Saturday, September 27, 2008

26.මලීගේ අම්මා‍


...මම නිකමට වගේ google වල අම්මා කියල search කරල බැළුව...මෙන්න බොලේ මම දන්න කියන අම්ම කෙනෙක් ගැන කථා වක් උඩටම එනව....ඔයාලත් කරලම බලන්න...සමහර විට මට මැජික් උනාට අනිත් අයට නම් නැතුව ඇති...hikz hikz

Thursday, September 25, 2008

Hastings





මමත් මගෙ අයියත් මගෙ නෑදෑ සොහොයුරා අධීෂ අයියත් එයාගෙ ආදරවන්තිය ගයත්රි අක්කත් ඊයෙ මරු සවාරියක් දැම්ම ...ඒ අපේ පැත්තෙ ඉදල miles 40ක් 50ක් ඈතින් තියෙන hastings කියල මුහුදු බඩ පැත්තකට...hastings කියන්නෙ අපේ ගාල්ල වගේ හරි අපූරු මුහුදු බඩ පැත්තක්...ඔය ‍මම ගත්ත පින්තූරෙ ‍ඈතින් පේන කන්ද මුදුනෙ තියෙ castle එකක් නිසා තමා ඔය පැත්ත සංචාරක වශයෙන් වැදගත් වෙන්නෙ..පුංචි මං මාවත් වල දෙපැත්ත antique බඩු සහ hand painting විකුණන පැරණි බව රැකුණු හරිම අපූරු පැත්තක්...කවද හරි දවසක සාම කාමීව ජීවත් වෙන්න නම් කියාපු පැත්ත.....හරිම සුනදරයි...අපි අපේ වහනේ ඔය පින්තූරෙ පේන කන්දෙ නවත්තල clif‍f rail(බෑවුමක් ඔස්සේ පහලට ඇදෙන දුම්රියක) එකක් ඔස්සෙ පහලට ඇවිත් ඔය මම photo එක ගහන තැනට එනකන් අවිදගෙන ඇවිත් වෙරලෙ සැපට නිදිය ගත්ත ..එතකොට වෙලාව 1ට විතර ඇති..සීතල උනාට සැරටම අව්ව පායල නිසා මාරම සැපට නින්ද යනව..අපි ලංකාවෙදි අව්ව තපින සුද්ද සුද්ධියො දැකල හිනා උනාට මේකෙ ආතල් එක දැනුනම තමා හිතුනෙ එහෙම හිතපු අපිටයි පිස්සු කියල...ඔය රතු පාට jacket එකක් ඇදල ඉන්නෙ මම සුදු ඇදල ඉන්නෙ මගේ අයිය....මම කලිනුත් කිව්ව වගේ මෙහෙ වෙරළ වල වැලි වෙනුවට තියෙන්නෙ සුමට ගල්...ඒක පෙන්නත් එක්ක බිම බඩගාලම floor එකයි sky එකයි දෙකම පේන විදිහෙ පිංතූරයක්ම ගත්ත අම්මලාටත් යවන්න එක්කම...www.kapruka.com එකට පිංතූර ටික upload කරල online pay කලාම එයාල පිංතූර print කරල ලංකාවෙ ගෙදරටම යවනව...එකනම් මරු...රුපියල් 600කට වගේ ගානකට පිංතූර 15 විතර computer එක ගාව ඉදන් ලංකාවෙ ගෙදරටම print කරල යවන්න පුළුවන් කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට...නැත්තම් printing shop එකට දුවන්නයි post office එකට දුවන්නයිම තව පවුම් 3න 4ක තෙල් පුච්චන්න වෙනව..
.


මෙහි අවසාන පිංතූර දෙක මාසතු නෙවන බව සලකන්න..


