Thursday, August 21, 2008

7.පුද්ගල අනන්‍යතාවය

අද දවස දහවල් කාලය ටිකක් විතර කාර්යබහුල වුනත් වැඩ ටික ඉක්මනට ඉවර කරල ගෙදර එන්න පුළුවන් වීම සතුටක්..කොහොම හරි ගෙදර ඇවිත් නානකොට තමා මට ඒත්තු ගියෙ මගේ කොණ්ඩෙ මටත් නොදැනිම සෑහෙන දුරට වැවිල කියල...මම නාල ඉවර වෙල හෙම යට මාලයේ අම්මලා කාමරේ නිකමට වගේ කණ්නාඩිය ඉස්සරහට ගිහින කොණඩෙට පොල්තෙල්(පිරිසිදු කරන ලද සුදු පොල්‍ තෙල් hikz hikz) ටිකක් ගාල වම් අතින් පපස්සට කරල මිටි කරල අල්ලපුවාම තවත් අගල් 3ක් විතර කොම්බුවක් ආකාරයට නැවුනු මහපට ඇගිල්ලත් දඹර ඇගිලත් අතරින එළියට රෑරා වැටෙනව කියල දැක්ක..කොහොම හරි ඕක අම්ම දැකල එතනින යන ගමන් මගෙන් විහිළුවට වගේ ඇහුව "මොකෝ බූල් band එකක් දෙන්නද කියල" මමත් කිව්ව.."කෝ දෙන්නකො" කියල...අම්ම නම් මුලින් හිතුවෙ මම එහෙම කිව්වෙ විහිලුවට කියල...නමුත් ආයෙත් සැරයක් කිව්වාම අම්ම ඇවිත්ම ඒක දැම්ම...ඒක මාව එක්කන් ගියේ හරිම සුන්දර මතක සටහනකට....ඒ කියන්නෙ මට අවුරුදු 2 හො 3ක් කාලෙ(මට නම් මතක නෑ..අම්මලම කියන දේවල් තමා)..අපේ ගෙදර ඉන්නෙ කොල්ලොම දෙන්නෙක් නිසා අපේ ගෙදරට අපි පොඩිකාලෙ අපේ අම්මගෙ නෑදෑයින්ගෙ අපේ වගේ වයස ගෑනු ළමයින්ව ගෙන්න ගන්නවළු ඉදල හිටල අපිත එක්ක සෙල්ලන් කරන්න...ඔන්න ඉතින් ඔය ආපු ළමයෙක්ට තෑග්ගක් විදියට දෙන්න ගෙනාපු ගවුමක් ලොකු මදි වීම නිසා ගෙදර තිබිල තියෙනව මාරු කරන්න...අම්මට එක දවසක් උදේක ඕක මට අන්දන්න හිතිල. මම කොල්ලෙක් උනාට ඒ කාලෙ කෙණ්ඩෙ ‍කැරලි කැරලි ලස්සනට දිගට තිබිල තියෙනව..අම්ම ඉතින් ඕකත් මට අන්දල ..අර ඇවිදින කොට පී පී ගගහ නලා හඩවන සපත්තු දෙකකුත් දාල ගේට්ටුව ඉස්සරහ පොඩි බංකුවෙ මාවත් පැත්කින් වාඩි කරගෙන ඉන්නවලු..මමත් කකුල් දෙක වන වනා මෙනාදෝ ගැන කල්පනාවකළු(සමහර විට මම sure එකටම මොකෙද්ද කියල වෙන් ඇති)...අම්ම එදා මගේ කොණ්ඩෙට පොඩි පෝනි tail දෙකක් දාලලු තිබ්බෙ..කොහෙම හරි බැලූ බැල්මට නම් කෙල්ලෙක් වගේමළු..ඔන්න ඉතින් එතකොට අපේ ගෙදරට එහා ගෙදරට ගමේ ඉදල ආපු සීය කෙනෙක් ඉදල (අම්මව හොදට දන්න කියන) ලගට ඇවිත් කිව්වළු" දූව මම බලා ගන්නං නෝන වැඩක් තියේ නං කරගන්න කියල"...ඒ මොකද ඒ ,පොඩි ළමයි ඉන්නකොට ,අම්මල තනියෙන් නම් ඉන්නෙ හරිම අමාරුයි ගෙදර වැඩක් පලක් කරගන්න....කොහොම හරි එදා ඒ බූල් band එකක් දැම්මට පස්සෙ දැම්මෙ අද වෙන්න ඕනෙ...කොහෙම හරි ඔය කෙරුවාව ඉවර වෙනකොටම වගේ තමා අප්පච්චිත් ගෙදර ආවෙ...මාත් අප්පච්චිත් එකම තැන රාජකාරියෙ යෙදුනට අප්පච්චි එනකොට ටිකක් ප්රමාද වෙනව...අප්පච්චි ඔක්කොම පිළිවෙලක් කරල තමා ගෙදර එන්නෙ....