 11.45 විතර save the children එකේ admin Mr.ධයාභරන් මහත්තය අපි අග්බෝපුර,කන්තලේවැව (map),තඔල ගමුව,ආන්දන්කුලම පහුකරල තිරි කුණාමලේට එනකොටම call එකක් දීල කිව්ව break down service(Toeing Truck) එකක් එවන්න ‍කියල සදුද‍ට .. එතන ඉදල බහුතරයක් උනේ ගියපු රාජකාරියට අදාල වැඩ තමා..මුහුද video කිරිල්ල අමතක කරල අපිට මේ වැඩේට වැදගත් වෙයි කියන කොටස් ඔක්කොම video කරගත්ත..මොකද තරග කාරිත්වයට මුහුන දෙන්න දැනට එහෙ පවතින බහුතරයක් work shop සහ service center මම අමු අමු වෙම පොය නිවාඩු නිසා record කරගත්ත...හොද වෙලාවට Mervyn Silva ල හිටියෙ නෑ ලඟ පාත..ඉඩම් වල මිල නම් හරිම සාධාරණයි hikz hikz....අක්කර 1.5 ක්ම ලක්ස 23 වගේ මුදලකට ගත්ත හැකි...ගයාන් අයියගෙ දැඩි බල කිරීම මත රාජකාරි කටයුතු අහවර කරල ගයාන් අයියලාගෙ ගෙදර ගියා ..තේ බීල ‍එළියට එනකොට මෙන්න බොලේ මේ යකා අපිට කෑම පර්සලුත් ඔතාගෙන එනව....මොනා කරන්නද ඉතින්....ඔන්න ඔතනදි තමා බැ‍ටරි බැසිල්ල පටන් ගත්තෙ ....Trinco beach එක ගාවට ගිහින් camcorder එක on කරල බලද්දි battery low...පේන විදියට කැමරාවටත් spare battery යක් ගන්න වෙයි වගේ....mini DVD දාන එකක් නිසා battery low වෙනකොට තව එහෙම්මමම ඉඩ...චිකේ මම වැඩිපුර ගහන්න කියල Quality එක super fine select කලෙත් නෑ...නමුත් මොනා කරන්නද ඉදිරියෙදි වත් බලමු......නමුත් යන්තම් වගේ මගේ ජාමෙ බේරගත්තෙ අප්පචිගෙ phone එකේ කැමරාවක් තිබ්බයින ....ඔය එක්කම අපි prima පිටි companyය,China Bay,Cod Bay, Staphenberg ,කින්නයා පාලම් පාරුව බලන්නත් ගියා.කින්නයා පාලම් පාරුවට නම්(1,2,3,4) ලගදිම විශ්රාම යන්න වෙන හැඩයි...පාලමක් ඉදිවේගෙන යන්නෙ...

අප්පච්චි ඉපිදිලා තියෙන්නෙ තිර්කුණාමලයෙ නිසා අප්පච්චි‍ට power house Road එකේ අප්පචිල ඉස්සර හි‍ටපු තැන බලන්න ඕනෙ උනා...නමුත් අප්පචිල 1958 "ශ්රී" කෝල හාල වලට ඒව අත ඇරල ඇවිල්ල ...තාම ඉඩම තියෙනව ....තිබ්බ ගොඩ නැගිලි නම් බිමටම සමතලා වෙලා...ඒ කාලෙ එතන තමා අප්පචිලාගෙ පළමු වැඩපළ "ජයන්ති මෝටර්ස්" තිබිල තියෙන්නෙ....ඔන්න ඔය උපන් උරුමෙ හොයාගෙනම වෙන්න ඇති අප්පච්චිට තිරිකුණාමලයෙ නව ශාකාවක් දාන්න ඕනෙ කියල හිතෙන්න ඇත්තතෙ...කොහොම උනත් අපි හැමොම උපන් ගමට පොඩි හරි ලැදියාවක් තියෙනවනෙ...ඔකත් බලල අපි powerhouse road එකෙන් දකුණට හැරිල තිර්කුණාමලයෙ තැපැල් කාර්යාලය ඉදිරියෙ තියෙන ෟmbal cafe එකෙන් උළුදු වඩේ කාල post office road එකෙන් එළියට එන්න යන තැන police check point එකේ නතර කළාම එතෙන හිටපු පොලිස් මහත්තය අපේ ID බලල ඇහුව මොකෝ මේ පැත්තෙ කියල...අපි නිකන් බලල යන්න කීවම ඇහුව මාළු එහෙම ගත්තතෙ නැද්ද කියල...අප්පච්චි හිනාවෙවී කිව්ව "නෑ මහත්තය අද පෝය නිසා market එක වහල නේද කියල???" අපේ රාළහාමි මහත්තයගෙ පිළිතුර හරිම දිරි ගනුවනු සුළු එකක් තමා උනේ අපි හිතුවට වඩා....