තව විස්තර

Monday, September 22, 2008

පළමු දවස




අද ‍බොහෝ දුරට ජීවිතයෙ තවත් වැදගත් දවසක්...අද මම මගේ විශ්ව විද්‍යාලයට ලියාපදිංචි උනා ගිහින්ම....තියෙන පැත්ත ගැන නම් කියල වැඩක් නෑ...දවසක video එකකින්ම පෙන්නන්නම්..වැඩක් නෑ කියාලා...මාරම ගති....විනාඩි 5කින් විතර මුහුද ගාවට යත හැකි...මුහුද කීවට ඒකත් dockyard එකක්...ඔය උඩින්ම තියෙන් එහි මම නොගත්ත නමුත් වෙන අයෙක් එහි ගත්ත පින්තූරයක් ...ඔයිට වඩා මගේ හිතේ 10 ගුණයක් විතර ලස්සනයි ....මම මෙම දර්ශණයම දැ‍ක්කෙ මේ පින්තූරෙම දකුණු කෙලව‍රේ තියෙන ජැටියක ඉදල..එතකොට ඔය වම් පැත්තෙ තියෙන බිල්ඩිං සමූහය හරි අපූරුවට පේනව...ඔය මම දැකපු තැනට නුදුරින් දැනට medway වල ඉදිවෙන විශාලම සාප්පු සංකීර්ණයක් තියෙනව...ඒකෙ අර්ධයක් නිම වෙල දැනට සාප්පු ඇරල...අපේ දවල් කෑම සැපයුවෙ ඒකෙ තියෙන් එංගලන්තයේ no 1 spicy chicken සපයන අවන්හලක් වන Nandos වෙතින්...මොකද මගේ අයිය nandos සමාගමේ සාමාජිකයෙක් නිසා විශේෂ වට්ටමක් ලැබෙනව....ඕවුන් ලගකදි හදුනවා දුන්න extra extra hot peri peri source එකත් එක්ක බඩ පැලෙන්න කන්න පුළුවන්...මම දැනට ඉන්න තැන ඉදල chatham(medaway) යන්න southeaster දුම්රිය සමා‍ගමේ විනාඩි 45ක් විතර යනව...නමුත් වාහනෙකින් නම් ඊට කලින් ලාබෙට යත හැකි..බලමු තව මාස 2කකින් 3කින් විතර ‍fiait punto වගේ පුංචි car එකක් ගන්න....ඉදිරි වසර තුන බොහොදුරට chathum-orprington අතර දෝලනය වෙවී ගලා යාවී......ලංකාවෙ තිබ්බ නිදහස අසීමිතව සීමා වේවි..නමුත් තමාගෙම කියල දේවල් ටික්ක (හෙතික විතරක්ම නෙවෙයි) එකතු කර ගන්න කරන අරගලයක එක්තරා කාල පරාසයක් වේවි.....මෙන්න මේ පහල තියෙන සිතියමේ අංක එකෙන් පෙන්නුම් කරන PEMBROKE BUILDING එක තමා School of engineering වන්නෙ...මේකෙ බොහෝ විට විශ්ව විද්‍යාල ජීවිතය ගෙවිල යාවි...ලංකාවෙදි වගේ අමල් කමල් දසුන් ගයනි ල වෙනුවට nick mick samy tina ල ඉදීවි.....

සිතියම හා ඇතුළුවීමේ දොරටුව


පසු වදන-අම්මෝ මාර සුදු නංගිල set එකක් ඉන්නෙ...දැක්කොත් පද්මාවතී කියන්න හිතෙනව... ඉන්දියන් නංගිල ඉන්නව කියල වැඩක් නෑ....මට එහා පැත්තෙ හි‍ටිය අයර්ලන්තෙ සුදු නංගිත් නරකම නෑ...hikz hikz...

Saturday, September 20, 2008

24.මල

මල

මුනිදු පුදට
නෙලූ මලක
මෘදු
සුමට
පැහැය
පහව ගොස්
අළු
දුඹුරු
කහට
මතුවී වියැළෙන කළට

නෙළු කල සිතෙහි වූ
මෘදු සුමට ආලය
මලත් සමගින් වියැළී
කුණු බක්කියට ගියෙහිද???

එකෙන් එක අල්ලා
සීරුවට සකසා
පීදූ මල්
පරවුණු කල

ගුලි කොට අත්ලටම
මිටිකොට
දියකොට හරීද
පෙර පැවති පහන් සිත

පරවූයේ මල පමණක්මද???


