Monday, September 22, 2008

පළමු දවස




අද ‍බොහෝ දුරට ජීවිතයෙ තවත් වැදගත් දවසක්...අද මම මගේ විශ්ව විද්‍යාලයට ලියාපදිංචි උනා ගිහින්ම....තියෙන පැත්ත ගැන නම් කියල වැඩක් නෑ...දවසක video එකකින්ම පෙන්නන්නම්..වැඩක් නෑ කියාලා...මාරම ගති....විනාඩි 5කින් විතර මුහුද ගාවට යත හැකි...මුහුද කීවට ඒකත් dockyard එකක්...ඔය උඩින්ම තියෙන් එහි මම නොගත්ත නමුත් වෙන අයෙක් එහි ගත්ත පින්තූරයක් ...ඔයිට වඩා මගේ හිතේ 10 ගුණයක් විතර ලස්සනයි ....මම මෙම දර්ශණයම දැ‍ක්කෙ මේ පින්තූරෙම දකුණු කෙලව‍රේ තියෙන ජැටියක ඉදල..එතකොට ඔය වම් පැත්තෙ තියෙන බිල්ඩිං සමූහය හරි අපූරුවට පේනව...ඔය මම දැකපු තැනට නුදුරින් දැනට medway වල ඉදිවෙන විශාලම සාප්පු සංකීර්ණයක් තියෙනව...ඒකෙ අර්ධයක් නිම වෙල දැනට සාප්පු ඇරල...අපේ දවල් කෑම සැපයුවෙ ඒකෙ තියෙන් එංගලන්තයේ no 1 spicy chicken සපයන අවන්හලක් වන Nandos වෙතින්...මොකද මගේ අයිය nandos සමාගමේ සාමාජිකයෙක් නිසා විශේෂ වට්ටමක් ලැබෙනව....ඕවුන් ලගකදි හදුනවා දුන්න extra extra hot peri peri source එකත් එක්ක බඩ පැලෙන්න කන්න පුළුවන්...මම දැනට ඉන්න තැන ඉදල chatham(medaway) යන්න southeaster දුම්රිය සමා‍ගමේ විනාඩි 45ක් විතර යනව...නමුත් වාහනෙකින් නම් ඊට කලින් ලාබෙට යත හැකි..බලමු තව මාස 2කකින් 3කින් විතර ‍fiait punto වගේ පුංචි car එකක් ගන්න....ඉදිරි වසර තුන බොහොදුරට chathum-orprington අතර දෝලනය වෙවී ගලා යාවී......ලංකාවෙ තිබ්බ නිදහස අසීමිතව සීමා වේවි..නමුත් තමාගෙම කියල දේවල් ටික්ක (හෙතික විතරක්ම නෙවෙයි) එකතු කර ගන්න කරන අරගලයක එක්තරා කාල පරාසයක් වේවි.....මෙන්න මේ පහල තියෙන සිතියමේ අංක එකෙන් පෙන්නුම් කරන PEMBROKE BUILDING එක තමා School of engineering වන්නෙ...මේකෙ බොහෝ විට විශ්ව විද්‍යාල ජීවිතය ගෙවිල යාවි...ලංකාවෙදි වගේ අමල් කමල් දසුන් ගයනි ල වෙනුවට nick mick samy tina ල ඉදීවි.....

සිතියම හා ඇතුළුවීමේ දොරටුව


පසු වදන-අම්මෝ මාර සුදු නංගිල set එකක් ඉන්නෙ...දැක්කොත් පද්මාවතී කියන්න හිතෙනව... ඉන්දියන් නංගිල ඉන්නව කියල වැඩක් නෑ....මට එහා පැත්තෙ හි‍ටිය අයර්ලන්තෙ සුදු නංගිත් නරකම නෑ...hikz hikz...

3 comments:

malee_msg said...

හරේශ් නිකං එයාට හැපී කියන්නේ අපිට හැපී නෑ වගේ නේ ...නියමයි අප්පා...ඉදිරි කාලයේ අපිටත් එංගලන්තය පුරහා රවුම් ගහන්න පුළුවන් වෙයි හමා අයියට පිං සිද්ධ වෙන්න..‍බොහොම ස්තූතියි...

පී එස් මම මේ අහන තුන් වෙනි වතාවද කොහෙද! ලස්සන සුදු අයියලා නැද්දෝදෝදෝ දො‍්........!

නලින් (Boman) said...

මටත් හරිම සතුටුයි මචන් උඹ ගැන..උඹේ විශ්ව විද්‍යාල ජීවිතයට මගෙන් සුබපැතුම්.
මට පේන්නෙ නැවත ලංකාවට එද්දි උඹ හිටිය වගේ දෙතුන් ගුණයක් මහත්වෙලා ඉදියි වගේ ඔය කියන සුපිරි අවන්හල් වලින් කාල..හි හි..

එහෙනම් අපි බලන් ඉන්නව උඹ තවත් රූප සහ කතන්දර අපිට ගේනකම් ඔහෙ ඉදන්.

Anonymous said...

නියමයි මචං. ඉස්සරහටත් ලස්සන අප්ඩේට්ස් දාන්න ලස්සනම ලස්සන පින්තූරුත් එක්කලම. :)

නැන්ඩෝස් නියමයි. මමත් යන්නේ ඕකට තමයි කලාතුරකින් එලියෙන් කන්න යද්දි. එxට්‍රා හොට් පෙරි පෙරි සෝස් එකත් මරු. සුද්දොන්ට නම් දෙන්න එපා ඕක ලොල්. උන්ට සැර වැඩියි හෙහෙ.

කෙට්ටු කොල්ලා මහත් වෙලා යයි වගේ ආයිත් ලන්කාවට යද්දි :P :P