Wednesday, March 18, 2009

MD ජෑම්

දැන් එක්සත් රාජදානියට වෙලාව උදේ 8ට විතර ඇති...කොහොමත් බදාද විශ්ව විද්‍යාල බදාද නැහැ ..ඒ වගේම අද වැඩටත් යාමට නැති නිසා මොනා හරි ලියන්න ඕනෙ කියල ඊයෙම හිතාගෙන තමා හිටියෙ...සාමාන්‍යයෙන් යුනි යන හැම දාම පාන්දර අවදි වෙන නිසා අද 7 වෙනකන්ම නිදිය ගත්ත...ඇහැරල මුණ කට සොදල කහට උගුරක් බොන කොට තමා මතක් උනේ ඊයෙ ගෙනාපු MD දිව්ල් ජෑම් බෝතලේ...ඒක ගත්තෙ Lewisham වල ලාංකිය දමිල කඩයකින්...එයාලට හැබයි ලාංකීය කියන්න පුළුවන්ද කියන ගැටළුවකුත් තියෙනව මොකද කඩේට ඇතුළු වෙන තැනම තියෙන්නෙ ලංකාවෙ උඩ කොටස ඇසුරෙන් සාදපු සිතියමක රෑපයක් අලවපු ආධාර එකතු කරන කැටයක්...සමහර විට ඒ අමුතු ලංකාවක් වෙන්න ඇති...කොහොම හරි ඕවයින් අපිට වැඩක් නෑ මොකද මට නම් තාම ලංකාව මම පුංචි කාලෙ ලංකාව ඇදපු විදියටම තියෙනව..ලබු ගෙඩියක් ඇදල උඩට වෙන්න වම්පැත්තට නෙරපු දිවක් දානව...ඕක තමා මගේ පු‍ඩි කාලෙ ලංකාවෙ හැඩය පිළිබද සංකල්පය ..කොහොම හරි පාන් පෙති දෙකකුත් toast කරගෙන බටර් සහ MD ජෑම් ගාල කෑවෙ කහට උගුරකුත් බොන ගමන්ම...අපි ලංකාවෙ යුද්ධය ඉවර උනා කියල හිතමු...එතකොට ලංකාව එක පාරටම සුරපුරක් වෙයිද...??? මොනා නැතත් කෝටි ගන්න යුධ විදයදම් නම් ඉතුරු වෙයි...ලංකාව ගැන ලොකයේ පෙර පැවති අනාරක්ෂිත භාවය පිළිබද සංකල්පය බොහෝ දුරට අඩුවෙයි...අපි ඒ හරහ ලංකාව දියුණු කරන්න පුළුවන් මං මාවත් සිය ගන්න විවෘත්ත වෙයි...නමුත් මතක තියා ගත යුතු දෙයක් තියෙනව ,ලෝකෙ යුද්ද නැති උනාට අන්ත අසරණ තත්ව වල ඉන්න රටවලුත් තියෙනව..ලංකාවටත් මේ ලැබෙන අවස්තාව හරියට යොදා නොගත්තොත් එතනින් ඉවර වෙන්නත් බැරි නෑ...මොනා උනත් අපි එහෙම නොවේවා කියල පාර්ථනා කරමු...මම මේ වෙන රටක ඉදන් බයිල කියනව වගේ කියලත් මට වෙලාවකට හිතෙනව නමුත් මම නම් ඉදිරි වසර සතර ඇතුළත නැවත ලංකාවෙ පදිංචියට එනව...කොච්චර සැප පහසුකම් තිබ්බත් අපේ හිතට දැනෙ නිදහසක් තියෙන්නෙ ලංකාවෙ.


සම්පත් ලියයි...
මාර්තු 18

7 comments:

නලින් (Boman) said...

මොකෝ බන් උඹත් මං වගේ ඩයට් කරනවද? උදේට පාන්පෙති දෙකක් විතරක් කන්නෙ.
අපි බලමුකෝ සිවු වසරකින් අපි හමුවන්නෙ මොනවගේ ලංකාවක් ඇතුලෙද කියල.

ravi said...

aniwa lankawata enna..anemanda ayye mama iiye "mage rata" thread eka apahu baluwa...maaaaara dukak hitune..kohomath mata mee dawas wala gokkola penawa wadi..mona weida danne na.
lankawee rajaya mee awasthawen hariyata prayojanee gaththe nathnam ara marichcha weerayange marana wala wandiya kumana hoo kramayakin wade kada kappal karapu ayagen ganenawa.

Priyankara Perera said...

පාන් පෙති 2 යී කිව්වේ පාන් රාත්තල 2 කට කපලා ගත්තු කෑලි දෙකටද ? :D

Priyankara Perera said...
This comment has been removed by the author.
සම්පත් බංඩාර said...

@ nalin
සිරාවටම පාන පෙත් දෙකයි යකෝ....වෙන මෙනවත් නෙවෙයි තිබ්බෙ දෙකයි...lol

@ රවී
දුක් වෙන්න එපා මල්ලි...ඕව ඔහොම තමා...හබයි පුතෝ ගොක් කොළ දකින එක නම් ඇගට ගුන නෑ..බලු කපු‍ටු දානයක් වත් දීපන් ..හික් හික්

@ප්‍රිය
දෙකයි බොල තිබ්බෙ...හික් හික්...එතකොට රාත්තල නොකප කෑවනම් පෙත්තයි කාල තියෙන්නෙ නේ....එකත් නරක නෑ

malee_msg said...

දිවුල් ජැම් එච්චර රස නෑ අප්පා

සම්පත් බංඩාර said...

ඔන්න කිව්ව කථාවක්...දිව්ල් ජෑම් රස නැහැලු..උඹ එහෙනං නොකා හිටපං..මම නම් කනව...මම නම් දිව්ල් වලින් හදන හැම දේකටම වගේ ආසයි...ඉදිනු දිව්ල් ගෙඩියකට සිනි හොදට දාල ලුනු චුට්ටක් දාල හොදට කවලම් කරල කන්න පුළුවන් බඩ පැලෙනකන්..ඒ වගේම තමා දිවුල් කිරි...අම්මා කෙළ ගිලෙනව..හැබයි ඉතින් ඔය මලී ලගෙ පැති වල දිවුල් තියෙනවද දන්නෙ නෑ..කොළඹ බහුතරයක් තියෙන්නෙ අපේ පැතිවලින් අමුවට කඩන් ගිහින් මඩේ ගහල හොරට ඉදවපුව..ගහේම ඉදුන ඒව තමා නියම...‍ මෙහෙ(UK) හැබයි සිරා ස්ටෝබෙරි ජෑම් නම් තියෙනව....any way දිව්ල් ජෑම් වලට මොනාත් කියන්න එපා හරි...