පසු වදන- අද හරිම අපූරු දවසක් හොද සැරට ඉර පායල ..මෙහෙ එහෙම වෙන්නෙ කලාතුරකින්..ඒ වගේම සීතලයි...ජනේල ඝණ තිර රෙදි දෙක දෙපැත්තට කරල බැළුවාම එන ඉර අව්ව දැකල ලංකාව මතක් උනා..ඒත මේ අව්වමයි..මේ සැරමයි..දැන් මයෙ හිතේ 2ට විතර ඇති...තාමත් ඉර හරිම සැරයි..හවසටත් මෙහෙම තිබ්බොත් බ්ර්යිටන් වෙරළට යන්න පුළුවන් වෙයි කියල අයිය කිව්ව...මෙහෙ වෙරළට ගිහින් ලංකාවෙ වගේ වින්දනයක් ලබන්න බෑ..වෙරළ කළු පාට ගල් විෂේශයකින් වැහිල..රළ පහරවළුත් ලංකාවෙ වගේ දකින්න නැති වෙයි මම දන්න තරමින්...නමුත් එය අපූරු දවසක්...

Thursday, September 18, 2008

23.ලන්ඩනයේ කරක් ගැසීම....


On the way to Backingham Palace.




London eye view from far




Big Ben...It was exactly 2.30pm as big ben showed

Now im really tired and eyes are almost closed......

sampath Writes from London,UK


22.මම එංගලන්තයට ආමි

පොඩි සවාරි පාරක් දාල එන්නම්...සීතලයිත් වගේ ටිකක් විතර...17සෙල්සියස්
එංගලන්තයේ Orprington ,kent හි සිට සම්පත් ලියයි.... මම ඉන්න තැන හරියටම බලන්න
මෙතන කොටන්න
9.14am


Heathrough-->Orprington

Sunday, September 14, 2008

21.හුදකලා සිතිවිලි ගොන්න...



1.උණඩය

දෑස නොපෙනුනානම් සිතේ
දකින සියල්ල වටහා ගත
නුහුනව
සක්මන් කරමි මනැස් ගොබ තුල
හිස් ගොබ පසාරු කර යන කළ උණ්ඩ

මනස් ගොබ හොල්මන් කරන
මසැස් ගොබ නොලැබුනානම්
මසැස් ගොබ නොලැබුනානම්
මසැස් ගොබ නොලැබුනානම්......

දරුවෙක් අඩත්
බොනික්කෙක්
තුරුලු කරන්
තම පියාගේ
නිසල සිරුර දෙස බලන්

රත්නදීප ජන්මභූමි
ලංකදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමි

ohhhha god ....
dont let me feel any more pain...
give me some more "Morphine"
send ma salary home...

අත්ල බදා ඇල්ලුවෙමි නලල් තල
ජීවිතයත් එහි තක්සේරුවත්
කිරුම් මිනුම් දෙපාර්ථමේනතුවෙහි
සිල්ලරට මැනේ......

මේක වැරදියට දකින්න එපා මේක මම ලීවේ මීට සෑහෙන කාලෙකට කලින් එතකොට තිබ්බ යුධ වථාවරණය මීට සෑහෙ‍න වෙනස්....

2.පියා සහ මම

clutch එක පෑගෙයි
gear 1න් 2කට
2න් 3ට.....3න් top එකට
ඔහොම යං...

ඔහු දකු‍නෙ මම වමේ
ඔහු අත සුක්කානම
මයෙ අතේ පොත.
ඇස
කකුල
අත
වහා gear එක 2කට
ඔහු කරයි ඇස් කොණින මා දකියි

ඔහු යමක් අසයි ,මම ඊට පිළි බඳියි
ඊට වැඩි යමක් එතන නොමැත
රේඩියෝවේ....සිල්ලර හඩ ඇරෙන්නට....

