Tuesday, September 2, 2008

18.බන්දුල එක්ක ලෝකෙ වටේ යාමට පෙර SAM(සුං) එක්ක වත්ත වටේ යාම...


අද සැප්තැම්බර් 2වැනි අඟහරුවාදා....කොච්චර දේවල් කරන්න තිබ්බත් ඒ ඔක්කොම නම් ඉවර කරනගන්න බෑ...කඩිමුඩියේ මූලික අවශ්‍යතා ටික පවා කරල ඒ යන වෙලාව අතරතුර පවා වෙනයම් කාර්‍යයක් පරිඝණකය ඔස්සේ ඉබේ සිදුවෙන්න දාල ගියත් කලින් දවසෙ රෑට අද කරන්නම් කියල හිතන ලැයිස්තුවෙන් භාගයක් වත් ඉවර කරගන්නෙ බොහොම අමාරුවෙන්...මේ එක්කම මේ දවස් වල අපේ මලී නංගිගෙ blog සටහන් වල pursuit of Happiness කියන movie එක ගැන ලියවිලා තිබ්බ නිසා ඒකත් මගේ මේ දවස් වල ජීවන රටාවට ගැලපෙනව කියල හිතුන....මම ඔය කියන කථාව බලන්න පොළඹුවේ අනුරාධපුර කඩපනහ මගේ හිතවත් video center එකේ අයිය..පොර මගේ රුචිකත්වය ගැන මටත් වඩා හොදට දන්න පොරක්..මිනිහ මම එතනට මුලින්ම memberhsip එක අරගෙන set උන මුල් මාස දෙකතුනේ විවිධ ආකාරයේ movies දීල මාව පරීක්ෂාකරා..ඒ මම නැවත බාරදෙන්න යනකොට ඒක ගැන එක එක ප්රශ්ණ අහල.ඒකෙන් මිනිහ මගේ කැමැත්ත අකමැත්ත දැනගත්ත.ටික දවසකින් පස්සෙ මට කියන්න කිසිම දෙයක් නෑ...මිනිහ ගියපු ගමන් මල්ලි මේක බලන්න කියල දෙනව....ආයෙ අහන්න දෙයක් නෑ..බඩුම තමා....pursuit of happiness කියන එකත් ඔය විදයට මට බලන්න දුන්න එකක්....මම ඕක අවසාන වථාවට බැළුවෙ මීට හරියටම මාස 2කකට විතර උඩදි..ඒ මම බලපු 3න් වන වථාව...මට ඔය හරහා තමා Rubik's cubes කලාව ගැන සිත් ඇදිල ගියේ..ඒක කොච්චර දුරට ගියාද කියනව නම් මම ඒක අපේ වැඩපලේ ඉන්න සේවකයන්ට lunch time එකේ නිකන් ඉන්න ගමන් ඒක හදන්න පුරුද්ද ඇතිකරා....Rubik's cubes කියන්නෙ එක්තර ගණිත සාත්තරයකට අනුව සකස් කළ හැකි දෙයක්....මට දැන් ‍ටික ටික අමතක වෙලා ගියත් පෙඩි ක්රම වේද කිහිපයක් ඔස්සෙ විනාඩි 30කට නොවැඩි කාලයකින් නිම කරන්න පුළුවන්...මම මුලින්ම කිසිම ක්රම වේදයක් අත්හදා නොබල එක සැරයක් විතරක් බොහොම අමාරුවෙන් හැදුව නම්ත් ඊට පස්සේ ඒක ගැන PHD එකක් එනකන් එකත් එක්ක ජීවත් උනා...ම‍ට මතකයි මම ඒ දවස් වල වැඩ ඇරිල ගෙදර ඇවිත් නාල හෙම කා‍මරයට ගියාම එළිය‍ට එන්නෙ ඊළග දවසෙ උදේ....මට ඒ දවස් වල මගෙ යළුවො විහිළු කරනව "අන්න අරූ ගෙට වෙලා කියල".........ඔබනලයේ මේන්න මේ 1 හා 2 යන video දෙක මගේ අධ්‍යයනයන්ට මාර විදියට උදව් උනා..මම මගේ පළවෙනි rubic කැටය ගත්තෙ රුපියල් 60කට කොළඹ ආර්පිකො එකෙන්...ඒ දවස් වල මට වහනේ යනකොට අර එක්තර dilog add එකක මොකද හදිස්සි හිමින් යමු කියනව වගේ කොච්චර වෙලා ගියත් ගැටළුවක් නෑ..මම එකෙන් මාර වින්දනයක් ලැබුව...මුළු ලොකෙන්ම මිදිල කරන එක්තරා භවනාවක් මටනම් ඒක...(UI/LI/U/L/U/F/UI/FI) හා ‍(F/R/U/RI/UI/FI) වගේ ඒව එතකොට නැතුවම බැරි සූත්ර...
