Sunday, February 15, 2009

කාලෙකට පස්සෙ

මගේ දිනපොත පුස්කාල මකුළු දැල් බැදිල ගිහිල්ල...නමුත් මම මේක හරහ හරිම අපූරු වින්දනයක් ලබුව කාලයක් තිබ්බ...ඒ කාලෙ හරි සුන්දරයි...නලින් හරේ මලී ධනූ ඔක්කොම එක තරගෙට ලියනව..වැඩ ඇරිල ගෙදර ඇවිත් ඉදගන්නෙ මුන් මෙනවද ලියල තියෙන්නෙ කියල බලන්න...එතන තිබ්බෙ හරි අමුතු හැගීමක්...විකාර කියල තව කෙනෙක්ට හිතුනට ඒක හරහ හරිම ආශ්වාදයක් ලැබුව ජීවිතය ගැන හාර ඇවිස්සුව....නමුත් මම එංගලන්තයට ආවත් හරි දින 5කට වඩා ලියල නැතුව ඇති...කියවලත් නැතුව ඇති...එක වෙලාවකට ඒ ගැන හිතද්දි ටිකක් දුකත් හිතෙනව....නමුත් ඉතින් වෙලාවත් එක්ක සටන් කරන්න ගියාම ‍මෙහෙම දෙවල් වෙන කියල සාධාරණ වාදයක් දානව.....

සතියට දවස් 4ක් අධ්‍යයන කටයුතු..‍ඉතුරු දින ටිකේ බොහොවිට වැඩ...සදුද උදේ 6ට පටන් ගත්තාම 4ට uni එකෙන් එළයට එන්නෙ වැඩට යන්න බලාගෙන ටකස් ගාල බැග් එකේ ඔබාගෙන යන uniform එක ඇදගෙන වැඩට යනව...එතන වැඩ ඉවර වෙලා ගෙදර එනකොටම 12.30යි ඊට පස්සෙ නාල නිදියගන්නකොට 1කටත් කිට්ටුවෙලා...මහන්සියට 6 ‍වෙනකොට ඇහැරෙන්නෙ නැතිවෙයි කියල අලි සද්දෙට alarm එක තියල නිදයනව...ඔන්න ඉතින් 6 ට ඇහරල ආයෙත් කොච්චියට...ආයෙ අගහරුවාද lectures ඉවර වෙලා ගෙදර එද්දි 8යි...එදාට තමා ‍ඉතින් සදුද අගහරුවාද උගන්නපු දෙයක් බලා ගන්නවත් හම්බෙන්නෙ..බදාද නම් දෙයියනේ කියල uni නැහැ...නමුත් බොහෝ දුරට එදාට වැඩ...එක්කො උදේ ඉදන් හවස 6 වෙනකම් නැත්තම් 6 ඉදන් රෑ 12.30 වෙනකම්...එදා දවස වැඩ නැති උනොත් පොතක් පතක් බලල පොඩක් relax එකේ ‍ඉන්නව...නමුත් බ්රහස්පතින්ද ඉදල ආයෙත් යුද්දෙ...එදාටත් වෙනද වගේ 6ට පටන් ගත්තාම ගෙදර එනකොට 7 හෝ 8 වෙනව...සිකුරාදත් සදුද වගේම තමා...uni එකෙන් එළියට එන්නෙ වැඩට දුවන්න බලාගෙන....එදාට නම් ගෙදර එන්නෙ බාගෙට මැරිල..මෙකද සිකුරද සෙනසුරාද කියන්නෙ මෙහෙ මිනිස්සු out යන දවස් දෙක ඉතින් වැඩ ඉවර වෙනකොට පාද්දර 1යි..ගෙදර ඇවිත් නාල හෙම නිදියන කොට කොහොමත් 2ට විතර ඇති...සෙනසුරාද උදේ බොහොවිට නිවාඩු නමුත් හවස ආයෙත් වැඩ ....එදා දවසත් ඉවර වෙනකොට 1යි අයෙත් ඉරිද බොහොවිට 2ට වැඩ...2ට පටන් ගන්න shift එක ඉවර වෙන්නෙ රැ 10.30ට....නමුත් ඇදුම් මාරුකරගෙන එළියට එනකොට 10.46 train එක අල්ලන්න වෙලා මදි...වැඩ කරන තැන ඉදල station එක ගාවට විනාඩි 10ක් විතර ඇවිදගෙනත් යන්න තියෙන නිසා කොහොමත් 11.11 තියෙන එක තමා ආයෙ ගන්න වෙන්නෙ...අද මම මේක ලියන්නෙ ඒ වගේ ඇවිත්..එකනොට අපේ නැන්දගෙ පුතා බත් උයල සම්බොල හදල බිත්තරයක් බැදල මට තයල තිබ්බ ..දැක්ක ගමන් පෙරේත කමට ඒක කෑව...හරියට කෑම වේලකට ලංකාවට ගියා වගේ..දැන් වෙලාව 12.46....මෙක ලියන්නෙ නැතුව දමල ගහල නිදාගන්න තිබ්බ...නමුත් රෙදි ටික තාම washin machine එකේ හේදෙනව....ඒ ටිකත් වනලම නිදිය ගත්තනම් හෙට උදේට කඩි මුඩියෙ ඕක වනන්න ඔනෙ නෑ කියල හිතුන...හෙට ආයෙත් 6ට ඇහැරල සුපුරුදු පරිදි සතියක් පටන් ගන්න ඕනෙ....