තුබුවෙමි පසෙක පොත
සිතුවෙමි වන්න දෙඩමළු සමඟ ඔහු
හැගිනි... නොව මොහු රියදුරෙක්
මාගේ අනාගතයේ මාර්ගය සකස් කොට
එහි සනීපයට සුවපහසුවට
තෘශ්ණාව ඊරිසායාව ගුණමකු කම් පිරි ගොහොරු වලවල් මඟහරවා
ගෙන යන මාර්ගෝපදේශකයා ලෙස

පිය තුමණි ඔබේ ඉතිහාසය
ඔබ කළ කී දෑ ඇසුවෙමි
මහත් ආශවෙන්...ඒ තුලින්
විමර්ශණය කළෙමි ඔබ මනස
කිය වීමි එහි සියුම් තැන්
හැදින්නෙමි මේ ඔබ නොව
ලොකයට ගැලපෙන සත්වයෙක්
ලෙස ආරෑඩ වි ඇති බව...ඔබ ව ඒ තුළම සඟවා

මෙයම නොවෙද මාගේ අනාගතය....
අවසරයි සැබෑ මමත්වයේ විළි වසා
හදින්නට සිංහ සම
මේ කටෝර සමාජයට මුහුන දෙනු පිණීස
අවැසි විටක ගලවා රජ කරවනු කැමැත්තෙමි
සැබෑ මමත්වයෙහි "මම"

3.වරදට සමාව


බැළුවෙමි මම ,මම දෙසම
දුටිමි මාගේම වැරැද්ද
නියපිටින ඇද
දෙපා මුලින් අල්ලා
ගස්න්නට පෙර
පොළවට......

බැලූයෙමි ලංවී මුහුණ දෙස
"වරදෙහි"
ඔහු කියයි මා වෙත
"ඔබමය වැදුවේ මා...එපා මා මරන්නට"
දෑස් වසා
පොළෙවෙහි ගසා අතපයා කඩා
ප්‍රාණය නිරුද්ධ කළ හැක

නමුත් පිළිලයක් විලසින්
මින් පෙර නොවූ විරූ
ශක්තියෙන් හා ජවයෙන්
උපදින බැව් වැටහිනි

එබැවින උපන් මහත් කරුණාවෙන්
"මම ඔබ නොමරමි
ඔබ සමග යෙමි සසර පුරාවට...
නමුදු ඔබ කවුරුන්දැයි දැන"


සතිවිල්ලක් පවා මැරීම පාපයක් යැයි සතිනි මට
වැදූ මවකට මැරිය හැකිද සිය දරුවාව
ඔවා දී යහ මඟට ගනු තැත් කරනු විනා

සම්පත් බංඩාර


20.තාවකාලික විරාමය

Boomp3.com

සකල සිරින් පිරි සිරිලංකාවට
ආයුබෝ වේවා....
මම ‍17 වැනිද යනව පිටරට
නැවතත් ලංකාවට ගොඩ බසින දිනය බොහෝවිට 2012 එක්තරා දිනයක්

XP-මචං මම උඹව බලන්ඩ ආයෙ එනව එදා වගේ වැව් මාළු බැඳගෙනම...ඔන්න උඹ තමා කීවෙ ලෝකෙ පුංචියි කියල ...මට නම් මහ ලොකුයි වගේ බං...අඩෝ උඹත් එක්ක කථා කරේ නැතුවට උඹ මාත් එක්ක තරහ නෑ නේ...hikz hikz (heat operation of mom)

බෝ -අඩෝ කැරපියෝ...උඹ දන්නෙ නැද්ද කැරපොත්ත කියන්නෙ පිරිසුදුම සතෙක් කියල කාමරේ අස්කරපන් යකෝ...වරෙන් මචං තව පාරක් බදා ගන්න..යන දවසෙ පුළුවන් මම උ‍නොත් උඹව බලන්න එනව අම්මව මතක් කරපං ‍හොදේ....මේ guitar පොතක් තියෙනව එවන්නද...ඔන්න මම ප්රබුද්ධ දාගන්න තීරණය කලා යන ගමන් 5 වැනි වථාවට කියවන්න..මේ මට kite runner කියවන්න ආසයි මචං(happy Birthday to ek)

