Sunday, August 31, 2008

17.විවේකී ඉරිදා දවස

හරිම අපූරු දවසක් ...ඇති තරම් නින්ද,වින්දනය,නිදහස හැම දේම එක්ක පිරුණු දවසක්...කලින් දා වැස්ස හින්ද පරිසරයත් හරිම ලස්සනයි..කලින් දවසෙ අම්බානෙක රෑ වෙලා නිදා ගත්තට උදේ 6ට විතර ඇහැරෙනකොට ජනෙල් රෙද්ද ඇතුලෙන් අව්ව ටික ටික කාමරේට උනනව...මම කලින් දවසෙ charge වෙන්න ගහල තිබ්බ වීඩියෝ කැමරාවත් අරගෙනම සරම පිටින් පල්ලෙහාට බැස්සෙ උදේට තියෙන ලස්සන කැමරාවට පුළුවන් තරමින් වත් හසු කරගන්න ආසාවෙන්..කට හොදල වතුර එකක් හෙම බීල මහ දොර ඇරගෙන එළියට බහිනකොටත් අම්මයි අප්පච්චියි නිදි..ඉරිද දවස නිසා එයාලගෙ අද දවස පටන් ගන්නෙ 6.30ට විතර....පුංචි පුංචි මල්වල ඒ වගේම කොළවල තාමත් වැහි බින්දු...ඒවට ඇහැ ලංකරල බලපුවාම මාවම අයෙත් පේනව..හරිම අපූරුයි..මම හිතන්නෙ මේ දවස් වල මගේ මනසෙ තාම දින කීපයකට කලින් බලපු ්‍Horton hears a who! වැඩ කරනව....කැමරාවට පුළුවන් තරමින් හසු කරගෙන ඇවිත් කාමරේ තියෙන මාළු ටැංකියට මාළුකෑම ඇට දෙක තුනකුත් දාල අම්මලාගෙ කාමරේ තියෙන මගේ අනික් desktop computer එකට dvd ය rip වෙන්න දාල උදේ කෑම කන්න ගියා..මම කොහොමත් පැය එකහ මාරකටත් වැඩියෙන් මල් වත්තෙ ඒ මේ අත කැමරාවයි දිය බිංදුයි එක්ක දැහැන ගත වෙලා තියෙනව..අම්ම උදේට කන්න තම්බලා තිබ්බ මඤ්ඤොක්ක යි සම්බොලයි කද්දි මට මතක් උනේ freed ගෙ රා කථව.....උදේම තෙලිජ්ජ ටිකකුත් තිබ්බනම් කොහොමද..නමුත් ඉතින් ඒක අමතක කරල කෑම කාල ඉවරවෙල‍ෙ යද්දිනුත් DVDය RIP වෙනව...මාර කම්මැලි කමක් දැනුන නිසා RIP වෙලා ඉවර උනාම STANDBY වෙන්න SETTINGS ‍ටික හදල අයෙත් නිදාගන්න ගියා...ඊයෙ රෑ නිදියනකොට 2යි ඉතින් නිදිමත එන එක අහන්නත් දෙයක් ඈ...11.30 විතර ඇහැරුනේ 12ට නොච්චියාගම යන්න තිබ්බ නිසා නැත්තම් තව නිදියන්න තිබ්බ..ජපානයේ සිට අනයනය කරන ලද නව යන්තෝරෝප කරන වගයක් ගැන බලන්න අප්පච්චිත් එක්ක කලින් කථා කරගෙන නොහිටියානම් කියල ඒ වෙලේ හිතුනට නාල ලෑස්ත් උනාම ඒක මග හරිල ගිය...අප්පච්චියි මායි විතරක් ගියාම අම්ම ගෙදර තනියෙම නිසා අම්මවත් දාගෙනම ගිය..පොඩි දුර උනාට ඒක ගියෙත් TRIP එක වගේ...ඔන්න පළ‍වෙනියෙන් පාර අයිනෙ අඹ වගෙයක් තිබිල ඒක කන්න නතර කළා ,ඊට පස්සෙ මට මගදි බඩ ඉරිගු දැකල කන්න ඕනෙ උනා..කොහොම හරි නොච්චියා ගම ගිහින් ඇවිත් කාල පොඩි නිනදක් දාල නැගිටිනකොටම 5ට විතර ඇති..අම්මත් එක්ක පොඩ්ඩක් කයියක් ගහගෙන ඉදල 5.30ට විතර WASH එකක් දාගෙන ලෑස්ති වෙලා රුවන්මැලි සෑයට ගිහින් එනකොට මගදි පියතිලක පිරවුම් හල ඉස්සරහ අළුතෙන් දාපු "Princess" INDIAN FOOD කඩේ දැකල තොසෙ කන්න ඕනෙ උනා..ඒක ORIGINAL සයිවර් කඩයක්...අර මලී කොළඹදි යන එක වගේ...මම මාර ආසයි මැදට අල PASTRY දාල හදන මසාල තොසෙ කන්න..ගිය අගොස්තුවෙ උදිත,ලකී,මේන එකක් නුවරඑළියෙ අළුත් bus stand එක ඉස්සරහ තිබ්බ කඩේකින් කෑවට පස්සෙ කෑවෙ අද..අනුරාධපුරේ වෙන සයිවර් කඩ එකකවත් මසාල තොසෙ හදන්නෙ නැති නිසා මම ගියපු ගමන් ඇහුවෙ ඒව තියෙනවද කියල..තියෙනව කිව්ව නිසා HELMET එක මේසෙ උඩින් තියල අත හෝදන්න යන ගමන් කියාගෙන ගියා මසාල තොසෙ 1යි උළුදු වඩෙයි ගෙන්න කියල...ඒක කාල උණු එළකිරි එකකුත් බිව්ව...ඒක තමා නියම දෙමළ විදිය වතුර එකත් කට තියන්නෙ නැතුව වක් කරගෙන බි‍ව්වෙ..රෝමෙ නම් රෝම විදිට ඉන්න එපෑ.අපේ අම්ම දෙමළනෙ ඒක නිසා මට නම් ගැටළුක් නෑ..(hikz hikz...දෙමළ කිව්වට දෙමළම නෙමේ..නමුත් ඒ වගේ මොකෝ දෙමළ පරිසරයක තමා හැදිල තියෙන්නෙ ඒ නිසා කථාවත් සංස්කෘතියත් ඇගට මුල් බැහැල තියෙන්නෙ).අපේ වව්නියාවෙ කඩේට ගියාම මම සයිවර් පාරක් දාන්න අමතක කරන්නෙ නෑ..කොහොම හරි අම්මයි අප්පච්චිටයි උළුදු වඩේ 4කුත් අරගත්තාම හරියටම බිල රුපියල් 180..ගෙදර ඇවිත් උඩට ආවෙDESKTOP COMPUTER එකේ RIP වෙලා තිබ්බ CLIP ටික අරගෙන රුවන් වැලි සෑයෙදි වීඩියෝ ගත කරපුව RIP වෙන්න දාගෙනම...නමුත් උදේ කරපුව ඇතුලට ඔබ්බන්න තරම් පසුබිම් වාදනයක් හම්බුනේ නෑ....ඒ නිසා මේකෙ මේ අවසාන වචන ටික ලියනකුත් රුවන්මැලි සෑයෙදි ගත්ත ටික ඔබනලයට UPLOAD වෙනව..බොහෝ විට මේ සමගම අද දවසත් නිමා වේවි...

