Friday, February 27, 2009

ඉටිස් අ බියූටි‍්‍‍‍ෆුල් ඩේ මයි ෆරෙන්ඩ්

අද නම් පුතෝ ලියන්න යන්නෙ කොහොල්ලෑ වගේ ඇලෙන ඇදෙන storiයක් කියල ඉවෙන් වගේ දැනෙ‍නව...නමුත් ඊට කලින් අපේ නලින්ද මැල් රවී සහ දණුෂක යන මහත්තයලව මතක් කරන්න ඕනෙ...ඒ ඇත්තෙ හොදින් ඉන්නව ඇති කියල බලපොරොත්තු වෙමුකො...ඔන්න හරියටම මේක පටන් ගන්නෙ පෙබරවාරි 26 බ්‍රහස්පතින්දයින්..එදාට අදාල පළමු lab session එක පටන් ගන්න තිබ්බෙ දවල් 11ට,නමුත් engineering facultiයට යන නොමිලේ බස් සේවාව උදෑසන 7.40ට මහ විශ්ව විද්‍යාලයෙන් පිටත් වෙන නිසා 8.30 වෙන කොට facultiය ඇතුලෙ...ඔන්න ඉත්න බැහැපු ගන් හිතුන විශ්ව විද්‍යාලයේ ඇතුලෙ නවාතැනේම නතර වෙලා ඉන්න සුරේනට call එකක් දීල ඌ මොකද කරන්නෙ කියල බලන්න...සුරේන දෙමල නමුත් සිංහල පාසලකට ගිය නිසා සිංහල අවුලක් නෑ..ලංකාවෙ පදිංචිය වැල්ල වත්ත.....මාත් එක්ක එතකොට තවත් මගේ වසරෙම ඉගෙන ගන්න අපිත් එක්ක නිතර දෙවේලෙ සෙට්වෙන සචිතුත් හිටිය...කොහොම හරි බස් එකෙන් බැහල සුරේනට කොල් එක දුන්න....its a beautiful day my friend..exact time for you to get up.. we re going to visit you now..! මම ඒ කොමිටලේට වගේ කිව්වෙ මොකෝ සුරේන් හොද නිදි කුම්බරය....oww no man I just got up..my room is too messy ,give me half an hour I ll keep it tide up and then put you ass here...මමත් allright allright just give us a ring when you are ready කියල තිබ්බ...සචිත් උදේට කෑවෙ නෑ කියල අවන්හලට යමු කිව්ව..මම නම් උදේට ගෙදරින් කාල යන නිසා කෑවෙ නෑ...කොහොම හරි කාල ඉවර වෙලා 8.50ට විතර සුරේන‍ට chocolate chip cokies packetටුවකුත් අරගෙනම ගියා..Wolf accomadation එකේ එක තට්ටුවක කාමර 5යි..එක පොදු කුස්සියයි සෑම කාමරේකටම යිබද bathroom එකයි...කාමරේ හරියටම කිව්වොත් අඩි 6 x අඩි 12 ක් ඇති...single ඇදයි බිත්තියට යාබද මේසයයි ,අල්මරියයි නැව්වල තියෙනව වගේ හුනඩුවක් වගේ bathroom එකයි...කොහොම හරි සචිය සුරේනගෙ පුටුවෙ මායි සුරෙයි ඇදේ වාඩි වෙලා කදයක් දාගෙන හිටිය...බිස්කටුත් කන ගමන්...අනම් මනම් විකාර කථා කර කර කොහොම හරි 9 ඉදන් 11 වෙන කම් කාලෙ කාල lab එකට තුන්දෙනාම ගියා...ඒක 1ට ඉවර වෙලා අනික තිබ්බෙ ආයෙ 2කට කොහොම හරි ඉවර වෙනකොට 3.45 විතර උනා...4.15ලෙ නොමිලේ බස් සොවවට නැග නැවත lewisham එනකොට 5ට විතර ඇති...lewisham කියන්නෙ londonයට ආසන්න අදික මිශ්‍ර ජනගහනයක් ඉන්න පැත්තක් ....10ක් ගත්තෝත 10ය සම් පාට 10ක්....පිරිසිදු තාවය අතිනුත් බොහොම අඩුයි...කොටුව වගේ තමා...නමුත් ඉතින් අඩුවට කොණ්ඩෙ කපා ගන්න යන්නෙ ඔය පැත්තට තමා...සාමාන්‍යයෙන් මෙහෙ barber සාප්පවකින කපන්න පව්ම් 11ක් විතර යනව..නමුත් lewisham වලින් පවුම් 5කට විතර කපා ගත හැකි...කොහොම හරි lewisham වලින් බැහැල කොණ්ඩෙත් කපාගෙන ගෙද ආව...සචිත් ඉන්නනෙත් අපි ඉන්න පැත්තෙමයි නමුත්සචිත් කෙලින්ම ගෙදර ගියා.....කොහොම හරි ගෙදර අවිත උය පිහල කාල නාල පොතක් පතක් බලල ඉවර වෙනකොට එදා දවස ඉවර උනා....කොහොම හරි රෑ විශ්ව විද්‍යාල රාජකීය විද්්‍යුත් තැපැල් පෙට්ටිය බලද්ද මෙන් මේක එවල තිබ්බ අපේ elelctrical principles වලට අදාල ගුරු බවත..ඒ කියන්නෙ සිකුරාද lectures cancel....