මලී- අම්මපා මේ සකුනි මකුණිට මොනා කියන්නද???... ලිපිනය ඇති නිසා එවන්නම්කො choco හොදේ...අපේ අම්මට ඇස්පෙනීම දුර්වල වේගෙන එන නිසා cross stiching නතර කරල බං ....ඔන්න දැන් shadow work ද මොනා‍ඳ මගුලකට බැහැල .....වැඩේ නැගල යනව..ඔය අයියට දෙන්න කියල මොකද්ද මහල දුන්නෙ...කෝ තාම අර EDGE OF THE HEAVEN බැළුවෙ නැද්ද හිත පිරෙන්න...(happy birthday to ek)

රවී-මල්ලියේ සහින සැබෑවෙනකොට මල් ඈ....බොමුද මං ගානෙ තව coke එකක්....uni ගිහින් අරවත් ගොඩ දා ගෙන ඉදපන් අයෙ එන දවසක හරිද...ඔන්න එදාට එහෙම "අනේමන්ද අයියේ " කිව්වොත් උඹව පට්ට ගහන්න ඉහේ ඉදන්.....(mage rata)

හරේ-කොණ්ඩෙ බැදපු තට්ටෙ පෑදිච්චි මගේ ආදරණීය හරේ....හරි වැඩ නේ...film බලනව වගේ....මට අමතක උනාද කොහෙද බන් 432 එකේ sub‍ටික එවන්න mail කරන්නම්...මනෝ කදු එවන්නං pack කරල පාර්සල් කරල රැජිනගෙ මුද්දර ගහල...(object by object questioning)

පුබුදු-පුබ්බෝ උඹ කොහෙද ...??? වරෙං මචං ‍uk මොන මගුලටද aussi යන්නෙ...දන්න කවුරුත් ඉන්න එකක් ඈ...?? අයේ මේ තම්ඹබපන්නියෙදි හරි ඉන් පිටතටදි හරි හම්බෙමු මචං...එත් උඹව අපෙ අම්ම දැකල කිව්ව මගේ ස‍හෝදරයෙක් වගේ කියල...ඉතින් ඇත්තනෙ නේද මචං නේද??(casaba lanka)

සමිරන්-මචං එදා එක ඇදේ කරට අත දාගෙන නිදිය ගත්ත වගේ ආ‍යෙ කවද්ද SET වෙන්නෙ..එදා තව ටිකෙන් CAMARAවට බඩු නේ...SORRY මචං...අන්දොස් නෙ හිටියේ...උඹ එදා බස් එකටම ගෙනත් මාව ඇරළුව ...මතකද වැරදිල වැරදි පැත්තට පැනල බස් එකක් එනකන් බලං ඉදල...වැඩේ තේරුණාම SHAPE එකේ අනිත් පැත්තට පැන්න නෝන්ඩි නැත්ව
(mahal warawa,mithras home)

ඉමාලි-අක්කේ ආවාම වාහනයක් ගන්න ලීස් එකක් දෙන්න හොදේ.නැත්තම් අප්පච්චි වෙනුවට මාව දාල ආයෙ අර advertiesment එක ගහන්න. මම දෙන්නම් කවියෙන්ම..අන්තිම ලියුම කියෙව්වෙත් අද අක්කණ්ඩියේ...arey yarr දැන්නෙ දැක්කෙ....මෙයා දැන් flickr එකේ damn popular නේ.....දාන්න අක්ක 5ක් ...ගහමු දැන් හිටු කියල...





මහගෙදර-ම‍හගෙද අම්භානෙක ඉන්නව කියන්න.....මේක බලයි කියල හිතන අයට විතරයි කි‍ව්වෙ මෙතන හොදේ.....අද online එන්නං කියල පොරෙන්දු උනාට බැරි වීම ගැන බොහොම කනගාටුයි..මොකද මම හෙට පාන්දර අනුරාධපුරයට සමුදෙනව...ඉතින් මේ ලංකාවේ සිට 2012 වසරේ එක්තරා දිනයක් වෙනකන් ලියන අවසාන blog සටහන වෙයි...ඉතින් නැවත හමුවෙමු...උඹල ඔක්කොම මට එක කුසේ උපන් අයියල අක්කල නංගියල මල්ලිලා වගේ තමා...උ‍ඹලගෙ ආශිර්වාචෙ මටත් මගේ ආශිර්වාදෙ උඹලටත් හැම දාම තියේවි අපේ මනස් සන්තාන අසසෙ ගුලිවෙල..එහෙනම් මම නවතිනව...අයේ 17න් පසු හමුවෙමු....