දැන් නම් ඔබනලයෙනුත් මට පන්සල් යත හැකි.. මම යනකොට දකින දේවල් ඒ angle වලින්ම ගන්න ඕනෙ උනෙත් එකයි...රුවන්මැලි සෑයෙ කොත විදුලි බුබුලු අලොකෙන් crystallize වෙන දිහා මම බලන් ඉන්නෙ හරිම අසාවෙන් හරියට පොඩ් ළමයෙක් වගේ...මේ video එක මගේ සදාකාලික මතක ගෙන්නට එකතු වේවි...සම්පත් ලියයි







3 comments:

malee_msg said...

ලියලා තියෙන ඒවා නම් ආනේ මන්දා ....මට මතකත් නෑ මොනාද ඒකේ කියෙව්වේ කියලා...ඒත් වීඩි‍‍යෝ එකයි ඒකේ මියුසික් ටිකයි නම් නියමායි...!

සම්පත් අයියා යන්න කලින් මතකන් එකතු කරනවා වගේ අරන් යන්න හොදයි හොදයි..!

අනේ තොසේ ...ෂික් කාපු කාලයක් මතක නෑ... මං පව් අප්පා !

W.A Lasitha Imali said...

i think this is the life anyone expects..

සම්පත් බංඩාර said...

@malee අයෙත් කමු..අන්න samත් එදා බැන බැන හිටිය ඔයා එයාලට partiයක් දෙනව කියල මග හැරිය කියල..‍promo එකකටද කොහෙද.ටැමිල් බ්රදරන්ල තරහ වෙයි නැත්තම්..hikz hikz

@imali
hi imali nice to to meet you here..Mmm in way its true imali..But every ones' life is so unique and yet to be revealed ...isn't it imali???

@hare
අහ ඔය තියෙන්නෙ මරුවට..මගේ මතක පෙට්ටගමේ රුවන් වැලි සෑය ගැන ලියන්න තව එක blog සටහනක් විතරක් තියෙනව හරේ..එකත් ලියලම කථා කරමු මේ ගැන..ඒක තමා මේ රුවන් වැලිසෑ මාලාවෙ කොත පැළදවීම..මම ලියපු කවි අති බහුතරයක් ලිව්වෙ ඔය පර්සිරයෙ ඉදන් ..නමුත් මම ලගදි ඒක වෙනුවෙන් අනිමිසයක් වගේ දෙයක් කළා මහගම සේකර මහත්තයත් එකක්ම...hikz hikz....බලමුකො දාපුවාමම...