Tuesday, February 17, 2009

දෙයියනේ කියල කලින් ආව...

අද දෙයියනේ කියල lecture එකක් cancel උනු නිසා කලින් ගෙදර එන්න පුළුවන් උනා...දුම්රිය පොළට එනකොට හරියටම 2.22ට නමුත් කොච්චිය තියෙන්නෙ 2.43ට නිසා ලග තියෙන tesco super marcket එකට ගියේ කලින් දවසක ඕකෙ මැගී නුඩ්ල්ස් තියෙනව කියල ආපු ආරංචියට...මොකෝ හිටියෙ පට්ටම බඩ ගින්නෙ, අනික සිකුරාද සෙනසුරාද ඉරිද සදුද එක දිගට වැඩ කරල බාගෙට මැරිල හටියෙ..කථාව ඇත්ත කුකළු මස් රසැති මැගී පැකට්ටුවක් පැන්ස 29යි..පැකට් 4ක්ම ගත්ත...ගෙදර ඇවිත් ටකස් ගාල නූඩ්ල්ස් 2ක් හදාගෙන බිත්තරයක් බැදගෙන කැව..අම්ම මාර කාලෙකින් මැගී එකක් කෑවෙ...ලංකාවෙදි නම් ඔය හවසට අනියම් බඩගින්නක් ආවම කුස්සියට ගිහින් හදාගෙන කනව...නමුත් දැන් කොහෙද එහෙම ආතල් එකක්....කුස්සියට ඔය වගේ දේවල් ගාන්ට ගෙනත් තියන්න අම්ම අප්පච්චි නෑනෙ...කොහොම හරි ඕක කාල ඇග පත හොදල පැය තුනක විතර සැප නින්දක් දැම්ම..ඒ cover කලේ දවස් 4ක පුරප්පාඩුවක්...හවස නැගිටල අයියල ටිකට රෑ කෑම හදල පාඩම් වැඩ ටිකකුත් කරල තමා මේක ලියන්න ගත්තෙ...ලියන්න තරම් මහ දෙයක් නෑ...කට්ටියගෙම වමනෙ ඔස්සෙ මුහුදෙන් ඇල්ල වැල්ල වාය ට ගිහින් හෙලන්ගෙ මගුල් ගෙදරටත් ගිහින් ආයත් පාඩම් වැඩ ටිකක් කරන්නයි කල්පනාව...එහෙනම් පසුව හම්බෙමු...

සම්පත් ලියයි


p:s

තව මැගී පැකට් 2ක් ඉතුරුයි :)

1 comment:

malee_msg said...

හප්පා...! මොකෝ කියන්නේ මෙහෙන් එවන්නද මැගී ගෝනියක් අයිනක තියන් විකුණ ගන්න‍‍.. හික් හික්