Sunday, September 14, 2008

20.තාවකාලික විරාමය

Boomp3.com

සකල සිරින් පිරි සිරිලංකාවට
ආයුබෝ වේවා....
මම ‍17 වැනිද යනව පිටරට
නැවතත් ලංකාවට ගොඩ බසින දිනය බොහෝවිට 2012 එක්තරා දිනයක්

XP-මචං මම උඹව බලන්ඩ ආයෙ එනව එදා වගේ වැව් මාළු බැඳගෙනම...ඔන්න උඹ තමා කීවෙ ලෝකෙ පුංචියි කියල ...මට නම් මහ ලොකුයි වගේ බං...අඩෝ උඹත් එක්ක කථා කරේ නැතුවට උඹ මාත් එක්ක තරහ නෑ නේ...hikz hikz (heat operation of mom)

බෝ -අඩෝ කැරපියෝ...උඹ දන්නෙ නැද්ද කැරපොත්ත කියන්නෙ පිරිසුදුම සතෙක් කියල කාමරේ අස්කරපන් යකෝ...වරෙන් මචං තව පාරක් බදා ගන්න..යන දවසෙ පුළුවන් මම උ‍නොත් උඹව බලන්න එනව අම්මව මතක් කරපං ‍හොදේ....මේ guitar පොතක් තියෙනව එවන්නද...ඔන්න මම ප්රබුද්ධ දාගන්න තීරණය කලා යන ගමන් 5 වැනි වථාවට කියවන්න..මේ මට kite runner කියවන්න ආසයි මචං(happy Birthday to ek)

මලී- අම්මපා මේ සකුනි මකුණිට මොනා කියන්නද???... ලිපිනය ඇති නිසා එවන්නම්කො choco හොදේ...අපේ අම්මට ඇස්පෙනීම දුර්වල වේගෙන එන නිසා cross stiching නතර කරල බං ....ඔන්න දැන් shadow work ද මොනා‍ඳ මගුලකට බැහැල .....වැඩේ නැගල යනව..ඔය අයියට දෙන්න කියල මොකද්ද මහල දුන්නෙ...කෝ තාම අර EDGE OF THE HEAVEN බැළුවෙ නැද්ද හිත පිරෙන්න...(happy birthday to ek)

රවී-මල්ලියේ සහින සැබෑවෙනකොට මල් ඈ....බොමුද මං ගානෙ තව coke එකක්....uni ගිහින් අරවත් ගොඩ දා ගෙන ඉදපන් අයෙ එන දවසක හරිද...ඔන්න එදාට එහෙම "අනේමන්ද අයියේ " කිව්වොත් උඹව පට්ට ගහන්න ඉහේ ඉදන්.....(mage rata)

හරේ-කොණ්ඩෙ බැදපු තට්ටෙ පෑදිච්චි මගේ ආදරණීය හරේ....හරි වැඩ නේ...film බලනව වගේ....මට අමතක උනාද කොහෙද බන් 432 එකේ sub‍ටික එවන්න mail කරන්නම්...මනෝ කදු එවන්නං pack කරල පාර්සල් කරල රැජිනගෙ මුද්දර ගහල...(object by object questioning)

පුබුදු-පුබ්බෝ උඹ කොහෙද ...??? වරෙං මචං ‍uk මොන මගුලටද aussi යන්නෙ...දන්න කවුරුත් ඉන්න එකක් ඈ...?? අයේ මේ තම්ඹබපන්නියෙදි හරි ඉන් පිටතටදි හරි හම්බෙමු මචං...එත් උඹව අපෙ අම්ම දැකල කිව්ව මගේ ස‍හෝදරයෙක් වගේ කියල...ඉතින් ඇත්තනෙ නේද මචං නේද??(casaba lanka)

සමිරන්-මචං එදා එක ඇදේ කරට අත දාගෙන නිදිය ගත්ත වගේ ආ‍යෙ කවද්ද SET වෙන්නෙ..එදා තව ටිකෙන් CAMARAවට බඩු නේ...SORRY මචං...අන්දොස් නෙ හිටියේ...උඹ එදා බස් එකටම ගෙනත් මාව ඇරළුව ...මතකද වැරදිල වැරදි පැත්තට පැනල බස් එකක් එනකන් බලං ඉදල...වැඩේ තේරුණාම SHAPE එකේ අනිත් පැත්තට පැන්න නෝන්ඩි නැත්ව
(mahal warawa,mithras home)

ඉමාලි-අක්කේ ආවාම වාහනයක් ගන්න ලීස් එකක් දෙන්න හොදේ.නැත්තම් අප්පච්චි වෙනුවට මාව දාල ආයෙ අර advertiesment එක ගහන්න. මම දෙන්නම් කවියෙන්ම..අන්තිම ලියුම කියෙව්වෙත් අද අක්කණ්ඩියේ...arey yarr දැන්නෙ දැක්කෙ....මෙයා දැන් flickr එකේ damn popular නේ.....දාන්න අක්ක 5ක් ...ගහමු දැන් හිටු කියල...