එතකොට මට වඩා විනාඩි 30 ක් 40 පරක්කු වෙනව....කොහොම හරි මම කොණ්ඩෙ බැදගෙන ඉන්නව දැකල අප්පච්චි හිනාවෙල කිව්ව..."අයිය තට්ටෙ ගානව මල්ලි බදිනව"එහෙම කියා ගෙනම අප්පච්චි wash එකක් දාගන්න ගියා.මගේ කොණ්ඩය ස්වාභාවිකවම බොහෝ කැරලි ස්වභාවක්‍ පෙන්නුම් කරන නිසා රුකියා ස්ථනයට යනවි මෙවන් band එකක් අවශ්යතාවක් නැති වේවි තවත් දිගට වැවෙන්න ඉඩ නොතිබ්බොත්..කොහෙම හරි ඒ වෙන කොට අම්ම කුස්සියෙ අප්පච්චිට තේකක් හදනව..මම මගේ යට ලාච්චුවෙන් මීට දින කීපයකට උඩදි මිලට ගත්ත රස්තියාදු කාර මලෙයි pendent එකයි අයුධ පෙට්ටියෙන අඩුවයි අරගෙන කුස්සියටම ගියා..ගිහින් අර කියන රස්තියාදු කාර මාලෙ "රස්තියාදු‍" කොටස ඉවත් කරන මොහෙයුම පටන් ගත්ත..ඒ කියන්නෙ ඒකෙ ත්බ්බ plastic වලින් හදාපු මොකද්ද මම නොදන්න ලංඡනයක්..මම ඒක අඩුවෙන් කඩල අයින් කරල මම ලගදි හදපු pendent එක ඒකට ස්තීරවම ඇමුණුව... දැන් රස්තියාදු කාර ගතියක් නෑ...කළු නූලයි රත්රන් pendent එකයි...අම්මයි අප්පච්චියි, අයියයි ,අත්තයි,අත්තම්මයි කළු නූලකිකින් බෙල්ලෙ එල්ල ගත්ත....නියම ලාංකීය පොනුමක් තියෙන්නෙ දැන්...මම ඒක බෙල්ලෙ දාගන්නව දැකල අම්ම කිව්ව දැන් පච්චයක් විතරයි අඩු කියල...මම හිනා වෙවී කිව්ව..ඔව් මම දකුණු අතේ "ස"යන්ව ගහල ඊට යටින් "MADE IN SRI LANKA" කියල ගහන්න ඉන්නෙ කියල...hikz hikz...අයියනම් දැනටත් දකුණු අතේ කවුරුත් දන්න චේගුවෙරග අගල් දෙකේ දෙකේ ප්රමාණයේ ප්ච්චයක් ගහල ඉන්නෙ...නමුත් මට තාම ඒ ගැන හරියටම ආසාවක් ‍ඇති උනේ නෑ....නමුත් මම දැකල තියෙනව පච්චය කියන එක දිහා සමාජය තාමත් බල්නනෙ වපර ඇසකින...නමුත් මම නම් දකින්නෙ මිනිස් ශිෂ්ඨා‍චාරයේ එක්තරා අපුරු කලා සංධිස්තානයක් විදියට....නමුත් ගහන්නම් වාලෙ මකරුයි ,යක්කුයි ,මිනී ඔලුයි ගහන එක නම් විකාර වැඩක් වෙන්න පුළුවන්..මොකද කූඹියෙක්ට හිංසාවක් නැති එකෙක් මිනී ඔළුවක් ගහල යටින් "I'm the Ruler" කියල ගහගෙන පෙන්නන්න යන පව්ර්ෂය මට විහිළුවක්....කොහොම හරි ඔය කථා බහ ඉවර කරල flickr වෙබ් අඩවියේ මගේ මිතුරෙකු වන Inil විසින්ද ඉදිරි පත කර තිබුනු අගොස්තු 10 sunday times හි 15ස් වැනි පිටුවෙහි ,tributes-"Kadiragamar rose for his country"නමින් පල උන ලිපියත් කියවල ...imali මා වෙත එවා තිබුනු e mailaයට ද reply කරල ලියන්න පටන් ගත්ත පිටුවක් තමා දැන් මේ කොළවරකට ලගා වෙලා තියෙන්නෙ...ඡන්ද කටයුතු නිසා ඇතිව තිබෙන වතාරවරණය නිසා දින කීපයකට ශරීර සුවතාවය පිනිස අම්මත් එක්ක ඇවිදින එකට තිත තිබ්බ...අද දවසත් ‍තව බලාපොරොත්තු රුසක් ඉතුරු කරමින් මතකයන් අවධි කරමින් internet පිටුවකට මේ ඔක්කොම සටහන් උනා...

