Friday, March 20, 2009

පත්තර මල්ලි

1.අපි ලංකාවේ පෙලීසිය යම් යම් අවස්ථාවලදි හැසිරුනු විදි අතවිදල පෙලීසිය තුට්ටුවකට මායිම් කරපු නැති අවස්ථා තිබ්බනේ..ඉතින් ඒව එහෙම තියෙද්දි මේක කිය වල බලන්නකො සමහර එංගලන්ත පෙලිස් මහත්තයලගෙ වැඩ
.... මුනුත් එකම තමා..

කියවන්න පිංතූර උඩ කොටන්න....













2. වගේම සිංහල කොල්ලන්ට එංගලන්තෙට අපුවාම තමන්ගෙ රට ජාතිය අමතක වෙලා British ගතිය ඔළුවට ගහන හැටි බල්න්න මේක කියවන්න.....පිංතූරය කොටන්න










3.මෙන්න තවත් නියම වැඩක් කරල google...මේක තමා google map වලට අළුතෙන්ම ආපු අංගය..නමින් street view..මුලු ලන්ඩනයෙම බහුතරයක් පාරවල් අපි පාර හිටගෙන බලනකොට පේන ඇත්ත විදියටම බලන්න පුළුවන්...(or 360 degree view)

ඔන්න try කරන්න..
go to - http://maps.google.co.uk/

type postcode - SE1 7PB



දැන ඔය කහ පාට මිනිහ drag කරල ගිහන් westminister bridge එකට දාන්න...වටේ කැරකිල බලන්න..කොම්පියුටරෙන්ම london යන්න...



ඔය post code එකෙන් london eye බලතහැකි....
මම ඉන්න පැත්තෙ කරක් ගහන්න මේ post code එක යොමු කරන්න(BR5 1LZ) ඊට පස්සෙ tag කරල පෙන්නන තැන පාරකට මසුස්සය ඇදල ගිහින් දාල හති වැටෙන කන් ඇවිදින්න...මරු නේ...මෙන්න මට පෙනුන විදිය...





















ඒ ඔස්සේ අපේ flat එකේ පිංතූරයක් තමා යටම තියෙන්නෙ...ඉදල හිටල මාව බලන්නත් එන්න...
වැඩි විස්තර-

Wednesday, March 18, 2009

MD ජෑම්

දැන් එක්සත් රාජදානියට වෙලාව උදේ 8ට විතර ඇති...කොහොමත් බදාද විශ්ව විද්‍යාල බදාද නැහැ ..ඒ වගේම අද වැඩටත් යාමට නැති නිසා මොනා හරි ලියන්න ඕනෙ කියල ඊයෙම හිතාගෙන තමා හිටියෙ...සාමාන්‍යයෙන් යුනි යන හැම දාම පාන්දර අවදි වෙන නිසා අද 7 වෙනකන්ම නිදිය ගත්ත...ඇහැරල මුණ කට සොදල කහට උගුරක් බොන කොට තමා මතක් උනේ ඊයෙ ගෙනාපු MD දිව්ල් ජෑම් බෝතලේ...ඒක ගත්තෙ Lewisham වල ලාංකිය දමිල කඩයකින්...එයාලට හැබයි ලාංකීය කියන්න පුළුවන්ද කියන ගැටළුවකුත් තියෙනව මොකද කඩේට ඇතුළු වෙන තැනම තියෙන්නෙ ලංකාවෙ උඩ කොටස ඇසුරෙන් සාදපු සිතියමක රෑපයක් අලවපු ආධාර එකතු කරන කැටයක්...සමහර විට ඒ අමුතු ලංකාවක් වෙන්න ඇති...කොහොම හරි ඕවයින් අපිට වැඩක් නෑ මොකද මට නම් තාම ලංකාව මම පුංචි කාලෙ ලංකාව ඇදපු විදියටම තියෙනව..ලබු ගෙඩියක් ඇදල උඩට වෙන්න වම්පැත්තට නෙරපු දිවක් දානව...ඕක තමා මගේ පු‍ඩි කාලෙ ලංකාවෙ හැඩය පිළිබද සංකල්පය ..කොහොම හරි පාන් පෙති දෙකකුත් toast කරගෙන බටර් සහ MD ජෑම් ගාල කෑවෙ කහට උගුරකුත් බොන ගමන්ම...අපි ලංකාවෙ යුද්ධය ඉවර උනා කියල හිතමු...එතකොට ලංකාව එක පාරටම සුරපුරක් වෙයිද...??? මොනා නැතත් කෝටි ගන්න යුධ විදයදම් නම් ඉතුරු වෙයි...ලංකාව ගැන ලොකයේ පෙර පැවති අනාරක්ෂිත භාවය පිළිබද සංකල්පය බොහෝ දුරට අඩුවෙයි...අපි ඒ හරහ ලංකාව දියුණු කරන්න පුළුවන් මං මාවත් සිය ගන්න විවෘත්ත වෙයි...නමුත් මතක තියා ගත යුතු දෙයක් තියෙනව ,ලෝකෙ යුද්ද නැති උනාට අන්ත අසරණ තත්ව වල ඉන්න රටවලුත් තියෙනව..ලංකාවටත් මේ ලැබෙන අවස්තාව හරියට යොදා නොගත්තොත් එතනින් ඉවර වෙන්නත් බැරි නෑ...මොනා උනත් අපි එහෙම නොවේවා කියල පාර්ථනා කරමු...මම මේ වෙන රටක ඉදන් බයිල කියනව වගේ කියලත් මට වෙලාවකට හිතෙනව නමුත් මම නම් ඉදිරි වසර සතර ඇතුළත නැවත ලංකාවෙ පදිංචියට එනව...කොච්චර සැප පහසුකම් තිබ්බත් අපේ හිතට දැනෙ නිදහසක් තියෙන්නෙ ලංකාවෙ.


සම්පත් ලියයි...
මාර්තු 18

Tuesday, March 17, 2009

Asylum


this article was on "The Guardian" Newspaper 16th of march 2009...sooner we will able to hear about same scenarios related to sri lankans....

Sunday, March 8, 2009

අපේගී ඇසුනේ අපට පමණි



අපි ගොඩක් අය කියන දේ‍වල් මේකෙ තියෙනව නේද කියල හිතුන...මම හරිම ආස තවත් සිංදුවක් ක‍ලෙකට පස්සෙ අහන්න ලැබුන...

දෑස පියාගත් කල...



ටිකක් විතර කාර්්‍යය බහුලයි....සමාවන්න