"අපෝ මහත්තය market එකට යන්න එපා.ඒකෙ ගිනි ගනන්...මහත්තය කෙලින්ම මැක්හෙයිසර් stadium එක පිටිපස්සෙන් යනකොට ඔරලෝසු කනුව(මරතඩිය හංදිය) අහුවෙයි එතනින් වමට හැරිල යනකොට round about එකක් තියෙනව...එතනින් දකුණට හැරෙන්න...ඒක කෙලින්ම වැටෙන්නෙ Trinco Railway එක ගාවට ...එතන තුම්මං හන්දියෙන් වමට හැරෙන්න...ඒ නිලාවේලි පාර..ඒකෙ ටික දුරක් යද්දි පාර දෙපැත්තෙ මාළු ලෑලි ඇති(සිරිමා පුර) ...ඒවයින් ගන්නත් එපා උන් ගාවත් ගනන්...ඒ පාරෙ දකුණු පැත්තෙ මුහුද...කාගෙන් හරි අහන්න මාළු වඩියට යන්නෙ කොහොමද කියල එතකොට පෙන්නයි ....මොකෝ මහත්තයො මේ දවස් වල ice factoryය කැඩිල අයිසි හිගයි..ඒ නිසා වඩියෙ තියන්ම විකුණනව කොළඔට යවනව අඩුයි...කිලෝ එකක් රු 60 ‍විතර වෙයි..." මට මේක කියද්දි මතක් උනේ අපේ nash (mr.Abnormal) ගෙ " strangers " storiය

ආයෙත් ඉතින් මොනාද අපේ අප්පචිටත් අළුත් මාළු කිව්වොත් වෙන දෙයක් නෑ...ගයාන් අයියගෙ උදව් ඇතුව තැනට ගිහින් එතනම තිබ්බකඩේකින් rigid-form පෙට්ටියක් අරන් මොනරෙග්ගෙ බරට මාළු ගත්ත....මටත් වැඩියෙ talk කරන්න බෑනෙ..ඒ නිසා අස්සක හංගල තිබ්බ අයිස් ටිකකුත් දාල හොදට pack කරල දුන්න...හප්පා පෙට්ටියෙ බර...රු 60 මුහුදු මාළු කෑවෙ කොපි කාලෙ කිව්වට දැන් කාලෙත් පුළුවන් බොලං...මේව අපේ ගෙවල් ගාව පොලේ නම් ගර්ම් 500 රු 150ට විකිනෙන්නෙ....hikz hikz.අනික මේවගේ අළුතුත් නෑ..