මීට
ආදරණිය
සම්පත්/සම්පතා/හමා/චර්මය හෝ උඹල කැමත් ඕනෙ එකක්
මටනම් ඇස් තෙත් වෙනවත් වගේ ඒ උනාට උඹල එහෙම අඩන්නෙ නෑ
ඔන්න නටපන් මං ගානෙ සිංදුවක්

Tuesday, September 2, 2008

19.සිළුමිණ පැළදවීම

"රන් මැලි මහ සෑ මළුවෙහි
සි‍ටියේ ඔහු පමණක්මය

ඒ ගොම්මන් වෙළාවෙහි
අහසේ පායාතිබුණේ

බ්රහස් පතී තාරකාව පමණක්මය
දිලිහෙයි එය
ඇස හැර බලා සිටියි

මහ සෑ කොත අඟ
මේ තාරකාව

පළදන්නට ඇත්නම් මට
ඔහු‍ට සිතිනි

කොත මුදුනත් තරුවත්
එක එල්ලේ සිටින තැන සොයනු පිණිස

ඔබ මොබ කිහිප වරක්
සෑය වටා ඔහු ගියේය

අන්තිමේදී එතන හමු විය
රනමැලි සෑ රන් කොත අඟ

සිළුමිණ වී..
සවනක් බුදුරුස් විහිදයි තාරකාව
සමාධි ගත විය ඔහු සිත

"ධීපේන තමධං සිනා"
දුටුගැමුනු මහ රජුනි
කිසිදිනෙක ඔබ දුටුවෙහිද මෙබදු අසිරියක්... ?"
1
දුටුගැමුණු රජ නොදැක්කා සත්තයි
මහගම සේකරයිනි,
නමුත් මම දු‍ටිමි
වරක් නොව
නේක නේක වාරයක්
වැතිරී ගල් තලා මත
ස්වේත තප්තව දිලෙන කොත අඟට
පැළැන්දුවෙමි ඔබ දු‍ටු "බ්රහස් පතී" තාරකාව
පමුණුවත්ම
ඇසිනි සියල් බුදුව‍රුන්ගේ දේශනාව
සතර අතින්
"සබ්බ පාපස්ස අකරණං-කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං-එතං බුදධා නුස්සතී"
2
සාධූ ! සාධූ ! සාධූ !
ගනිමි මම ගනිමි , වරයක් ලෙස ගනිමි
ඔබ දුන් අනුශාසනය
පසඟ පිහිටුවා වදිමි
සුමට ගල් තලා මත...

1-මහගම සේකර ප්රබුද්ධ
2-සියළු බුදුරජුන්ගේ අනුශාසනය


18.බන්දුල එක්ක ලෝකෙ වටේ යාමට පෙර SAM(සුං) එක්ක වත්ත වටේ යාම...


