Wednesday, February 25, 2009

විවේකය හා හා හා පුරා කණ්ඩායම් ඉදිරිපත් කිරීම

අද බදාදා...විශ්ව විද්‍යාල කාල සටහනේ සතියේ නිවාඩු දවස...කර්්‍යාල කාල සටහනේ වැඩ කිරීමට නියමිතව තිබ්බට වැඩ කරන තැන පේන නොපෙනෙන මානයේදි කළමණා කාර තුමියක වන පෝලිෂ් ජාතික ඉවී දුර කථන ඇමතුමක් දීල කයනව සැමී අද හිතපු තරම් කාර්්‍යබහුල නෑ ඒ නිසා ඔයා එන්න ඕනෙ නෑ කියල...අනේ ඉතින් මම ලගටම ඇවිත්...මොනා කරන්නද..හරි අවුලක් නෑ ඉවී නමුත් දැන් මම ‍ආයතනෙ ඉදන් විනාඩියෙ දුරේ ඉන්නෙ මම ඇවිත් ඔයාලව බලලම යන්නම් කියල කිව්ව ....වෙන මොනා කියන්නද ආපු එකේ නේද...ඉතින ලග තිබ්බ කඩේ කින් ඉවී අක්කටයි වැඩ කරන අනිත් කීප දෙනාටයි යෝගට්(muller crunch yoghurt with vanila & chocolate balls) 4කුත් අරගෙනම ගොඩ උනා...යනකොට අද පිළිගැනීමේ නිලධාරිනී francheska...hey sami how you doing?...කියන ගමන් ඇයගෙ කට පුරා හිනාවත් දාල hug එකක් දුන්න...francheska what the hell happened to your hand? ඒකි තමා අපේ ආයතනෙ ඉන්න ලාබාලම කෙල්ල මගේ හිතේ 17ක් වත් නෑ...අතේ bandage එකක් දාගෙන ඉන්න නිසා අරහම ඇහුවෙ...මොකෝ මම ඒකිව ගිය සතියෙම දැක්කෙ නෑ...yah sami..I went to Bulgaria for snow Boarding...it was not at all working for me ,I end up with this....අත පෙන්නන ගමන් කිව්ව...මදෑ ඉතින් පාසැල් නිවඩුවට හිම සෙල්ලම් කරන්න කියල ගිහින කර ගෙන තියෙන තරමක් නේද...වලලු කර ගාවින් මොනාද මගුලක් වෙලාලු වැටිල..කොහොම හරි කට්ටියටම හායි හූයි කියල, ඉවීටයි නාදියාටයි අනිත් අයටත් දෙන්න කියල යොගට් ටිකත් දීල, staff room එක පැත්තට යනකොට robyn ,cordination area එකේ ඉදන් seasoned olives මල්ලක් display Bowl එකකට දානව...robyn මම olives කන්න ආසයි කියල දන්නව...ඒ වෙලේ එතන කවුරුත් හිටියෙ නැති නිසා ‍රොබින් මට හෙරෙන්ම කොළ පාට ඔලිව් ගෙඩි 5ක් දුන්න මමත් ටකස් ගාල කාල දැම්ම...මොකද එහෙම කන එක ආයතන නීති වලට පට හැනියි...රෙබින් සහ නාදියා...ආයතනේ වැඩ කරන මගේ කිට්ටුම මිතුරියන් දෙන්න කිව්වත් නිවරදියි...නාදියා ඉන්දියානු සම්බන්ධතාවක් තිබ්බට ඉපදිලා තියෙන්නෙ සිම්බාබ්වේ නමුත් පියා Portugees සම්බන්ධයක් තියෙනව..ඉන්දි‍යවෙ ගෝව වල තමා නාදියාගෙ අම්මලාගෙ මුල් ගම් නමුත් තාම ඉන්දියාවට පය ගහලවත් නෑ...රොබින් නම් මව පියා දෙන්නම british..නමුත් ඉපදිල තියෙන්නෙ සිම්බාබ්වේ වල...වයස අවුරුදු නවයෙදි කළු සුදු ගැටළු නිසා නැවත මෙරට පදිංචියට ඇවිත්...ඔන්න මම එතනින් එන්න යනකොට රොබී ඇහුව presentation එක කොහොමද හොදට කළාද කියල...
හප්පා ඒක තමා විශ්ව විද්යාලයේ පළමු කණ්ඩායම් ඉදිරිපත් කිරීම...මගේ කණ්ඩායමේ හිටියෙ ලාංකීයම තවත් සිසුවෙක් වෙන චරිත්,ඉන්දියනු ජාතික yash,ග්රීක ජාතික neril හා ඉරාන් ජතික merzahd....හප්ප බලන්න ඔනෙ කට්ටිය හැමදාම අදින අදින denim කටු t-shirt විසිකරල ටයි පොලු දාල හෙම පොලිං ගහල ඉන්නව එක එක කණ්ඩායමේ වෙලාව එනකම්..අපේ කණ්ඩායමට තිබ්බ topic එක වෙලා තිබ්බෙ 4 stroke engine එක...සති තුනක් විතර තිස්සෙ පණ දාගෙ හොයගෙන කියවපුව දැන් ඉතින් කියපන්කො...මට තිබ්බ කොටස වෙලා තිබ්බෙ "Ongoing Advancements of the modern 4 stroke engine and Emission Control systems"...පළමු කණ්ඩායම් ඉදිරිපත් කිරීම නිසා ගනු කඩුව යනු සටනට වගේ තත්වෙක තමා හිටියෙ...කොහොම හරි variable valve timing,Twin spark,Lean burn technology,Force Induction වගේ විවිධ තාක්ෂණ අංශ කිපයක් ගැනම කියල ඉතිරි කොට කරන්න yashට බාර දීල කඩුව කොපුව ඇතුලට දාගත්ත....ඒකත් කොහොම හරි ඉවර උනා කියමුකො...viva එකනෙ කෙළ වෙන්නෙ...දීපන්කො ඉතින් දැන් උත්තර...දෙයියනේ කියල ඒකත් හොදින් ඉවර උනා..Mr.Snelling(Mechanical Principles lecturer) ට පිං සිද්ධ වෙච්චාවෙ!( මිනිහ අපිව අමාරුවෙ දැම්මෙ නෑ ) ...ඔන්න එහෙනම් ඒකත් ඉවරයි.....කොහොම හරි ඔය විස්තරෙත් රොබීට කියල ඉවර වෙනකොටම රොබින තටම තටම, hello hello නනනම මොකකකද්ද ඔයයයාගේ,කියාගෙනම ඉස්සරහට ගියා...දැන් සති කීපයක් තිස්සෙ ඔය සින්දු කෑල්ල උගන්නව ඕකිට තාම බෑ හරියට කිය ගන්න...බොහෙම අමාරුවෙන් කුකළ කියල නම් කියා ගන්නව....staff room එක පැත්තෙත් වටයක් දාල coca cola එකකුත් take away cup එකකට දාගෙන ඒක බිබී ගෙදර ඇවිත් තමා ලියන්න ගත්තෙ..එහෙනමු අදට ඇති...පස්සෙ නැවත හම්බෙමු....