එනගමන් නතර කරල අපිට news එක දුන්න රාළහාමි මහත්තයට ස්තූති කරනකොට මිනිහ කියාපි "මහත්තය මාත් අනුරාධපුර කහට ගස් දිගිලිය කියල" මටනම් මාර kick එකක් ආවෙ....නමුත් වෙලාවෙ හැටියට වැඩි වෙලාවක් තිබ්බෙ නෑ කථා කර කර ඉන්න ....check point එක, ජැටිය පහුකරල අනුරාධපුර මංසංදියට
එනනොට කොහොමත් 3ට විතර ඇති....තිර්කුණාමලයෙ නගරයට අතුළු වෙන තැන "අනුරාධපුර මංසංධිය" කියල නම් තිබ්බෙ ඇයි කියල මට හෙන ගැටළුවක්..සමහර වි‍ට එතනින් පාර දෙකට බෙදිල එකක් අපි ආපු හබරණ පාරටත් අනික(A12) මෙරවැව,රොට වැව,හොරෝපතාන,කහටගස් දිගිලිය,ගලෙන් බිදුනු වැව,කනදරාව,මිහින්තලාව ඔස්සෙ අනුරාධපුරයටත් විහිදෙන නිසා වෙන්න ඇති....මොර වැව ඉදල රොට වැවට එනකන් නම් ටික්ක විතර කොටි තර්ජන පිළිබද බියක් තියෙන නිසා අඩියෙන් අඩියට අපේ හමුදාව...රොට වැව පහුකරල අපි ගයාන් අයියලා ආච්චි ඔතල දුන්න බත් මුලත් කාල ටික දුරක් එන කොටම මොර සූරන වැස්ස පටන් ගත්ත....එත් මට එතකොට මතක් උනේ අපේ අයතනයේ වැඩ කරන ලොකු අජිත් අයිය...පව් වැඩේ මිනිහ දවස් 2ක් නිවාඩු ගත්තෙ වහින්න කලින් ගොයම් ටික කපා ගන්න...ගිය අප්රේල් අස්වැන්නත් වැස්සට අහවෙල හරිම upset එකේ හිටියෙ....ඉතින් ගොවියන්ට වතුර වෙනුවට වසතෙල් බොන්න වෙන එක සාධාරණයි...අජිත් අයියටනම් කාල ඇදල ඉන්න රස්සාව වත් තියෙනව නමුත් ඕක විතරක් කරන ඈයෙන්ට මදුන් පරාලෙට තොන්ඩුවක් දාන්න ක‍‍ඔයක් හරි කෘමිනාශක සරණං ගච්චාමි හරි තාමා.මොකෝ insurance තියෙන එකක් ඈ.."ගොයමට වින කරන වැස්සට, වැසි රක්ෂණය "කියල.....නමුත් කනදරාව වැවේ භාගයක් පහු කරනකොට වැස්ස නැවතුනා...වැස්ස නැවතුනා කිව්වට එතනින් එහාට වැහැලම නෑ...අව්වයි වැස්සයි නරියගෙ මගුලයි මතක් උනා‍ට අව්වනමු නෑ.ඒ කියන්නෙ අජිත් අයිය ගොඩ ..නමුත් අනුරාධපුරට ගිය අප්රේල් වලින් පස්සෙම හරි හමන් වැස්සක් නැතුව කරුකුට්ටන් වෙලා තියෙන්නෙ ..තිසාවැවේ වතුර මායිම බලන් ඉද්දි ඈතට යනව..වැසි දියෙන් කරන කැකූලං කුඹරු කරන් නැතිව අත ඇරල තියෙනව දැක්ක ඒත් මගදි..අපිත් මහ මාර මිනිස්සු වැස්සත් වැරදියි වැස්සෙ නැතත් වැරදියි...මිහින්තලේ පහුකරනකොටම අපිව පහකරල canter ලෙරියක් ගියා...පිටිපස්සෙන් ගහල තිබ්බ එක නම් සිරා..."බුදු මල්ලියේ ඈතින් වරෙන්".....ඒකත් ඇත්ත තමා ,කවුරු හරි ඇවිත් ඇනල මාසයක් හමාරක් හදන්න වෙලා වාරික දෙක තුනක් areas උනොත් ගහන්න වෙන්නෙ..."බුදු මල්ලියෙ හැංගියං cesarල එනව" කියල තමා.....

කොහොම හරි ගෙදරට ඇවිත් wash එකක් දාල මේක ලියන්න පටන් ගත්ත වෙලාව වත් මතක නෑ...
කොහෙම හරි දැන් 11.33යි ....හෙට(17) උදේ 5ට නැගිට නැවත කොළඔ බලා පිටත් විය යුතුය....cameraවත් charge වෙන්නම දාල නිදා ගන්න ඕනෙ....බොහොවිට මෙය අද draft එකක් පරිද්දෙන් save කර තබා කොළඔ ගොස් පැමිණ පළ කිරීමට හැකිවේවායි පර්ථනා කරමි....නැත්තම් හැමදාම මේ විදියට තියේවි ඉදල හිටල තනියෙන් කියවල රස විදින්න....