මහගෙදර-ම‍හගෙද අම්භානෙක ඉන්නව කියන්න.....මේක බලයි කියල හිතන අයට විතරයි කි‍ව්වෙ මෙතන හොදේ.....අද online එන්නං කියල පොරෙන්දු උනාට බැරි වීම ගැන බොහොම කනගාටුයි..මොකද මම හෙට පාන්දර අනුරාධපුරයට සමුදෙනව...ඉතින් මේ ලංකාවේ සිට 2012 වසරේ එක්තරා දිනයක් වෙනකන් ලියන අවසාන blog සටහන වෙයි...ඉතින් නැවත හමුවෙමු...උඹල ඔක්කොම මට එක කුසේ උපන් අයියල අක්කල නංගියල මල්ලිලා වගේ තමා...උ‍ඹලගෙ ආශිර්වාචෙ මටත් මගේ ආශිර්වාදෙ උඹලටත් හැම දාම තියේවි අපේ මනස් සන්තාන අසසෙ ගුලිවෙල..එහෙනම් මම නවතිනව...අයේ 17න් පසු හමුවෙමු....

මීට
ආදරණිය
සම්පත්/සම්පතා/හමා/චර්මය හෝ උඹල කැමත් ඕනෙ එකක්
මටනම් ඇස් තෙත් වෙනවත් වගේ ඒ උනාට උඹල එහෙම අඩන්නෙ නෑ
ඔන්න නටපන් මං ගානෙ සිංදුවක්

8 comments:

නලින් (Boman) said...

මොනවද යකෝ මේ මගුලෙ සින්දුවක් දාල සෙන්ටිමෙන්ටල් සීන් එක කැඩුවනෙ!@$#$

උඹට මතකනෙ මේ සින්දුව

මේ දෑස මගේ පින්වන්තයි...තේරුනේ දැන් තමයි..හික් හික්..

මමයි උඹයි G force යි එළකිරි උපන්දිනය දවසෙ මහ රෑ ජාමක් වෙනකම් අනන් මනන් වල්බූත කුණූහරුප කිය කිය විකාර නැටුව. එදා තමයි මම උඹත් එක්ක හරියට සෙටා උනෙත්.

අපේ සෙටා වීම සම්පූර්ණ උනේ 2008 ජුලි 16 වැනිදා උඹ අපේ ගෙදර ආව දවසෙයි.හරියට කාලයක් තිස්සෙ දැන අදුරගෙන හිටපු නෑදෑයෙක් ඇවිත් ගියා වගේ කියලයි අම්ම කියුවෙ.

මමයි සමීරයි උඹයි රෑ ඩෝප දාල ත්‍රී වීල් එකෙන් බැහැල එද්දි කොහොමද අපේ ගෙදර උන්දැලගෙ ඇස් නිකන් ටොම්බ සයිස් උන හැටි..අන්තිමට උඹ තමයි කස්ටියවම ෂේප් කලේ.

යන්න කලින් උඹව හමුබුවෙන්න ආසයි බන්. බලමු අවස්තාවක් උදා කරගන්න. හොහේ ගියත් උඹට වරදින්නේ නැහැ මචන්. උඹට ජය සහ සතුට..

ප.ලි
කොයි දීපන්කරේ හිටියත් කවියක් කුරුටු ගාල දාපන් අපිට බලන්න හරිද?

malee_msg said...

මොනවද ඕයි අයියේ මේ ලියන්නේ?
යන තැනක ඔයා හොදින් ඉන්නවා කියන්න අපි දන්නවා අයියේ..ඔයාගේ‍ හිත හොද කමට ඔයාගේ මනුස්ස කමට කවදාවත් කොතනක ගියත් ව‍රදින්නේ නෑ....!
තෙරුවන්සරණයි අයියේ..මට මතකයි අපි මුණ ගැහුණු අවසන් කොන්ෆරන්ස් එකේදි ඔයා කිව්ව දෙයක්....
"හැමදාම මුණ නොගැහුණාට කථා නොකලට බැදීම් යාළු කම් හැමදාම හිත් වල තියෙනවා " ඒක එහෙමම වෙයි අයියේ...

මේ බෝ කිව්වා වගේ දැන් ඉතිං සුන්දර එංගලන්තයේ සුදු අක්කලා වටේ තියන් සිංහල කවි ලියන්න හොදේ....අපි බලන් ඉන්නවා කියවන්න
මෙන්න සමුගන්න මොහොතේ මගෙන් කවියක් මගේ කිව්වට මම ලිව්ව එකක් නම් නෙවෙයි....
"හෙටත් අද වගේ නම්
අප කොහේ ‍හෝ තැන තැන ඉදී
නමුත් එය ඇත්තක් නොවෙයි
අප මුණගැහෙයි යළි මුණ ගැහෙයි
කොහේදී හෝ නොවෙයි හෙට අප
එකම තැනකදි මුණ ගැහෙයි "
රත්න ශ්‍රී වි‍ජේනායක

malee_msg said...

