Saturday, September 20, 2008

24.මල

මල

මුනිදු පුදට
නෙලූ මලක
මෘදු
සුමට
පැහැය
පහව ගොස්
අළු
දුඹුරු
කහට
මතුවී වියැළෙන කළට

නෙළු කල සිතෙහි වූ
මෘදු සුමට ආලය
මලත් සමගින් වියැළී
කුණු බක්කියට ගියෙහිද???

එකෙන් එක අල්ලා
සීරුවට සකසා
පීදූ මල්
පරවුණු කල

ගුලි කොට අත්ලටම
මිටිකොට
දියකොට හරීද
පෙර පැවති පහන් සිත

පරවූයේ මල පමණක්මද???


පසු වදන- අද හරිම අපූරු දවසක් හොද සැරට ඉර පායල ..මෙහෙ එහෙම වෙන්නෙ කලාතුරකින්..ඒ වගේම සීතලයි...ජනේල ඝණ තිර රෙදි දෙක දෙපැත්තට කරල බැළුවාම එන ඉර අව්ව දැකල ලංකාව මතක් උනා..ඒත මේ අව්වමයි..මේ සැරමයි..දැන් මයෙ හිතේ 2ට විතර ඇති...තාමත් ඉර හරිම සැරයි..හවසටත් මෙහෙම තිබ්බොත් බ්ර්යිටන් වෙරළට යන්න පුළුවන් වෙයි කියල අයිය කිව්ව...මෙහෙ වෙරළට ගිහින් ලංකාවෙ වගේ වින්දනයක් ලබන්න බෑ..වෙරළ කළු පාට ගල් විෂේශයකින් වැහිල..රළ පහරවළුත් ලංකාවෙ වගේ දකින්න නැති වෙයි මම දන්න තරමින්...නමුත් එය අපූරු දවසක්...

5 comments:

නලින් (Boman) said...

ඔන්න සම්පතා මරු පොයින්ට් එකක් පෙන්නල දීල තියනව. එක්ස් පී අයිය කියනව වගේ අපි අපිටම හිනාවීමක්.

දැන් බලපන් මචෝ අපි මලක් පුදල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල. මල් වල සුවද පැහැය වියැකෙනවා වගේම අපේ ශරීරයෙත් පැවැත්ම ඒ වගෙයි කියන අනිත්‍යය මෙනෙහි කිරීමනෙ. නමුත් අපි පන්සලකට ගිය ගමන් කරන්නෙ අර පර මල් දිහා බලන්නෙත් නැතිව ඒව කුණුබක්කියට දාල අලුත් මල් අතුරන එක. හරියට අපේ සිත වගේ. අනිත්‍ය නමුත් මේ මොහොතේ ඉන්ද්‍රියයන් පිනවන දේ වැළදගැනීම.
නමුත් අපි කලයුතු හරි දේ නම් පුදසුන මතම කිළිටියට අප්‍රසන්න ලෙස පෙනෙන පෙරදා ප්‍රබෝදමත්බවේ සලකුණකුත් නැති මල දිහා බලන් අපේ ජීවිත වලට ඇතුල් වීම නේද මචන්.

හරිම අගෙයි මචන්!

Anonymous said...

හරිම අපූරු කවියක් මචං.

එක එක විදි වලින් කවිය දිහා බලන්න පුලුවනි. මට මතක් උනේ, කාලයත් සමඟ පරණ වන අපේ ජීවිත සහ ප්‍රේමය ගැන.... අර හරේශ් සහෝ දවසක් කියුව වාගෙ, රස බලලා ඇති උනහම තවත් මලක රස බැලීමේ ආශාවක් ගැන...

කොහොම වෙතත් ඔවු... අපි අපිටම හිනාවීමක් තමයි නේද හික් හික්...

පරවුනු මලක් බුදුන්ට පුදන්න බැරි ඇයි....?

ප:ලි: මම නම් මගේ ගෑනු ළමයට මුලින්ම මලක් දුන්නේ මාර්තු මාසේ. ඒකත් ඔන්ලයින් හික්. නමුත් තවමත් මගෙ මේසෙ උඩ තියෙනව ඒ පරවෙලා ගිහින් තියෙන රෝස මල් දෙක. ඒ දෙක තවමත් මට නම් ලස්සනයි. ලස්සනත් අර හරේශ් කියන්නා වාගේ "කුනුහරුප" වගේම දෙයක් නේද? අපේ හිතින් නේද අපි 'ලස්සන' කියන එක හදාගෙන තියෙන්නෙ?

malee_msg said...

කවිය නම් හරිම අපුරුයි...අපි මලක් ලස්සනයි කියන්නේ ඒ මල ලස්සනට පිපිලා තිබුනොත් විතරයි..පර මල් වලට අපි ලස්සනයි කියන්නේ නැහැනේ...මල් ව‍ගේම තමයි අප අවට තියෙන් අනිත් හැම දේ මත් දිස්නේ දෙනකම් විතරයි ..ඊට පස්සේ? 

පී.එස් - අපෝ මුදේ නාන්න බැරිද? වැඩක් නැහැනේ අප්පා එහෙනම්

සම්පත් බංඩාර said...

හරේ-නියමයි හරේ ඔයා ඒක ගැඹරින්ම බලල තියෙනව...මමත් මේක මලක් කිව්වට මල හුදෙක් සං‍ඛෙතයක් කරගෙන තමා ලීවෙ...ඔයා ඒක මරු විධියට දැකල තියෙනව...අන්න ඒකයි අපි දේවල් වලට අගයන් නියම කරල නේ..මලක හැඩේ වෙනස් වෙලා කහට මතුවෙන කොට ඒක පරවෙලා...එතකොට ඒ මල වැඩක් නෑ වගේ...නමුත් පොහොට්ටුව පිපුණු මල පරවුණු මල යනු හුදෙක් අවස්ථා තුනක් නේ??? අපි ඒ අවස්ථා වලට අගයන් ආරෝපණ කරල..ඒ කියන්නෙ අපිට පරවුණු මලකට උනත් අගයක් දුන්නොත් පිපුණ මලක් වගේම තමා නේ....මම හිතන්න වැඩිය කියන්න ඕනෙ නෑ ඔයාට ඒක මීටර් වෙලා ඇත්තෙ

නලින්-අන්න හරි නලී අපි නමුත් කරන්නේ පරවෙච්ච මල් ටික හැකි තරම් ඉක්මනට අයින් කරල අළුත් මල් ටිකක් තියන එකනෙ...මමත් ඇතුළුවම...hikz hikz

දනූ-ඔව් මචෝ අනිව අර පරණ උනත් බැන්දට පස්සෙ දවසෙ ඉන්නව වගේ තමා නේද ඉතින් hikz hikz....දැන් online මල් කලාව නැගලම යනව...ඔන්ලයින් මල් විෂෙශ ව‍ශයෙන් බෙදිල යනකොට මට හරියන්නෙ "online-abroad-non srilanka" catagary එක..ඒ විදියට බැළුවාම අපේ හරේට හරි ගියේ online-local-sri lankan එක්කෙනෙක් නේ...hikz hikz

මලී-නාන්න පිස්සුද හලෝ සීතලට මැරෙයි යකෝ...

malee_msg said...

@ හමා - අනේ ශමා වන්න මට අමතක උණා දේශගුණය වෙනස් කියලා :-(