Thursday, September 25, 2008

Hastings





මමත් මගෙ අයියත් මගෙ නෑදෑ සොහොයුරා අධීෂ අයියත් එයාගෙ ආදරවන්තිය ගයත්රි අක්කත් ඊයෙ මරු සවාරියක් දැම්ම ...ඒ අපේ පැත්තෙ ඉදල miles 40ක් 50ක් ඈතින් තියෙන hastings කියල මුහුදු බඩ පැත්තකට...hastings කියන්නෙ අපේ ගාල්ල වගේ හරි අපූරු මුහුදු බඩ පැත්තක්...ඔය ‍මම ගත්ත පින්තූරෙ ‍ඈතින් පේන කන්ද මුදුනෙ තියෙ castle එකක් නිසා තමා ඔය පැත්ත සංචාරක වශයෙන් වැදගත් වෙන්නෙ..පුංචි මං මාවත් වල දෙපැත්ත antique බඩු සහ hand painting විකුණන පැරණි බව රැකුණු හරිම අපූරු පැත්තක්...කවද හරි දවසක සාම කාමීව ජීවත් වෙන්න නම් කියාපු පැත්ත.....හරිම සුනදරයි...අපි අපේ වහනේ ඔය පින්තූරෙ පේන කන්දෙ නවත්තල clif‍f rail(බෑවුමක් ඔස්සේ පහලට ඇදෙන දුම්රියක) එකක් ඔස්සෙ පහලට ඇවිත් ඔය මම photo එක ගහන තැනට එනකන් අවිදගෙන ඇවිත් වෙරලෙ සැපට නිදිය ගත්ත ..එතකොට වෙලාව 1ට විතර ඇති..සීතල උනාට සැරටම අව්ව පායල නිසා මාරම සැපට නින්ද යනව..අපි ලංකාවෙදි අව්ව තපින සුද්ද සුද්ධියො දැකල හිනා උනාට මේකෙ ආතල් එක දැනුනම තමා හිතුනෙ එහෙම හිතපු අපිටයි පිස්සු කියල...ඔය රතු පාට jacket එකක් ඇදල ඉන්නෙ මම සුදු ඇදල ඉන්නෙ මගේ අයිය....මම කලිනුත් කිව්ව වගේ මෙහෙ වෙරළ වල වැලි වෙනුවට තියෙන්නෙ සුමට ගල්...ඒක පෙන්නත් එක්ක බිම බඩගාලම floor එකයි sky එකයි දෙකම පේන විදිහෙ පිංතූරයක්ම ගත්ත අම්මලාටත් යවන්න එක්කම...www.kapruka.com එකට පිංතූර ටික upload කරල online pay කලාම එයාල පිංතූර print කරල ලංකාවෙ ගෙදරටම යවනව...එකනම් මරු...රුපියල් 600කට වගේ ගානකට පිංතූර 15 විතර computer එක ගාව ඉදන් ලංකාවෙ ගෙදරටම print කරල යවන්න පුළුවන් කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට...නැත්තම් printing shop එකට දුවන්නයි post office එකට දුවන්නයිම තව පවුම් 3න 4ක තෙල් පුච්චන්න වෙනව..
.


මෙහි අවසාන පිංතූර දෙක මාසතු නෙවන බව සලකන්න..


තව විස්තර

2 comments:

malee_msg said...

නාන්න බෑ කිව්වනේ සීතල හින්දා ඒක හින්දා වැඩක් නෑ..ලොල්ස් ....ඒ වුනාට හරි ශෝක් මම නම් වැලි වෙනුවට ගල් තියෙන මුහුදු වෙරළකට ගිහිල්ලම නැහැ...ඒත් අත්දැකීම නම් හරි අපුරුයි වගේ ස්තුතියි පිංතූර හා විස්තර වලට

Bo said...

හරිම අපූරුයි, විස්තර වගේම පින්තූර ටිකත්, මලී කියනවා වගේ ගල් තියෙන මූදු වෙරළක් දැක්කෙ ගොඩ කාලෙකින්,ගාල්ල කොටුව අසල මුහුදුවෙරළත් ටිකක් විතර මේ වගේ කියලා යාන්තම් මතකයි. සතුටින් පරිස්සමින්,ඉන්න.