අද සැප්තැම්බර් 2වැනි අඟහරුවාදා....කොච්චර දේවල් කරන්න තිබ්බත් ඒ ඔක්කොම නම් ඉවර කරනගන්න බෑ...කඩිමුඩියේ මූලික අවශ්‍යතා ටික පවා කරල ඒ යන වෙලාව අතරතුර පවා වෙනයම් කාර්‍යයක් පරිඝණකය ඔස්සේ ඉබේ සිදුවෙන්න දාල ගියත් කලින් දවසෙ රෑට අද කරන්නම් කියල හිතන ලැයිස්තුවෙන් භාගයක් වත් ඉවර කරගන්නෙ බොහොම අමාරුවෙන්...මේ එක්කම මේ දවස් වල අපේ මලී නංගිගෙ blog සටහන් වල pursuit of Happiness කියන movie එක ගැන ලියවිලා තිබ්බ නිසා ඒකත් මගේ මේ දවස් වල ජීවන රටාවට ගැලපෙනව කියල හිතුන....මම ඔය කියන කථාව බලන්න පොළඹුවේ අනුරාධපුර කඩපනහ මගේ හිතවත් video center එකේ අයිය..පොර මගේ රුචිකත්වය ගැන මටත් වඩා හොදට දන්න පොරක්..මිනිහ මම එතනට මුලින්ම memberhsip එක අරගෙන set උන මුල් මාස දෙකතුනේ විවිධ ආකාරයේ movies දීල මාව පරීක්ෂාකරා..ඒ මම නැවත බාරදෙන්න යනකොට ඒක ගැන එක එක ප්රශ්ණ අහල.ඒකෙන් මිනිහ මගේ කැමැත්ත අකමැත්ත දැනගත්ත.ටික දවසකින් පස්සෙ මට කියන්න කිසිම දෙයක් නෑ...මිනිහ ගියපු ගමන් මල්ලි මේක බලන්න කියල දෙනව....ආයෙ අහන්න දෙයක් නෑ..බඩුම තමා....pursuit of happiness කියන එකත් ඔය විදයට මට බලන්න දුන්න එකක්....මම ඕක අවසාන වථාවට බැළුවෙ මීට හරියටම මාස 2කකට විතර උඩදි..ඒ මම බලපු 3න් වන වථාව...මට ඔය හරහා තමා Rubik's cubes කලාව ගැන සිත් ඇදිල ගියේ..ඒක කොච්චර දුරට ගියාද කියනව නම් මම ඒක අපේ වැඩපලේ ඉන්න සේවකයන්ට lunch time එකේ නිකන් ඉන්න ගමන් ඒක හදන්න පුරුද්ද ඇතිකරා....Rubik's cubes කියන්නෙ එක්තර ගණිත සාත්තරයකට අනුව සකස් කළ හැකි දෙයක්....මට දැන් ‍ටික ටික අමතක වෙලා ගියත් පෙඩි ක්රම වේද කිහිපයක් ඔස්සෙ විනාඩි 30කට නොවැඩි කාලයකින් නිම කරන්න පුළුවන්...මම මුලින්ම කිසිම ක්රම වේදයක් අත්හදා නොබල එක සැරයක් විතරක් බොහොම අමාරුවෙන් හැදුව නම්ත් ඊට පස්සේ ඒක ගැන PHD එකක් එනකන් එකත් එක්ක ජීවත් උනා...ම‍ට මතකයි මම ඒ දවස් වල වැඩ ඇරිල ගෙදර ඇවිත් නාල හෙම කා‍මරයට ගියාම එළිය‍ට එන්නෙ ඊළග දවසෙ උදේ....මට ඒ දවස් වල මගෙ යළුවො විහිළු කරනව "අන්න අරූ ගෙට වෙලා කියල".........ඔබනලයේ මේන්න මේ 1 හා 2 යන video දෙක මගේ අධ්‍යයනයන්ට මාර විදියට උදව් උනා..මම මගේ පළවෙනි rubic කැටය ගත්තෙ රුපියල් 60කට කොළඹ ආර්පිකො එකෙන්...ඒ දවස් වල මට වහනේ යනකොට අර එක්තර dilog add එකක මොකද හදිස්සි හිමින් යමු කියනව වගේ කොච්චර වෙලා ගියත් ගැටළුවක් නෑ..මම එකෙන් මාර වින්දනයක් ලැබුව...මුළු ලොකෙන්ම මිදිල කරන එක්තරා භවනාවක් මටනම් ඒක...(UI/LI/U/L/U/F/UI/FI) හා ‍(F/R/U/RI/UI/FI) වගේ ඒව එතකොට නැතුවම බැරි සූත්ර...