සමාවන සේක්වා ඉහත මා දක්වා ඇති කවියෙහි රචකයන් රත්නශ්‍රී විජේසිංහ ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.....
සිදුවු දෝශය පිළිබද බලවත් කණගාටුව හා ඒ වරද පෙන්වා දීම පිළිබදව හරේශ් මහතාට ස්තූතිය හිකිස්

SamiraM said...

machan...
mage sinhala type karna ekak na ban..
danne me singlish thama ithin...
mata ubawa hambela tinne eka dawasay.
xpa ge party eka dawase..
eth eda nam ayy amathaka nowena dawasak.. (pics tinawa sakkiyata.. :P)
ganna ona fun eka uparimayata gatha.. (podak wadi wunada manda.. :P)
habay yanna kalin ayy podak seta wena ona..
bomath kiwa eka..
aniwa waren harida yanna kalin colombo..
may bomay innawa datha kata madagena...
hehe..
uba UK giyata ayy enawa ne ban niwaduwata..
aniwa e awama set wemu eda wage katiyama..
ehema natham yahoo hari msn hari tinawa nee..(buruwa mage yahoo request eka accept karapiya... :@)
enam suba gaman kiwa ubata..
mathaka athuwa gal bothalayak geniyapan.
ehe tinne loku loku brand..
apita hari yaneee naaa owa.. :P
good luck machan..
:)

ravi said...

mata kiyanna deyak naaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa....dukaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

2012 dura wadi appa....sajiweeewa hamunounath online bokkuwa udata wath set wemu..

mage rata wade karanna oni..aparade eka nawathunee...

mata aththatama ayyala naa..but oya mata labunu hoda ayya kenek..apahu dawsaka coke ekak bomu ehenam casebelanca ekedi..ONLY COKE...hikz

safe journey ayya,,and aniwa apahu lankawata enna hodee..ohee nawathinawa ehema neme..therunada..
api mehe balan innawa enakan..
ps-mage degree eka iwara wenneth 2012, ela ela...2012 going to be a golden year...

Anonymous said...

අම්ම ඉස්පිරිතාලෙ ඉන්නකොට දීපු කෝල් එකක් මෙච්චර ගැඹුරු මිතුදමක් වෙයි කියල එදා මට හිතුනෙ නැහැ සම්පත් මචං ඇත්තෙන්ම...

හෙට උදෙන්ම උඹ එහෙනම් යනවා නේද අම්මව දාලා? හිතට දුක හිතෙයි අනන්තවත්... අනන්තවත් හිතෙයි ආයෙත් පුරුදු දිහාවටම යන්න... නමුත් අපේ අරමුණ කරා යන්න එපැයි නේද මචං. ආහ් උඹට ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ.. :)

එදා කොට්ටාවෙදි ගත්තු ෆන් එක නම් ජීවිතේට අමතක වෙන්නෙ නැහැ සහෝදරයා.... එදා මම කියපු කතාව හරි කියල මම හිතනව මචං - ලෝකෙ අපි හිතන තරම්ම ලොකු නැහැ ;) කවද හරි නොහිතන විදියකට අපි හමුවේවි... සමහරවිට මගෙ මගුලෙදිද කියන්නත් බැහැ. මොකද උඹ දන්නවනෙ ඒකත් 2012 තමයි වෙන්නෙ කියලා. hik hik :P

එහෙනම් උඹට සුභ ගමන් මිත්‍රයා. යන තැනක අපිටත් වඩා හොදින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ඉගෙනගන්න වැඩ ටික හොදින් කරගෙන ඉදපන් මචං.

කවදා හරි නැවතත් හමුවෙනකන්... තෙරුවන් සරණයි, ජේසු පිහිටයි!

සම්පත් බංඩාර said...

අඩේ ඔක්කොමලට ම very very thanks...මම පරිස්සමෙන් ගොඩබැස්ස ...හප්පේ කිලෝ මීටර් බර ගානක් boeing 777-300 කියල බර කරත්තෙක 900kmph විතර වේගෙකින් ගාට ගාට ඇවිත් බැස්ස..ඒ මදිවට ඒ මගුල යන්නෙ හෙන පාතින් බයේ බැහැ පොල් කරටි වල වදියි කියල...මං කියන්නෙ අඩි 30,000ක් උඩින් යද්දි....

EK 551-කොළඹ-ඩුබායි 10.05AM(නැගීම)
EK 003-ඩුබායි-ලන්ඩන් 07.01PM(බැසීම)

Anonymous said...

[url=http://firgonbares.net/][img]http://firgonbares.net/img-add/euro2.jpg[/img][/url]
[b]make windows xp look like vista, [url=http://firgonbares.net/]educational software reviews[/url]
[url=http://firgonbares.net/][/url] oem office software acdsee 7 license key
best microsoft software [url=http://firgonbares.net/]buy bulk software[/url] discount software dreamweaver
[url=http://firgonbares.net/]software at discounted[/url] creating educational software
[url=http://firgonbares.net/]best software canada[/url] discounted office software
adobe photoshop software for free [url=http://firgonbares.net/]cheap software developers[/b]