අදට නිමි...සම්පත් ලියයි.


Some words got links to different web pages,images & videos move the mouse over them to feel the links on original post


Friday, August 15, 2008

1.පළමු සටහන

ඔන්න ඉතින් දවස් ගානක් ලියන්දෝ නොලියන්දෝ කිය කිය හිත හිත ඉදල අන්තිමේට මගේ අනතර්ජාල මිතුරු freed , මලී , බෝ ඇතුලු පිරිසගෙ blog වලින් ලද kick එක නිසාම ,හා හා පුරා කියල ලියන්න පටන් ගත්ත නමුත් මේක මම තාම වෙනකෙකුකට කියවීම සදහා සබැඳි ලබා දීමට බලා‍පොරෙත්තුවක් නෑ...මොකෝ මේක කියවල ඉගෙන ගන්න තරම් දෙයක් නැතිවෙයි...පොඩි පහේ kick එකක් නම් තියෙයි නමුත් ඊට වඩි දෙයක් නම් නැතිවෙයි.නමුත් ඉතින් හැමදාම නම් ලියන්න බැරිවෙයි කාලෙත් එක්ක ,එනික මගේ චීන මිතුරියක් සමග ඉංග්රීසි බසින් හව්ලේ ලියන්න ගත්ත online දිනපොත අමතක කරන්න බලාපොරොත්තුවක් නෑ.. ඈටත් සිංහල බැරි නිසා ඒක දිගටම ලියාගෙන යන්න තීරණය කලා..මේක සතියකට දෙතුන් වතාවක් හුදෙක් සිංහල බසින අන්තර්ජාලයේ හැසිරීමේ ආශාව නිසාම ඔන්න ඔහෙ ලියාගෙන යනව ස්වභාව ධර්මෙ විසින්ම කියවිය යුත්තා නොයුත්තා තීරණය කරයි.මට විනදනයක් තියෙන නිසා ලියාගෙන යනව...

අද අගොස්තු 15 වැනිද ..ඒ කියන්නෙ හරියටම තව දින 12 කින් මගෙ එක කුසේ උපන් සහොදරයගෙ උපන්දිනේ...දැන ගන්න ලැබුන විදියටනම් මරුම ආතල් එකක් ගන්න තමා යන්නෙ ඒ වෙනුවෙන්...dill chatha hai හින්දි චිත්ර පටියෙ වගේ convertable Mercedes benz එකක මගේ ලොකු නැන්දගෙ පුතාල දෙන්න අධීෂයි ,මිහිරන්තයි එක්ක දවස් දෙකකට විතර Cornwall යනව කියල තමා කීවෙ...මට කියල හදාගත්ත pendent එකේම වර්ගයේ තව එකක් හදල අයියට උපන්දිනේට යවන්න ඕනෙ කියල තීරණය කරේ දින කීපයකටම උඩදි..එකත් නම් දැන් නිමවෙල මයෙ කාමරේ දිලිහි දිලිහි ඉන්නව...නමුත් තාම යවන්න වෙලාවක් හමුබුනේ නෑ...එක්කො හිමින් සැරේ යනකොටම ගිහින් දෙනව...මොකෝ ඕක දිනේටම යන්න ඕනෙ ඈ...අයිය මයෙ හිතේ දැන් ගිනි කසේට වැඩ ඇති ....summer vacation එකට විශ්ව විද්‍යාල නිවාඩු නිසා හිටු කියල වැඩ කරනව කීයක් හරි වැඩිපුර එකතු කරගන්න...
අයිය කියන විදිය‍ට මෙහෙ ලක්සයක් හමාරක් ලොකු දෙයක් උනාට එහෙ මාසෙට ලක්ස තුනහමාරක් විතර කියන්නෙ සොච්චමක් ..එයාල Orprinton වල rent එකට ගත්ත කියපු අළුත් ‍ගෙදරට බඩු අදින්නයි වැඩ කරන්නයි ගියාම වෙලාවක් ඉතිරි වෙන්නෙ නැති නිසා දැනට දවස් තුනකින් අම්මට හෝ මට call ‍කරේ නැහැ..නැත්තම් වෙනදට දවස පටන් ගන්නෙ උදේම ඇහැරුන ගමන් අම්මට call එකක් දීල hi miss Ranjini කොහොමද කියල අහගෙන...මම නම් ඔය වෙලාවට කෑම කන්න ගෙදර ඇවිත් කෑම වෙලාවෙ..ඉත්න් කන ගමන්ම මොනා හරි වල් පල් ටිකක් කියවනව...මාත් ඉතින් හරි මචං මන් දැන් ආයෙත් වැඩට යන්න ඕනෙ කියල අම්මට දීල ටකස් ගාල කාල work shop එකට දුවනව...