"
Hello Everyone,

I am so sorry to tell you that I have to go to China to see my mother
tomorrow(Thursday 27th February). She is now in hospital.............................
......................................................

I am so sorry for any inconvenience caused by my absence and thank you
very much for your support!

Best wishes to you!

R.Wu"


R wu චීන ජාතිකයෙක්...මල් තියල වදින්න වටින ගුරු තුමෙක්...මෙලෝ යකෙක්ට ගරු සරුවක් නැති සුද්දො පවා බොහො ගරු කරල කථා කරන චරිතයක්....හරියට හොද යාළුවෙක් වගේ තමා...මාරම කරුණවන්තයි...මලාට මල පණින්නෙ නෑ....‍මේ වෙන කොට සර් චීනයට ගිහින් ඇති...එතු‍ගෙ අම්මට ඉක්මන් සුව පාර්ථනා කරනව මේ එක්කම....

ඔන්න දැන මේක ලියන්නෙ සිකුරාද රෑ හරියට කිව්වොත් සෙනසුරාද උදේ පාන්දර....අද lecture එක cancel උනු නිසා ටිකක් පරක්කු වෙනකන් නිදාගෙන අයියත් එක්ක අයිය ගත්ත ඇදුම් වගයක ප්‍රමාණය පිළබද ගැටළුක් නිසා මාරු කරන්න ගියා...කොහොම හරි ඒ එද්දි 2යි...එනකොට papa Jhon pizza එකකුත් අරන් ඇවිත් කාල අයිය වැඩට ගිය මම එහෙම්මම නැවත බස් එකට නැගල orpington PC WORLD එකට යනකොට 3.30ටවිතර ඇති...laptop දැන් බොහොම වයස් ගතයි...RAM එක 512 නිසා ඒක update කරන්න ඕනෙ කියල හිතුන...මේ සතියෙ පඩිත් වැටිල තිබ්බ නිසා සුද්ද වගේ ගත්ත...මගේ lap top ram එකේ clock speed එක 400MHz pin ගාන 200...200 පින ram තිබ්බට තියෙන ඔක්කොම ram වල ජකදජන speed එක වැඩිය...PC world ආයතනේ තාක්ෂණික මහතෙකුගෙ සහය පැතුව...speed එක වැඩි උනාට ගැටළුක් නැහැලු ඒව clock down වෙල වැඩ කරන වළු....හැබයි පුතෝ වැඩ කරේ නැත්තම් අයෙ ගේනව...කොහොම හරි ඒක පව්මු 19.26....එකත් අරන් PC WORLD එකේ වටයක් ගහල ගෙදර එද්දි හරියටම 4.26...PC world එක ගවින් ORPINTON එන්න අංක 51 බස් එක එනකන් බර වෙලාවක් ඉන්න උනා...ඊට පස්සෙ ORPINTON වලින් Petts Wood එන්න 208 බස් එක ගත්ත...අම්මා ඉන්දියන් නංගිලා වගයක් නැග්ග 208 එකට මගදි . වව්ලල ච්ව්ලල පරාදයි....කියල වැඩක් නැහ සුපිරි තමා....කෙහොම හරි ඇවිත් ram එක ගහල බැළුව වැඩ...ගොඩ තමා...lap top එක යට කවරෙ වත් හයි කරන්න බැරි උනා අනිප්පැත්තට වැඩට ගියා...
Petts Wood station එකෙන් London Victoria යන් Train එක ගත්තාම හරියටම විනාඩි 12යි තත්පර 000000000.1 නි මම වැඩ කරන තැනට ,එහෙමත් නැත්තම් beckenham Junction වලට යත හැකි....හප්පා අද මොහෙට සැරටම ඉර පෑව්ව...ගෙවල් වල හැංගිල හිටපු ඔක්කොම එළි බැහැල ....පට්ටම busy....මගේ වැඩ කොටහ ඉවර වෙනකොට 1ට විතර ඇති.....මම එනකොට Daniel මල්ලි තාම වැඩ....1.15ක වෙන කොට london වල සාමාන්‍ය බස් සේවා බහුතරයක් ඉවරයි..ඉතින් night බස් සේවා තමා ගන්න ඕනෙ...train නුත් බොහො වට 12 ඉදන් 5am වෙන කම් නැහැ...කොහොම හරි Beckenham War memorial bus නැවතුමෙන් N3 බස් එකට නගින කොට 1.25යි...ඒකෙන් Bromley Common දක්වා ගිහින් එතනින ආයෙ N47 බස් එකට මාරු වෙන්න ඕනෙ...මේ බස් අංක වල N වලින් පටන් ගන්නෙ Night කියන්න...