Tuesday, September 2, 2008

19.සිළුමිණ පැළදවීම

"රන් මැලි මහ සෑ මළුවෙහි
සි‍ටියේ ඔහු පමණක්මය

ඒ ගොම්මන් වෙළාවෙහි
අහසේ පායාතිබුණේ

බ්රහස් පතී තාරකාව පමණක්මය
දිලිහෙයි එය
ඇස හැර බලා සිටියි

මහ සෑ කොත අඟ
මේ තාරකාව

පළදන්නට ඇත්නම් මට
ඔහු‍ට සිතිනි

කොත මුදුනත් තරුවත්
එක එල්ලේ සිටින තැන සොයනු පිණිස

ඔබ මොබ කිහිප වරක්
සෑය වටා ඔහු ගියේය

අන්තිමේදී එතන හමු විය
රනමැලි සෑ රන් කොත අඟ

සිළුමිණ වී..
සවනක් බුදුරුස් විහිදයි තාරකාව
සමාධි ගත විය ඔහු සිත

"ධීපේන තමධං සිනා"
දුටුගැමුනු මහ රජුනි
කිසිදිනෙක ඔබ දුටුවෙහිද මෙබදු අසිරියක්... ?"
1
දුටුගැමුණු රජ නොදැක්කා සත්තයි
මහගම සේකරයිනි,
නමුත් මම දු‍ටිමි
වරක් නොව
නේක නේක වාරයක්
වැතිරී ගල් තලා මත
ස්වේත තප්තව දිලෙන කොත අඟට
පැළැන්දුවෙමි ඔබ දු‍ටු "බ්රහස් පතී" තාරකාව
පමුණුවත්ම
ඇසිනි සියල් බුදුව‍රුන්ගේ දේශනාව
සතර අතින්
"සබ්බ පාපස්ස අකරණං-කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං-එතං බුදධා නුස්සතී"
2
සාධූ ! සාධූ ! සාධූ !
ගනිමි මම ගනිමි , වරයක් ලෙස ගනිමි
ඔබ දුන් අනුශාසනය
පසඟ පිහිටුවා වදිමි
සුමට ගල් තලා මත...

1-මහගම සේකර ප්රබුද්ධ
2-සියළු බුදුරජුන්ගේ අනුශාසනය


4 comments:

malee_msg said...

සාධු සාධු සාධු....!

සම්පත් නම් කවියා සිය කෝෂ අවධියෙන් මිදී කාව්‍යකරනයේ පියාපත් ලද සමනල් සමයට පය තබමින් සිටින වග මෙසේ දන්වා සිටිමු...!

හික් හික්
මරේ මරු අයියේ

නලින් (Boman) said...

මම දැන් ටිකකට කලින් සිරි ගුණසිංහ මහත්තයගෙ කවියක් කියවල ඒ ගැන සටහනක් දාන්න ආපු ගමන් උඹේ මේ කවිය කියෙව්වෙ. හරිම අගෙයි සහෝ.සමහර වින්දන වචන වලට හරවන එක මහ බොරුවක්.ඒ නිසා මම නිර්මාණය නිහඬවම රසවින්දා කියල විතරක් කියන්නම්. උඹට පින්.

Bo said...

භක්තිය සමග එන ශ්‍රද්ධාවට වඩා අද්‍යාත්මික වශයෙන් සම්පූර්ණ වීමයි වඩා වැදගත්.බොහෝ දෙනෙක් අද , සේකර කියවා ඒ තුලින් තමන්ව රාමු කරගන්න උත්සහ කරනවා එහෙත් ඔබ ඉන් එහාට අපව හිතන්ට පොලඹවනවා.(මේ කව තුලින්) සමහර විට මට මේ හිතෙන්නේ පරස්පර විරෝදී අදහස් වෙන්න පුළුවන්. සිළුමිණ පැළඳවීම සංකල්පනාව මට ඉස්තරම් වන්නේ මේ නිසයි. තව ලියන්න, ඔබට දහිරිය ශක්තිය පතමි.

සම්පත් බංඩාර said...

හරේ-අපි කියල ඇසුරු කරල තියෙනව ඈ බං..මේ සොමියට වල්මත් වෙන්න කියල හිතාගෙන කවි වලට බැහැල ඒ සොමිය ඇතුලේ හිර උනාට

‍නලින්- එළ එළ මචං ..රසවින්දනම් ඒ ඇති..වැඩිත් එක්කන්

මලී-පිස්සුද බං තාම පළගැටි අවධියේ ඉන්නෙ..පියාඹන්න ගත්තාම ආතල් එකක් නෑ වගේ...

බොධිනී-නම හරියට ලිව්ව කියල හිතනව..බොහොම ස්තූතියි සටහනට..ඔඹගේ බොලොග් පිටුවල සංචාරයක යෙදීමට අවසරයිග