අද නම් work shop එකේදි කිසිම ඉස්පාසුවක් ලැබුනෙ නැහැ...අද දවසට ආපු complete job ගාන 15 විතර මයෙ හිතේ...අපරදෙ කියන්න බෑ කොල්ලො ටික එක හුස්මට වැඩ කරගෙන ගියා...මොකෝ අද උතුරු මැද පලාතෙ එක්සත් ජාතික පක්ෂයෙ ඡන්ද අපේක්ෂක ජානක පෙරේර මහත්මයාගෙ ඡන්ද කටයුතු වල යෙදෙන වාහන 7 විතර service & Repairs වලට ආව....land cruiser Prado, land Rover defender ,Toyota Hiace ,Nissan Caravan ආදි මාදිලි වල ඒව...සමහර ඒවයෙ අංක තහඩු ගැනත් සැක සහිතයි නමුත් ඒවයින් අපිට වැඩක් නෑ වඩ ටික කරල බිල කඩල සල්ලි ටික ගන්නව...බර්ටි පේරේමලාල් මහත්තයට එක එක අමාත්‍යංශවල වාහන වල බොරු අංක තහඩු ගහගෙන එනවනම් ජානකට හමුදාවෙ landrover defender පාවිච්චි කරන්න බැරි මොකද කියල ඒත් මට හිතුන...නමුත් වැඩේ තිබ්බෙ අදම සන්ධානෙ වාහන ටිකත් ආවනම් තමා...දෙගොල්ලො ඇර ගන්නව එහෙනම්...නමුත් හොද වෙලාවට මීට කලින්ම ඒ සන්ධානෙ වාහන ටික ඇවිත් හදාගෙන කරගෙන ගියා ...ඒවත් මේ වගේ ජල්බරි වාහන තමා මට හොදට මතකයි මාර්ග සංවර්ධනෙ වහනයක් හොර අංකයක් එක්ක service කරන්න ආව...කොහොම හරි රජයෙ දේපල හිටු කියල සූරගෙන කනව...ඉතින් අපිට මොකෝ නේද...බදු ටික ටික ඉහල යයි එච්චරනෙ වෙන්න තියෙන්නෙ ......ඒ ටික විතරක් නම් මදෑ..ඊට අමතරවත් cluth plate replacement ,ac repairs,Hydrolic horse,break pad and Break shoe replacement,Electronic system repairs වලට අදාල වැඩ කැටියක්ම නිසා හුස්මක් ගන්න හමුබුනේ නෑ....ඒ මදිවට කලින් IOM(International Organization of Migrations/UN) එකට අදාල වාහන පෙරදින විදුලි පණිවිඩ මගින් දන්වලා තිබ්බ විදියටම 3.00 වෙනකොට ආව ...ඒ වෙනකොට DRC(danish Refuge Councill) එකේ Montero එකේ servicing ඉවර වෙලා තිබ්බ නිසා IOM එකේ වාහව වලින් එකක් ඒ වෙලාවෙම service එකට ගන්න පුළුවන් උනා....වර්ථමාන work shop එකට තවත් කොටසක් ඈදෙමින් පවතින නිසා ඒකට අදාල ඉදිකිරීම් කටයුතු ගැන පොඩ්ඩක් හොස්ස පොවල බලන්න උනා.ඒකත් පොඩි පහේ ඇනයක් තමා


