Sunday, August 24, 2008

11.විදින්න ගොස් විදවීම

අද 24 වැනිද ...මාර kick ඇස් දෙකට....ඊයෙ සොමියට ඡන්දෙ බලන්න පානදර 4 වෙනකන් ඇහැරගෙන ඉදල මාර සොමි දැන් ඇගට....ආය කවද ඉතින් මේ වගේ නෑ දෑයෙ ඔක්කොම seටා වෙලා මැද සාලෙ ඉදගෙන කඩල, රටකජු කකා කොපි බිබී....යන film බල බලා ආතල් එකක් ගන්නද...අයිය කිලොමීටර් දහස් ගානක් ඈත හිටියත් එයා වත් මැද සාලෙට ගෙනා skype එකට රොම්බ thanks yarr කියන්න තමා වෙන්නෙ.. මිනිහටත ගෙදර හිටිය වගේ තමා පොඩි එවුන් ගිහින අයියා කිය කිය laptop එකේ screen එක අල්ලනව.ඒත් කෝ මේ මිනිහ computer එක ඇතුලෙන් එළියට එන එකක් ඈ දිව දික් කරනව හිනා වෙනව මිසක්.මට මතක් වෙන්නෙ ගිය වතාවෙ මිනුවන්ගොඩ අපේ නැන්දලාගෙ ගෙදර ගිහින ඉද්දි මේහෙ virtual chat පාරක් දාන්න ගිහින් නෑදෑ පුංචි පුතෙක් මට දාපු අ‍පූරු nick name එක."කොම්පි අයිය-compi අයිය"(මිනිහ compi යන්නෙන් අදහසි කරේ computer) අම්මපා බඩගාන වයසෙ හිටියට දැන පොඩි උන්ට තියෙන දැනුම..මිනිහ නම් ‍ලොකු උනාම අපේ මඩය වගේ වෙනව sure...වයසෙ හැටියටද card ගහන්නෙ....ඇත්තටම මේ තාක්ෂණය කොච්චර වටිනවද අපේ ජීවිත වල හදවත් ඇතුලෙ ඉන්න නමුත් කිලො මීටර් දහස් ගානක් ඈත ඉන්න ඈයෙ අපේ සමීපෙට ගේන්න.අති බහුතරයක් ඕක වැරදියට පාවිච්චි කලාට ඉතින...මොනව උනත් වදයකුත් වෙන් බැරි නෑ..ලොකු පුතා ඔයා කෑවද?? මොනවද කෑවෙ?? අද මොකද කලේ?? දැන් රස්නෙ අඩුද?? එක විකාරයක් වෙන්න ඇති අයියටනම් sure එකටම...නමුත් ඉතින් ලග ඉන්නව වගේ හරි අපූරු ‍‍feeling එකක් එනව.....
ඔය අතරෙ තමා දෙවෙනි වතාවටත් BUCK BUNNY දෙවෙනි වතාවටත් බැළුවෙ..අබා ගැන කථාවක් යද්දි අම්මගෙ මතකෙ නම් දිව ගියේ අපේ අයිය අපේ අත්තම්මත් එක්ක පළමු වතාවට theater එකක film බල්න ගිහින් අවිත් අම්මත් එක්ක කියපු කථාවක්...අතදෙකත් පාළුවත් තරම් දෙපැත්තට ඈත් කරල කිව්වලු අම්මේ ඒකෙ ලොකූකූ‍කූකූකූකූ TV එකක් තිබ්බ කියල...අපේ පුංචි කාලෙ අපේ අම්මලට අපි කොච්චර fun එකක් දෙනවද නොදැනුවත් වම නේද??? ඒක නිසාම වෙන්න ඇති පංචි ළමයිනට මල් වගේ කියනව ඇත්තෙ...නමුත් මට නම් අපේ අනාගත පරපුර ගැන අම්භානෙක ලොකු ගැටළුවක් .... day care සංස්කෘතියත් එක්ක බිහිවෙන ළමා පරපුර ගැන මට තියෙන්නෙ මහ විකාර අදහස් ගොන්නක්...තාම මේ day care පරපුර අපේ සමාජ වලට අනුයුක්ත වෙලා නෑ පුරවැසියන් වශයෙන් ඉතින් මේ පරපුරත් එක්ක ලොකු පෙරළියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි.... ඒක ඒ වෙනකන් ගැටළුවක් විදියටම තිබ්බාවෙ..අපිත් තව කල් ඉන්නවනෙ බලමුකො ඉතින්....
අන්න එදාට මේ තාක්ෂණ පෙරළියත් එක්ක එන BIG BUCK BUNNY වගේ අපූරු නිර්මාණ අපූරු සේවාවක් ඉටු කරයි...ඒ ගැන නම්‍ ලොකු සතුටක් තියෙන්නෙ...මම මේකෙ යටින් කථා කරපු දේ ගැඹුර මටවත් තේරුණාද මන්ද....කොහොම හරි එදාට තාක්ෂණ පුරාගාමීන්ට ළමා පරපුර වෙනුවෙන් ලොකු භාර දූර කටයුත්තක් ඉතිරි වෙලා තියේවි...අන්න ඒ ක්රම වේදය තුල ලංකීය ඇවතුම් පැවතුම් එක්ක යන animated film සංසකෘතියක් හදන්නත් වෙයි ..මොකද BIG BUNNY ල NEMO ල SHREK ල HAPPY FEET ල ANT ල කවදාවත් සෙල්මක් විදියට පංච දානව හරි ගස් කොටවනව හරි ගුඩු ගහනව හරි ANIMATE වෙන්නෙ නැතිවෙයිනෙ නේද??...මටත් මහ එක එක පිස්සු දෙවල් එනව අප්පා...මේව සමහරුන්ට විහිළු වගේ නිසා කාට හරි කිව්ව කියල හිතාගෙන අළු පාට කොලේකට ලියල STRESS එක RELEASE කරගන්නව....අවසානෙ ඉතින් කියන්න වෙන්නෙ LETS BE HOPE FULL කියල තමා....


සම්පත් ලියයි


2 comments:

malee_msg said...

වයිෆ් ‍ට බබා බලාගෙන ගෙදර ඉන්න කියන්න අයියේ..එතකොට ඩේ කෙයා ඕනි නැහැනේ.:p නැත්නම් ඔයා ගෙදර ඉදලා වයිෆ් අක්කව යවන්න හික් හික්...

නැ නැ ඇත්තටම ඕනෑම දේක සීමාවක් තියෙන්න ඕනි කිව්වට අපි ‍ගොඩක් වෙලාවට ඒ සීමා බිදගෙන යනවා..ඒක බිදිලා ‍ගොඩ කාලෙකට පස්සේ තමයි වැරැද්ද තේරෙන්නේ...එ‍‍තකොට සමහර විට පමා වැඩි වෙන්නත් පුළුවන්....

සම්පත් බංඩාර said...

@ freed
අනිවාරයෙන්ම freed මට නම් සමහර ඒව බලපුවාම හිතේන්නෙ ‍cartoon(animation කලාව අතුළුව) කියන්නෙ අති ප්රභල මාධ්‍යයක් විදියට...සමහරු වයසත් එක්ක මේ වගේ දේවල් වලින් ඈත් උනාට පාවිච්චි කරනවනම් නියම bullet එකක් තමා...

@malee
මම අර දෙවැනි කියපු එකට කැමතියි...hikz hikz...
babysitter කලාව ලංකාවෙ පැලපදියම් වෙන්නත් තව මහලොකු කාලයක් යන එකක් නෑ..බලමුකො ඉතින් මොකද වෙන්නෙ කියල නේද...