සම්පත් ලියයි

2 comments:

malee_msg said...

එහෙනම් ඔන්න ඔහොමයි අපේ චර්මපත්‍ර මහතා සැමී බවට පත් උනේ නේ.. අනේ ඉතිං බලන්නකෝ.. ‍මිනිස්සු වෙනස් වෙන තරමක් හිකි හිකිස්...

‍අපිට තමයි ඉතිං වැනිලා ෆ්ලේවර්ඩ් යෝගට් විත් චොකෝ බෝල්ස් ගෙනත් දෙන්න කවුරුවත් නැත්තේ... හයියෝ...! :((

සම්පත් බංඩාර said...

@මලී-උඹට කියන්න මලී උනට කොච්චර කිව්වත් විස්වාස කරන්නෙ නෑනෙ මගේ මුළු නම් එච්චර දිගයි කියල...W.M.N.S.B.Uyanwatte උන්ට ඔය අකුරු වල නමුත් එක්ක මුළු නම කියද්දි ගල් වෙලා වගේ බලන් ඉන්නව..උන් හිතන්නෙ මම බොරුවට මොනා මොනා හරි කියනව කියල...අවසානෙට කොතනින වෙනස් විල්ල නතර වෙයිද දන්නෙ නෑ....නේ

@හරේ-කාට උනත් මට නම් නෙවෙයි කියල sure';D
එංගලන්තෙ ඉතින් කෑම කිව්වොත් chicken & Chips තමා බලන බලන අත..ඒක නිසා කුකුළ කියන්නෙ chicken කියන එක මෙහෙ උන්ට උගන්නල තියෙනව කියන්නෙ ලංකාවෙන් එන මතු පරපුරට ගැටළුවක් නැතුවම කඩේකට ගිහින් කුකුල් මස් අපේ බාසාවෙන්ම ඉල්ලන්න පුළුවන් කියන එකනෙ...