MARK TWAIN කියල තියෙනව මිනිසෙක්ගෙ ජීවිතය වෙනස් කරන්න තප්පර 5ක් ඇති කියල..ඒ වගේ තමා මේ MOVIE එකෙත්...අදාල තැනැත්තාගෙ ජීවිතයෙ TURNING POINT එක වන්නෙ සරල RUBIK කැටයක්....මේක ගැන මීට වඩි කියන්න ගියොත් මේක කව්රු හරි වැරදිලාවත් කියල MOVIE එක බල්න්න හිතුනොත් ඒක එයාගෙ රසාස්වාදයට කරන අභියොගයක්....මේකනම් මට මහගමසේකර මහත්තයගෙ කවි පොතක් තරමටම වටින FILM එකක්...අනික මේක සත්‍ය කථාවක් ඇසුරෙන් ගොඩ නැගුනු එකක්.....කොහොම හරි ඕකෙ එන පුද්ගලය දෙන වගේ GAMAක් දීල ඉරිද VIDEO ගත කරපු තවත් කොටසකට සංගීතය ඔබල තවත් කොටසක් අපේ ගෙදරදි තියෙන ශබ්ද වලටම ඉඩ දීල ඔබනලයට UPLOAD කර ගත්ත....මම මේකෙ වඩාත්ම කැමති "ලෝකෙ වටේ යාමට පෙර වත්ත වටේ යාම කියන" එකට...මේකෙ පස්බිමින් ඇහෙන්නෙ අපේ අම්මලාගෙ කාමරේ ඒ වෙලාවෙ ස්වර්ණ වාහිනියෙ යන ලොක සිතියමද මොකද්ද කියන වැඩසටහනේ දෙබස් හා එහි සංගීතය...ඇත්තටම මම ගොඩක් සතුටුයි නගර බද ප්රාදේශක අපේ ගෙදර පිහිටලා තිබ්බත් තාම උදේට සුන්දර කැලෑවක ඉන්නව වගේ විදින්න පුළුවන් වීම ගැන....ඒක මම මේක නැවත නැවත අහද්දි වැටහුනා...4 වන විනාඩියට අදාල පරාසයේදිනම් වාහනයක ගොෂාවෙන් ඒක යට පත් වෙලා යනව...නමුත් තාම සතුටු දායකයි...නමුත් ඊලග පරම් පරාවට ඒ වාසනාව නැතිවේවි..ඒ නිසා මම මේකෙ එන ස්වාභාවික සංගීතය මම යොදා ගත්තෙ නැතතම් ඒක මම මේ ශබ්ද නගන විහගුන්ට ,රුහැයියන්ට,සුළගට කරන මදි කමක් නිගාවක්...මේකෙ තියෙන් මම පුංච් කාලෙ ඉදල දැකපු pines කුලයට අයත් ALOCARIA වර්ගයේ ගහක අත්තකුයි කදකයි සමීප දසුනක්...මේක අපේ අම්මට අම්මගෙ මල්ලිගෙන් අපේ අයිය ඉපදුන අළුත අම්මට ලැබුණු තෑග්ගක්...මම පොඩි කාලෙ මා‍යා බොංචි වැලේ කථව බලන හැම වාරයක්ම පාසා මේක උස යනකන් බලන් හි‍ටිය...ටිකෙන් ටික මේක අපිත් එක්කම උස ගියා...අපේ අය්යටත් වඩා කොටට ඉදල අද අපේ අය්ය වගේ දහ පහලොස් වාරයකටත් වඩා උස ගිහිල්ල...මට මේ ගහත් එක්ක තියෙන මතකයන් කියල නිම කරන්න බැරි තරම්.....ඒව කවද හරි ආයෙ ආයෙ කියනවන් ලියල තියන්න ඕනෙ.("හැම දාම නත්තල්" කියල ඒ series එකට නම දාන්න ඕනෙ.)..මොනව උනත් අපි සුන්දරත්වය හොයාගෙන ලොකෙ වටේ ගියාට ඒ සුනදරත්වය අපේ වත්ත ඇතුලෙම තියෙනව නේද කියල හිතුන.....සම්පත් ලියයි(one of those videos still havent completed processing...Still steaming hot...lol)