Saturday, August 23, 2008

10.BIG BUCK BUNNY

අද අගොස්තු 23 න් වැනිද..දේශපාලන අතින් නම් ටිකක් විතර වැදගත් ...අර ඡන්දය භාවිතා කලේ නැත්තම් පුරවැසියෙක් විදියට එක්තරා යුතුකමක් පැහැර හැරිය කියන හැගීම නිසා 10ට විතර මම මුලින්ම ඉගෙන ගත්ත පාසලට ගිහින ඡන්දෙ ප්රකාෂ කරල ආව...අම්මපා මිනිසා දේශපාලන සත්වෙයෙක්ලු නෙ නේද??? ඒත ඉතින් ලක්ෂ ගනන් මේ වෙනුවෙන් වැය කරන එක නම් හෙනම පිස්සුවක් තමා.....මොනව උනත් එක්තරා විදියකට ඡන්දෙ දාන්න යනව කියනව එක "අත්න් කයිට් කරගෙන රටට කෙළවීමක් තමා" ...

කොහොම හරි අද නරඹපු BUCK BUNNY කෙටි චිත්ර පටය මාව කුල්මත් කළා...ඒක සමුපූර්ණයෙන්ම පාහේ Open Source මෘදු කාංග භාවිතයෙන් නිර්මිත වූවක්...ඒ අතින් නම් මේක ඉතාම උසස් නිර්මාණයනක්.....මමනම් දැන් ආයෙත් බලන්න යන්නෙ.....විනාඩි 7ක් විතර උනාට ආත්ම ගානක දේවල් කියනව...

සම්පත් ලියයි...
මෙතනින් වැඩි විස්තර දැන ගත හැකි







6 comments:

malee_msg said...

මේ පේනවද ඔහේට මම අඩනවා!

සම්පත් බංඩාර said...

අඩන්න නම් වටිනව තමා මාලියො...සැබවින්ම අපූරු නිර්මාණයක් නේද???

malee_msg said...

මේ මම ඇඩුවේ ඒක හින්දා නෙවෙයි...මම යූ ටියුබ් එක බැලුවේ නෑ...මම හිතුවේ ඇඩ් එකක් කියලා...බෝංචියා තමා බලන්න කිව්වේ...මේ මෙකේ තව ගොඩාඩාඩාක් තියනවද? මට බලන්න ඕනානානානානානා....ඇඩීමේ දෙවෙනි අදියර පටන් ගන්න

සම්පත් බංඩාර said...

මට තේරෙන්නෙ නෑ මාලයො උඹ කියන දේ...අඩන්නෙ ඒක හන්ද නෙමේ.අයෙත් අඩනව..???..මොකද්ද මේ..තේරෙන්න කියාපන්කො...කෝ දැං බොංචිය...කොහොම හරි මාලායෙ මේකයි..මේක Short Film ආරට වැටෙන එකක් ..මුළු එකම මෙච්චරම තමා..විනාඩි 7ක් විතර complete movie එකම...මේක open source sw වලින තමා සම්පූර්ණයෙන් නිරිමාණය කරල තියෙන්නෙ...

malee_msg said...

ඔය ටික ඉතිං තේරෙන සිංහලෙන් මුළින්ම කියන්න එපැයි. දන්නවනේ ම‍ගේ චිත්‍රපට දැණුම අල්පයි කියලා...මම මුළින්ම විඩියෝ එක බැළුවේ නැහැනේ...ඉතිං චිත්‍රපටය බලන්න වෙන්නේ නැති නිසයි ඇඩුවේ...

ඊට පස්සේ මම හිතුවේ ඒකේ පොඩි පොඩි කථා ගොඩක් තියනව කියලයි...ඒකයි ආයේ අඩන්න හැදුවේ...ඒත් දැන් අඩන්නේ නැ...එක හරීම සංවේදී පුංචි කථාවක්...මම ඉතිං ඔය බරපතල් වචන දන්නේ නෑ..බනියා නම් ෂොයීයීයී...!!!!

සම්පත් බංඩාර said...

‍@ freed
NO කලබල take you time bro:)