Thursday, February 19, 2009

අද

අද කියල මම ලියන්න පටන් ගත්තෙ මහ කම්මැලි සටහනක්.....අද මහ මට පාළු මූසල කල කිරිච්ච ගතියක් දැනුන..උදේ වශ්ව විද්‍යාලයට ගිහිල්ල ඇවිත් වැඩක් කරන්න තරම් ග‍ටක් නෑ..ඇත්තටම මේ දහස් ගනම් සැතපුම් ගෙවල ඇවිත් නැති උනු මගේ රසාස් වාදය...ඉස්සර නම් 7ට විතර අම්මත් එක්ක ඇවිදින්න යනව...අම්මයි මායි කොහොමත් පැයකට ආසන්න කාලයක් අනුරාධපුර රොහල් වීදිය දිගේ සෑහෙන දුරක් ඇවිදගෙන යනව....මම අම්මට වඩා හයියෙන් ඇවිදන් යනව...ඉතින් අම්ම හිමියන් යන්නකො කියල කෑ ගහනව...මම ඉතින් එතකොට ටිකක් අම්ම ලං වෙනකම් හිමින් යනව....අපි ඒ ඇවිදින්න පටන් ගත්තෙ අම්මට පපුවෙ අමා‍රු‍ව හැදුනට පස්සෙ දොස්තර අම්මට හැමදාම පැයක් විතර ඇවිදින්න කියල තිබ්බ නිසා....පාරෙ යනකොට මොකෙක් හරි මගේ යාළුවෙක් හරි අයියගෙ යාළුවෙක් හරි "ආඩෝ......." "ආ ඇන්ටි exersice වගේ " මොනා හරි කියාගෙන රෑං ගාල motor bike එකක යනව....ඉරිදට හවස පහට විතර රුවන් වැලි සෑයට ගියාම ආයෙ කොහොමත් එන්නෙ 8ට...පන්සලෙන් එළියට එන ගමන් බඩ ඉරුගු කරලක් ,කඩල ගොට්ටක් ,අයිස් චොක්ස් එකක් හරි මොකක් හරි කසඩයක් වර දින්නෙ නෑ....motor bike park එකේ මල්ලිත් මගෙන් යාළු පිට් එකට ටිකට් කඩන්නෙ නෑ..ඒ නිසා උටත් කඩල ගොට්ටක් අරන් ඇවිත් උත් එක්ක ඒක කකා මොනා මොනා හරි කියවනව...මිනිහ තමා ඉතින් මට රුවන් වැලි සැයෙ සතියෙ තිබ්බ event ගැන විස්තරේ දෙන්නෙ....දැන් කොහෙද එහෙම නිදහසක්.....

මේක බැලුවෙත් කාගෙකින් ....සුන්දර අතීතය...‍‍‍





එදා අද...
අද නොවුනි
ඒ දුක
මට අද දැනිනි
හෙටක් නොමැති අදක්
උනානම් එදා
මම තවම රස විදිමි ඒ අද.....
නමුත් හෙටත් තව අදක්....කෙලවරක් නෙමැති ගමනක්...






වෙන නැඩක් නැත්තම්ම වගේ නම් මේකත් අහන්න

3 comments:

malee_msg said...

:( :( පව්! ඒත් ඉතිං පිං තකා කට්ට කන්න කියලා තමයි අයියට කියන්න වෙන්නේ..!

Priyankara Perera said...

නිදහස අඩු වුනාට කමක් නෑහෑ , කොහොම හරි මහන්සි වෙලා පාඩම් කරලා විභාග ගොඩ දාගන්න

ජය වේවා...!

සම්පත් බංඩාර said...

එක පාරක් ලිව්ව මොනාදෝ මගුලක් වෙලා reply සේරම මැකුන...පසුව නැවත ලියමි..