MARK TWAIN කියල තියෙනව මිනිසෙක්ගෙ ජීවිතය වෙනස් කරන්න තප්පර 5ක් ඇති කියල..ඒ වගේ තමා මේ MOVIE එකෙත්...අදාල තැනැත්තාගෙ ජීවිතයෙ TURNING POINT එක වන්නෙ සරල RUBIK කැටයක්....මේක ගැන මීට වඩි කියන්න ගියොත් මේක කව්රු හරි වැරදිලාවත් කියල MOVIE එක බල්න්න හිතුනොත් ඒක එයාගෙ රසාස්වාදයට කරන අභියොගයක්....මේකනම් මට මහගමසේකර මහත්තයගෙ කවි පොතක් තරමටම වටින FILM එකක්...අනික මේක සත්‍ය කථාවක් ඇසුරෙන් ගොඩ නැගුනු එකක්.....කොහොම හරි ඕකෙ එන පුද්ගලය දෙන වගේ GAMAක් දීල ඉරිද VIDEO ගත කරපු තවත් කොටසකට සංගීතය ඔබල තවත් කොටසක් අපේ ගෙදරදි තියෙන ශබ්ද වලටම ඉඩ දීල ඔබනලයට UPLOAD කර ගත්ත....මම මේකෙ වඩාත්ම කැමති "ලෝකෙ වටේ යාමට පෙර වත්ත වටේ යාම කියන" එකට...මේකෙ පස්බිමින් ඇහෙන්නෙ අපේ අම්මලාගෙ කාමරේ ඒ වෙලාවෙ ස්වර්ණ වාහිනියෙ යන ලොක සිතියමද මොකද්ද කියන වැඩසටහනේ දෙබස් හා එහි සංගීතය...ඇත්තටම මම ගොඩක් සතුටුයි නගර බද ප්රාදේශක අපේ ගෙදර පිහිටලා තිබ්බත් තාම උදේට සුන්දර කැලෑවක ඉන්නව වගේ විදින්න පුළුවන් වීම ගැන....ඒක මම මේක නැවත නැවත අහද්දි වැටහුනා...4 වන විනාඩියට අදාල පරාසයේදිනම් වාහනයක ගොෂාවෙන් ඒක යට පත් වෙලා යනව...නමුත් තාම සතුටු දායකයි...නමුත් ඊලග පරම් පරාවට ඒ වාසනාව නැතිවේවි..ඒ නිසා මම මේකෙ එන ස්වාභාවික සංගීතය මම යොදා ගත්තෙ නැතතම් ඒක මම මේ ශබ්ද නගන විහගුන්ට ,රුහැයියන්ට,සුළගට කරන මදි කමක් නිගාවක්...මේකෙ තියෙන් මම පුංච් කාලෙ ඉදල දැකපු pines කුලයට අයත් ALOCARIA වර්ගයේ ගහක අත්තකුයි කදකයි සමීප දසුනක්...මේක අපේ අම්මට අම්මගෙ මල්ලිගෙන් අපේ අයිය ඉපදුන අළුත අම්මට ලැබුණු තෑග්ගක්...මම පොඩි කාලෙ මා‍යා බොංචි වැලේ කථව බලන හැම වාරයක්ම පාසා මේක උස යනකන් බලන් හි‍ටිය...ටිකෙන් ටික මේක අපිත් එක්කම උස ගියා...අපේ අය්යටත් වඩා කොටට ඉදල අද අපේ අය්ය වගේ දහ පහලොස් වාරයකටත් වඩා උස ගිහිල්ල...මට මේ ගහත් එක්ක තියෙන මතකයන් කියල නිම කරන්න බැරි තරම්.....ඒව කවද හරි ආයෙ ආයෙ කියනවන් ලියල තියන්න ඕනෙ.("හැම දාම නත්තල්" කියල ඒ series එකට නම දාන්න ඕනෙ.)..මොනව උනත් අපි සුන්දරත්වය හොයාගෙන ලොකෙ වටේ ගියාට ඒ සුනදරත්වය අපේ වත්ත ඇතුලෙම තියෙනව නේද කියල හිතුන.....සම්පත් ලියයි(one of those videos still havent completed processing...Still steaming hot...lol)