සම්පත්ලියයි...

9 comments:

නලින් (Boman) said...

සම්පත් ගිය මාසෙ අපේ ගෙදර එද්දිත් කොණ්ඩෙ බදින තරමට තිබ්බා වගේ මට මතකයි.

කොණ්ඩෙ ගැන කියද්දි මට අපූරු සිදුවීමක් උනා. මම සතියකට විතර කලින් තට්ටෙ ගෑව. ඊට පස්සෙ සමීර එක්ක සෙට් වෙන්න ගිය දවසෙ සමීරය ඈත එද්දි මම අත වැනුව,පොර බලනවලු කවුද මේ අදුරන් නැති එකෙක් අත වනන්නෙ කියල. පස්සෙ ළඟට ආවහමයි මාව අදුරගත්තෙ ඌ..

සම්පත් බංඩාර said...

@ බෝ..

හම් එකනම් එහෙම තමා නමුත් අද නිකන් වශෙෂ දිගක් දැනුන සමහර විට කාලෙකට පස්සෙ shampoo කල නිසා වෙන්න ඇති..මම බෝ වැඩිය shampoo කරන්න කැමති නෑ..අස්සවාභාවික මගුල් වලට තියෙන අකමැත්ත නිසා...

හප්පට සිරි..එහෙමද ...මමත් කාලයක් මූන පුරාවට රැව්ල වවාගෙන ඉදල කපද්දි එහෙම උනා..මම උඹට ඒ තාලෙ ගත්ත පිංතූරයක් එවන්නම්කො...hikz hikz..උඹ දැන් කොහොමද look එක කියල බලන්නත් ආසයි...හි හී...බලමුකො ආයෙත එන්න උඹලා ගෙදර..

malee_msg said...

@ Sampa: sure එකටම එහෙනම් මගේ කොන්‍ඩෙ‍‍‍ට වඩා දිග ඇති LOLzzz දැන් බෝංචියාත් කොණ්ඩේ වවලා...හමත් හරි...කැරපියා තට්ටේ ගාලා.. රවියා ගාණට මං හිතන්නේ නැෂ් කාරයා කොහොමද දන්නේ නෑ...ආසයි බොලව් උඹලා ටික එක තැනක තියලා පිංතූරයක් ගන්න...
පච්ච- මටත් පහුගිය දවස් ව‍ල ඔය සෙල්ලම් අමාරුව තිබ්‍බනේ...(permanent tatoo එකකට නම් කිසිම කැමැත්තක් නෑ)යාළුවෙක් මගෙන් ඇහුවා ටැටු ගහලා දැන් ඔයා මරසි වගේ ඇති නේද කියලා....අම්මා මුලින් Ok උනාට පස්සේ ඇහුවා පිස්සුද බබා කියලා...:-(

නලින් (Boman) said...

@සම්පත් - මං කලකට ඉහතදි ගාන්න කියල ගත්ත ෂැම්පු එකක් තිබ්බට මමත් හුඟක් වෙලාවට සබන් වලින් තමයි කොණ්ඩෙ හෝදන්නෙ. ඡායාරූපයක් අරගෙන එවන්න බලන්නම්කෝ..එහෙම නැත්නම් කොණ්ඩෙ වැවෙන්න කලින් මේ දිහාවෙ ඇවිදින් යන්න වරෙන්. දැනටමත් කොණ්ඩෙ ටිකක් වැවිලා.

නලින් (Boman) said...

හප්පා පච්ච ගැන මොකුත් කියන්න බැරි උනානෙ. මම පච්ච නොගැහුවට පච්ච වලට හෙන ආසයි. අපේ තාත්තගෙත් පච්චයක් තිබ්බා. එයා පොලිසියේ රාජකාරි කරන කාලෙ ඇතිවෙච්ච කෙණ්ඩ පෙරලිල්ලක්ද මොකක්ද ලෙඩකට ගහපු එකක්. එ කාලෙ පච්ච ඉතින් ටිකක් වෙනස් අදට වඩා. මට මතක විදිහට තාත්ත කොටන් හිටියෙ පොලිස් ලාංඡනය.