මේ වගේ පුළුවන් පුළුවන් වෙලාවකවත් මේක ලියන්න ඔනෙ ..කවද හරි දවසක් කියවල අතීත ආවර්ජනයක් වත් කරන්න බෑරියෑ......

ලක් වාසී ලොක වාසී සියළු දෙනාට ජය...මම නවතිනව...!


සම්පත් ලියයි....

3 comments:

නලින් (Boman) said...

කාලෙකට පස්සෙ නේන්නම්. මේක කියවද්දි මට මතක් උනේ Lola Rennt ච්ත්‍රපටයේ ලෝලා ගේ දිවිල්ල. සම්පත් මාර දිවිල්ලක්නේ දවස්පතා දුවන්නේ.
ඉස්සර ලියපු ලිවිල්ල ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ෆ්‍රීඩ් කියන විදිහට කියනවනම් බෝංචි තවානුයි වමන ගොඩවලුයි හිටු කියල දැම්මනෙ.ඉඩ ඇති වෙලාවට ලියපන් මචෝ.අපි බලාගෙන ඉන්නව.
ජයවේවා උඹට!

malee_msg said...

අම්මියෝ.. සම්පත් අයියා ලියලා කාලෙකින්.. මෙන්න ලොකූ හග් එකක්! ඔහොම තමයි අයියේ.. ජිවිතේ ඉතිං සැප පුටු වල වාඩි වෙලා සැප ගන්න කලින් ඒ පුටුව හදාගන්න දුක් විදින්න වෙනවා ටිකක්..! අතීතය විදියට හැමදාම ගෙවෙන්නේ නැතුවට කමක් නෑ අඩුම ගානේ මතක් කරලා සතුටු වෙන්න වත් අතීතය මතක තියනවානේ.. ඒ මදිද? ආයේ රෙදි සොදන වෙලාවක ලියන්නකෝ එහෙනම්.. ජයවේවා...!

සම්පත් බංඩාර said...

දැන් වෙලාව හරියටම 2.18යි...ආයෙත් හෙට 6ට ඇහැරෙන්න එපෑ මචංලා...මම නිදියන්න යනව..අද මුංගෙ පාසැල් නිවාඩුව පටන් ගත්ත..පෝලිං ගහල කොල්ලො කෙල්ලෙ අද town වල...වැඩ ඉවර වෙලා එලීයට බහින කොටම 1.15යි...ජය වේවා මගෙ බෝ හරේ මලී තුන්දෙනාටම....ආයෙත් උඹලගේ reply කියවද්දි අතීතෙට ගියා වගේ...හරියට මහ ගෙදර set උනා වගේ...

සම්පත්
2.23am