මේව‍ට ඉත්න් නගින බහුතරයක් හොද සිහියෙන් නෙමේ නගින්නෙ...කරටි කැඩෙන්න ගහල නගින්නෙ...කොහොම හරි මම Bromley වලින් බැහැල N47 එකක් එනකන් දැන් බලන් ඉන්නව...අද ඉතින සකුරාද රෑ නිසා කොල්ලො කෙල්ලෙ නස්පුට් වෙන් ගහල පාරෙ තැන තැන පිස්සු කෙලිනව....ඔය මම ඉන්න තැනමත් පොඩි pub එකක් තියෙනව...සමහරු කනු අල්ලන් කබරය දානව...තවත් ජොඩුවක් ආදරෙ වැඩි කමට අති රමණීය සිප වැලද ගැනීමක යෙදෙනව....ඔය අතරෙ මම හිටපු බස් නැවතුමේ කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි...කොල්ලට හොදටම වැඩියි....කෙල්ලෙ දෙන්න කොල්ලව බයිට් කරනව...බයිට් කරන විදිය තමා මරු...කොල්ල කෙල්ලො දෙන්නගෙ නම් අනුමාන කරල කියන්න ඕනෙ...කොල්ලත් හෝ ගාල ලොකෙ තියෙන ඌ දන්න ඔක්කොම නම් ටික කියනව....පළවෙනියෙන් නමක් කියල වරදියි කියපුවාව ටිකක් අහස දිහා බලං ඉදල තව එකක් කියනව.....ඒකත් වැරදිය කියපුවාම තව එකක්....මාරම කොමිටලේ තමා....අනේ අපරාදෙ කියන්න බෑ කිසි කම්මමැලි කමක් දැනුනෙ නෑ බස් එක් එනකම්ම්...ඇවිත් නාල එහෙම ham @ Chees දාපු SUB BUN එකක් Toast කාල ...laptop එකේ පසු පියනත් හයි කරල තමා ලියන්න ගත්තෙත....දැන් 4.33යි....හෙට වැඩ නැහැ...
අපේ ලංකාවෙ ගෙදරට එහා ගෙදර චන්දන අයිය මගේ හිතේ එංගලන්තෙට ආවෙ මීට අවුරුදු 15කට විතර කලින්...ගිය අවුරුද්දෙ ලංකාවට ඇවට පස්සෙ හම්බුනාට මෙහෙට අවට පස්සෙ හම්බුනෙම නැති නිසා අයතනෙ කළමණාකාර තුමාට බොරුවක් ගහල මේ සෙනසුරාද නිවාඩුවක් දාගත්ත චන්දන අයියව බලන්න යන්න...අය්ය කිව්වට බැදල ලමයි දෙන්නෙකුත් ඉන්නව...fit එකට තාම අයිය කියන්නෙ..මොකෝ අපි හුජ්ජ කොල්ලො කාලෙ අපිත් එක්ක සෙල්ලම් කරපු පොරවල් තමා.... manager ට කිව්ව Religious function එකක් තියෙනව කියල..මිනිහි ටකස් ගාල එදාට off එකක් දාල දුන්න...මුන් ආගම ගැන තකන්නෙ නැති නිසා එහෙම දෙයක් කියපු ගමන් ඔන දෙයක් කරල දෙනව...අපි full Religious බුවාල කියල...ඒ ඉවර වෙල අහනව උඹ muslim ද කියල...Buddhist කිව්වාම අපි අර වදිනව වගේ අත් හදල Ohooow Buddhist...ok man ,dont worry ,take your time..I ll sort it out ....මාත් බොහොම බක්තියෙන් thank you Elkar (ඉල්ක) කියල ආව...හෙට එහෙනම් අය්යත් එක්ක WATFORD යනව....සමහර විට හෙට රෑට චන්දන අයියත් එක්ක set වෙන්නත් බැරි නෑ....කොහොමත් චන්දන අයියට හෙට හෙද බොතලයක් අරෙගෙන යමු කියල කථාවක් අයිය කිව්ව...බලමුකො....එහෙනම් මම යනව නිදියන්න...එහෙනම් සුරේනට කිව්ව වගේ...Its a beautiflu day my friend....Time to get up.......For all the my නිදි ගුලු friends.....


සම්පත් ලියයි.....(පිස්සු කෙලල තිබ්බොත් ගනං ගන්න එපා නිදි මතේ වගේ ලිව්වෙ)

2 comments:

malee_msg said...

හායි.. ඉතිං දැන් ඔය යනවා කිව්ව දිහාවේ ගිහිං ආවැයි???

Anonymous said...

top [url=http://www.001casino.com/]free casino bonus[/url] check the latest [url=http://www.realcazinoz.com/]online casinos[/url] autonomous no set aside bonus at the best [url=http://www.baywatchcasino.com/]baywatchcasino
[/url].