Sunday, September 14, 2008

21.හුදකලා සිතිවිලි ගොන්න...



1.උණඩය

දෑස නොපෙනුනානම් සිතේ
දකින සියල්ල වටහා ගත
නුහුනව
සක්මන් කරමි මනැස් ගොබ තුල
හිස් ගොබ පසාරු කර යන කළ උණ්ඩ

මනස් ගොබ හොල්මන් කරන
මසැස් ගොබ නොලැබුනානම්
මසැස් ගොබ නොලැබුනානම්
මසැස් ගොබ නොලැබුනානම්......

දරුවෙක් අඩත්
බොනික්කෙක්
තුරුලු කරන්
තම පියාගේ
නිසල සිරුර දෙස බලන්

රත්නදීප ජන්මභූමි
ලංකදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමි

ohhhha god ....
dont let me feel any more pain...
give me some more "Morphine"
send ma salary home...

අත්ල බදා ඇල්ලුවෙමි නලල් තල
ජීවිතයත් එහි තක්සේරුවත්
කිරුම් මිනුම් දෙපාර්ථමේනතුවෙහි
සිල්ලරට මැනේ......

මේක වැරදියට දකින්න එපා මේක මම ලීවේ මීට සෑහෙන කාලෙකට කලින් එතකොට තිබ්බ යුධ වථාවරණය මීට සෑහෙ‍න වෙනස්....

2.පියා සහ මම

clutch එක පෑගෙයි
gear 1න් 2කට
2න් 3ට.....3න් top එකට
ඔහොම යං...

ඔහු දකු‍නෙ මම වමේ
ඔහු අත සුක්කානම
මයෙ අතේ පොත.
ඇස
කකුල
අත
වහා gear එක 2කට
ඔහු කරයි ඇස් කොණින මා දකියි

ඔහු යමක් අසයි ,මම ඊට පිළි බඳියි
ඊට වැඩි යමක් එතන නොමැත
රේඩියෝවේ....සිල්ලර හඩ ඇරෙන්නට....

තුබුවෙමි පසෙක පොත
සිතුවෙමි වන්න දෙඩමළු සමඟ ඔහු
හැගිනි... නොව මොහු රියදුරෙක්
මාගේ අනාගතයේ මාර්ගය සකස් කොට
එහි සනීපයට සුවපහසුවට
තෘශ්ණාව ඊරිසායාව ගුණමකු කම් පිරි ගොහොරු වලවල් මඟහරවා
ගෙන යන මාර්ගෝපදේශකයා ලෙස

පිය තුමණි ඔබේ ඉතිහාසය
ඔබ කළ කී දෑ ඇසුවෙමි
මහත් ආශවෙන්...ඒ තුලින්
විමර්ශණය කළෙමි ඔබ මනස
කිය වීමි එහි සියුම් තැන්
හැදින්නෙමි මේ ඔබ නොව
ලොකයට ගැලපෙන සත්වයෙක්
ලෙස ආරෑඩ වි ඇති බව...ඔබ ව ඒ තුළම සඟවා

මෙයම නොවෙද මාගේ අනාගතය....
අවසරයි සැබෑ මමත්වයේ විළි වසා
හදින්නට සිංහ සම
මේ කටෝර සමාජයට මුහුන දෙනු පිණීස
අවැසි විටක ගලවා රජ කරවනු කැමැත්තෙමි
සැබෑ මමත්වයෙහි "මම"

3.වරදට සමාව


බැළුවෙමි මම ,මම දෙසම
දුටිමි මාගේම වැරැද්ද
නියපිටින ඇද
දෙපා මුලින් අල්ලා
ගස්න්නට පෙර
පොළවට......

බැලූයෙමි ලංවී මුහුණ දෙස
"වරදෙහි"
ඔහු කියයි මා වෙත
"ඔබමය වැදුවේ මා...එපා මා මරන්නට"
දෑස් වසා
පොළෙවෙහි ගසා අතපයා කඩා
ප්‍රාණය නිරුද්ධ කළ හැක

නමුත් පිළිලයක් විලසින්
මින් පෙර නොවූ විරූ
ශක්තියෙන් හා ජවයෙන්
උපදින බැව් වැටහිනි

එබැවින උපන් මහත් කරුණාවෙන්
"මම ඔබ නොමරමි
ඔබ සමග යෙමි සසර පුරාවට...
නමුදු ඔබ කවුරුන්දැයි දැන"


සතිවිල්ලක් පවා මැරීම පාපයක් යැයි සතිනි මට
වැදූ මවකට මැරිය හැකිද සිය දරුවාව
ඔවා දී යහ මඟට ගනු තැත් කරනු විනා

සම්පත් බංඩාර


4 comments:

malee_msg said...

මෙයා මේ අවසන් සිතුවිලි කියලා ලියලා තියෙන්නේ ආයේ හිතන්නේ නෑ වගේ නේ...

මේ කවි ටික නම් නියමයි කියන්නේ උපරිමයි ....එතනින් එහාට කියන්න මට වචන නෑ...

නලින් (Boman) said...

අති විශිෂ්ටයි සහෝ..කවිය මනැස තුළ දොඩන කල අටුවා ටීකා වලින් කිම පලද?නිහඩවම විදිනු මිස..

හැබැයි පුතෝ කවි එකතුවේ අන්තිමට සම්පත් බංඩාර කියල තියන කෑල්ලට එහායින් පුංචි අකුරෙන් ටයිප් කරල තියන වචන ටිකනම් මට හරියට පේන්නෙ නැහැ..:P

ravi said...

monada oii mee liyanne.."AWASAN SITHIWILI"

sithiwili kawadawath iwara wenne naaaa............

oyata owa liyanne nathiwa innath baa...
lankawen giya gaman lankika kaviya gaman mallata..UK kavia blog ekata.hikz

සම්පත් බංඩාර said...

*අවසන් සිතුවිලි කියල දැම්මෙ සාපේක්ෂව බව කරුණාවෙන් සලකන්න...ලංකාවෙ සිට ලියන කියන රාමුවෙ ඉදගෙන එහෙම කිව්වෙ...HIKZ HIKZ