2 comments:

සම්පත් බංඩාර said...

නෑ හරේ comment වලදි අපි කථා කරමු මොකද ඒක sub part එකක්නේ...ඒක ගැටළුවක් නෑ..මෙතන අර වගේ hijack ගැටළුවක නැහැනේ අනික....මට නම් හරේ ඒක ළයාන්විතව ගලනවට වඩා බෙහොම කර්කෂව ගලන ජීවිතයක අසීමිතව වෙහෙසිල ජීවිතය ගොඩ නගා ගන්න යත්න දරන තාත්ත කෙනෙක් ගෙ ජීවිත කථාවක් විදියට දැක්කෙ...හරේ film එක එක වථාවද බැළුවෙ..පුළුවන්නම් 2වත් බලන්න..මම නම් film එකක් 2ක් වත් බලනව..මොකද ඒකෙ තියෙන 100% ගන්න ..ඒකට හේතු කීපයක්ම තියෙනව අපේ සංකෘතියත් භාෂාවත් එයට අදාග නිති නිසා පළමු වරින්ම ඔක්කොම ගන්නව බෑ කියල මම දන්නව...උදාහරණයක් විදියට joke එකක් ගමුකො..සමහර වෙලාවල් තියෙනව මම ඒව ගැන පවා search කරල හොයා ගත්ත...සමහර විට ඒක අර ඔයාකියනව වගේ අධෝ මුඛ අමාරුවක් වෙන්න ඇති නැත්තම් දැනුමෙහි පිපාසාව වෙන්න ඇති...

අන්න මරු වැඩේ camaraව ගැන නම් උපරිමයෙන් අධ්‍යයනය කරන්න හරේ..වරදින එකක් නෑ..කැමරාවකින් ලොකය අළුත්ම විදියකට දකින්න පුළුවන්...ඒකට above 5mgpxl point & shoot cam එකක් උනත් ඇති...වෙනස් විදියට දකින්න තමාගෙම කියල කොණ පරාසයකුත් අලෝක පරාසයකුත් විතරයි අවශ්‍ය මම හිතන්නෙ...‍බලමුකො කැමරා කරණය ගැන මම තාම ඉගෙන ගන්නව..සතුටට පත්විය හැකි තරම් මට්ටමකට ලගා උනු ගමන් ඒව ගැනත් කථා කරමු..ඔයාටත් ඔනේ බොංචි වැල්නෙ නේද???hikz hikz

malee_msg said...

video දෙක නම් නිකන් භාවනාවක් වගේ
අර දිය බිද වැටෙයි කියලා හිතුවට වැටුනේ නෑ නේද? එහෙම තමයි ඡිවිතේ...! අඩේ අපේ පැත්තේ ඔය වගේ සද්ධ නැහැනේ අප්පා..!තියෙනවා උනාට අපි අහන්නේ නැද්ද මන්දා...අර ඔයාගේ ‍මයා බෝංචි වැල නම් නාකි වෙලා ඔයා වගේ ම හිකිස්