මයෙ හිතේ මේ සතියනම් ඔළුව උස්සන්න හම්බෙන එකක් නැහ ...තිරිකූණාමලයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන නව ශෘකාවෙ pre planing කටයුතු සම්බන්ධව සොයාබැලීමට හෙට එහෙමත් නැත්තම් පෝය දිනයේ යාමට නියමිත බැවින් සූදානම් වෙන්න කියල පිය පාර්ශවය කීවත් ආයතනයේ කළමනාකාර පාර්ශවයෙන් ඒ ගැන මේ වන තුරුත් නියමිත පිළිතුරක් ලැබුනෙ නම් නෑ..නමුත් ඒක නම් ටිකක් විතර ආතල් වැඩක් මොකෝ මගේ අළුත් camcorder එකේ කීරීයාකාරීත්වය ගැන අත්හදා බලන්න පුළුවන්..ඒ එකක්ම මුහුදත් viedeo කළ හැකි.. හැබැයි ඉරිදටත් motor show ප්රදර්ශනය බලන්න කොළඔ යන්න පෙර සිටම තීරණය කරගෙන සිටින නිසා නිවාඩුවක් නම් ලැබෙන්නෙම නැති හැඩයි...ත්රීකුණමලය ශකාවට මිලදී ගැනීමට බලා පොරොත්තු වන අළුත් tools & equipment වලට අදාල motor show ප්රදර්ශණය හරිම වැදගත් වෙයි කියල හිතනව.mytools ආයතනයේ ප්රදර්ශන කුටියට නම් යන්නම වෙයි වගේ hikz hikz(එක සැරයක් alignment machine එකක් calibarations කරල එවන් පරක්කු උනා කියල gama call කරපු එක mr.Charith ට අමතක ඇති කියල හිතමු)..පිය පාර්ශවයත් සමග රාජකාරි මට්ටමින් සහභාගි වන නිසා වෙන ආතල් එකක් නම් නැති වෙයි වගේ...නමුත් ඒකත් එක්තරා ආතල් එකක් තමා.එන ගමන් නුවර ගියොත් පෙරහැරත් බැළුව හැකි නොවෑ..video vidoe වීඩියෝ...

කොහොම හරි වැඩ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ බොහොම පරණ මිත්රයෙක් වන චමීර ආව workshop එකට මාව හොයාගෙනම .මමත් වැඩ ටික settle කරල custommers rest room එකේ උෘත් එක්ක කදේකට වැටුන.....ඒ චමීරව දැක්කෙ අවුරුද්දකට විතර පස්සෙ.අම්මට බෙහෙත් ගන්න කහටලස්දිගිලියෙ ඉදල අනුරාධපුරේට අපු නිසා මාවත් බලල යන්න හිතිල...අපි ඉතින් philosoply ,Akira Kurusowa,School of visual art(Japan), වගේ නෙයෙක් නොයෙක් දේ ගැන කථා කරා.චමීර ජපානයේ school of visual art හි චිත්රපටි කලාව සම්බන්ධව අධපනයක් ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා akira kurusowa ගෙ last samurai වගේ ‍film ගැන අතල් talkaක් ගිය..ඔය අතරෙ තමා දැක්කෙ මගේ තවත් එළකිරි මිත්රයෙක් වෙන පුබුදුගෙ sms එක "ube phone eka wada nadda ban" ගෙදර ගිහින් නාලම කථා කරනව කියල සාක්කුවෙ ඔබා ගත්ත....වෙලාව 6.30 ට විතර ඇති චමීරලා අම්ම chanel එක ඉවර වෙලා call එක දෙනකොට....
ඔන්න ඉතින් ගෙදර ඇවිත් නාල එහෙම පුබුදුවට call එකක් දීල තමා මේක ලියන්න පටන් ගත්තෙ...දැන්නම් වෙලාව 8.30...අම්මත් එක්ක walk එකක‍ට යන්න වෙළාව හරි...

අදට නිමි...සම්පත් ලියයි

සබැදි සහිත පද-,freed, malee , බෝ
,මරුම ආතල් Cornwall, Orprinton, Pendent, Dil chatha hai, Akira Kurusowa.these words got links to defferent web pages, move ur mouse over them to feel the links on original post