Saturday, October 11, 2008

29.Brain flush


මේක නම් ලියන්න තරම් මහ දෙයක් නොවුනට මට කවද හරි දවසක කියවල සතුටු වෙන්න පුළුවන් වෙයි කියල හිතල ලියන්නෙ...බොහො විට මෙහි පොඩිම සටහන...

මම මේ ආයෙත් ඉගෙන ගන්න පටන් ගත්තෙ බර කාලෙකට පස්සෙ...දැන් අම්මෝ ඇති වෙන්න වැඩ...දැන් සෑහෙන කාලයක් තිස්සෙ මොලේ ඇතු‍ලෙ මල් ගස් පැල වෙලා තිබ්බෙ...ඒ කිව්වෙ කලාවට බර වෙල...දැන මම ටික ටික ඒව ගලවල බට සුද්ද කරනව...නිකන් මලකඩ බැදිල වගේ..දැනනම් බොහෝ දුරට මල කැඩීම ඉවර වේගෙන යන්නෙ..ඊට පස්සෙ වැලි කඩ දාසි වලින් මැදල සුමට කරන්නත් ඕනෙ.... අර වාහනේ රේඩියටරේට flush දාල මලකඩ සුද්ද කරනව වගේ brain flush එකකුත් තිබ්බනම් මාරම වටිනව...කවද හරි හැදේවා කියල පාර්ථනා කරනව....ඇත්තටම මිනිස් මතකය කියන දෙය නම් හරිම අපූරුයි...

සම්පත් ලියයි...

Friday, October 10, 2008

28.Once


කාලෙකට පස්සෙ මේක පැත්තෙ ආවේ...හෙට නිවාඩුවක ලැබුන නිසා ටිකක් රෑ වෙනකන් ඉන්න ඕනෙ කියල හිතුන......

ඒ අස්සෙත් මාර කරුම තමා මතක් වෙන්නෙ...මේක මම අම්බානෙක ආස movie එකක එන අපූරු සිංදුවක්...මේක බලද්දි මම පරණ පේම් කරපු ගැහුනු ළමයෙක් මතක් වෙලා අ‍පූරු මනෝ කන්දකටත් පාර කැපුව...ඔයාලත් අහලම බලන්න...මේ කථාවෙ තියෙන්නෙ චෙක් ජනරජයෙන් එංගලන්තයට ආපු ගෑනු ළමයෙකුගෙත් එංගලන්තයෙ කොල්ලෙක් අතර බැදුන අපූර ආදර(ටිකක් විතර සැකයි) කථාවක්.....Movie name-Once

<-මෙන්න මේ ටික කියවල බලන්න...එතකොට ඔයාලටම තේරෙයි වැඩ කාරයන්ට බොරු බෑ කියන කථාව....
oscoar winner music (song)
move-once
song-falling slowly
Boomp3.com

වඩි විස්තර (මෙතන කොටන්න)


පුංචි ගැටළුවක්...අපි කවද හරි සිරාවට love කරපු ගෑණු ළමයෙක් තාවකාලිකව කොපමණ අමතක උනත් ස්ථීරව නම් අමතක කරන්න බෑ නේ..?? hikz hikz

I wish I could say her....I love you again!.....


Thursday, October 2, 2008

27.මිතුරන් හා මම

xpa නලීන් රවී මලී හරේ පුබුදු සමී පමී බෝ(හරියටම දන්නෙ නෑ ඔය අහු මුලු වලින් කියවල ඇද ගත්ත රූපයක් තියෙනව)වගේ මගේ online මිතුරන්ට කොහොමද කියලවත් බලන්න වෙලාවක් නෑ..උදේ 5.30 ඇහැරල දවස ඉවරවෙනකොට හැමදාම 11 ත් පහුවෙලා.....බඩිගිනි වෙලාවට කන්න,නිදිමත වෙලාවට නිදා ගන්න,හිතුන ගමන් ‍film බලන්න,සමාජය ගැන තර්ක කරන්න දැන් අමතක වේගෙන යනව...වේලාවට දුවන කොච්චි, බස්, lectures,tutorials,lab වල‍ට හිරවේගෙන ‍හිරවේගෙන යනව...නමුත් කරපු තර්ක ඔස්සෙම ඕනම තත්වෙක ඉදන් මිනිස්සුන්ට ජීවිතය රසවිදින්න පුළුවන් කියන පදනමේ ‍ඉදන් දුවනව......උඹල ඔක්කොටම ජය වේවා...!

සමාජෙ එකට හදුන වැඩුන මිතුරන්ටත් මේ සෙතේම තමා.....නමින්ම කිව්වොත් උදිත තරංග මහේෂ අසංක චමීර වගේ මිත්තරයොත් mr.කරුණාවර්ධන mr.කරු mr අනුරුද්ධ,පොඩි අජිත් අයිය, ලොකු අජිත් අයිය, ගනේෂ ,දුනෂ්ක වගේ අපේ ආයතනයේ මගේ ගුරුවරු වගේ තාක්ෂණික ශිල්පියොත් එමට මතක් වෙනව....

ඒ අතරෙ නිවාඩුවක් ලැබුන ගමන් අහන එකම සිංදුව...



කා ගාව හරි තියේනම් මේ සිංදුවෙ mp3 එක ලබාදෙන්න...