මට පච්ච ගැන ආසාවක් ඇති උනේ පහු කාලීනව Wrestling(WWE)බලද්දි ඒකෙ ඉන්න Undertaker ව දැකල. හික් හික්. මිනිහා අත් දෙකේම උරහිසේ ඉදන් මැණික් කටුවට යනකම්ම පචිච කොටන් හිටියේ.මමත් කවදා හරි පච්චයක් කොටාගන්න ඉන්නෙ..

malee_msg said...

@ Bo ; අර හමාට යවන පික්චර් එක අපිටත් එවන්න හොදේ.... හික් හික්

@ හරේ , නෑ කපලත් නෑ වවලත් නෑ..බෙල්ල ගාවට වඩා පොඩ්ඩක් දිගට තියනවා..තාත්ත නම් දවසක් කිව්වා කපනවනම් කොටටම කපලා දාන්න කියලා‍...ඒ වුනාට අදින ඇදුම වලට ගැලපෙන්න ඕනි නිසා ඒක කරන්න විදියක් නෑ හික් හික්

නලින් (Boman) said...

@හරේ- හහ් හා.. මම ඉස්සර පැල් බැදගෙන බැලුවා. දැන්නම් ඉතින් ඉද හිට ජොලියට එකක් බලනවා..

මම මේ සති අන්තයේ මොකක් හරි වැඩසටහනක් ලෑස්ති කරන්න බලන්නම්. මම පණිවිඩයක් තියන්නම්කෝ.

@මලී - එවන්නම් එවන්නම්..අර සගරා එක්ක නොමිලේ ලැබෙන නලු නිළියන්ගේ පින්තූර වගේ පෝස්ටර් ප්රමාණයේ එකක් එවන්නම්. බිත්තියේ අලවගන්න :P

malee_msg said...

@Bo ; යකෝ අපේ පැත්තේ කට්ටඩි නෑ...මං හිනෙන් බය උනාම නූල් බදින්න ඒක නිසා පොඩි එකක් ඇතිවෙයි...!

සම්පත් බංඩාර said...

@ මලී
කෝ ඉතින් උඹව දැකල නෑ නෙ බං මගේ කොණ්ඩෙද උඹේද කියල බලන්න...මගේ දිග ඇති..කොහොම හරි helmet එක දාපුවාමත් සෑහෙන්ට තියෙනව එළියට hikz hikz

@freed අන්න කථාව..මගෙනුත් ගොඩක් අය දැක්කාම අහනව මොකෝ කොණඩෙ එහෙම වවල කියල..මම එතකොට කියනන්නෙ ..පිස්සුද වවන්නෙ නෑ නමුත් කපන්නෙ නෑ කියල..ඒක නෙ ඇත්ත නේද මොකෝ මේක අපි වවන එකක් ඈ ඉබේ වැවෙනව මිසක්..අපෝ අර බල්න්න කියපු පචුච ගැහිල නූතන කියන්න බෑ freed..ඔයා අර අප්රිකානු ඉතා පැරණි ගොත්රික වල මේ වගේ ඒව දැකල තියෙනව නේද?? අනික මම දන්න විදියට ලංකාවෙත් ඉතිහාසෙ මිනිස්සු අපි පැළ දිනවට වඩා ආභරණ ඇදල තියෙනව...ඔයා දන්නව නේද freed ලොකෙ හම්බුන පැරණිය මානව දේහ වලත් පච්ච කියන දේ තිබිල තියෙනව කියල...පොඩ්ඩක් හොයල බලන්නකෝ ඔය අයිස් තුල තිබිල හම්බුන වසර බර ගානක් පැරණි මානව දේහ පිළිබද..ඒන නිසා මට නම් ඒක නුතන කියන්න බෑ..නමුත් ඉතින් ශරීරය‍ට ඇනයක් වෙන විදියට ඕක කරන එක චා තමා...ඒ කෙත් මම දකින්නෙ මද පමණට හා වැඩි පමණට මත් වතුර බීම වගේ වෙනසක්...අපේ අතල් එකත් එහි සාපපේක්ෂ සීමාවත් අතර ගැටළුවක් තමා නේද??

@Bo
හිහි එවපන් එවපන් බලන්නත් එක්ක..ඔව් මචං ඉස්සර පච්චයක් ගහන්නෙ සාමානයයෙන් හි‍රේ එහෙම ගියපු dialලු.ඒක නිසා වෙන්න ඇති වපර ඇහැකින් බලන්නෙ.නමත් දැන් ඒ තත්වෙ වෙනස්..