Saturday, August 16, 2008

2.හුලං බැසීම බැටරි බැසීම හා කරක් ගැසීම(ගලෙන් කොටුව බැන්දයි තිරිකුණාමලේ)

අද අගෝස්තු 16ස් වැනිද...කැලන්ඩර් කොල වල 16 වැනිද රතුපාටින් තිබ්බට මට නම් අද දවස ඉවර වෙනකොට ඒක නිල් පාට වෙලා වගේ දැක්කෙ...ඊයෙ රෑ(15) නිදිය ගන්න කොටත් පාන්දර 1යි ,අම්ම උදේ ඇවිත් දොරට තට්ටු කරල ඇහැරවන කොට මම ඊයෙ රෑ තිබ්බ alarm එකත් snooze වෙවී තිබ්බෙ නමුත් කම්මැලි කමටම අම්ම ඇවිත් තට්ටු කරනකම්ම හිටිය...කොහොම හරි ලෑස්තිවෙලා එළියට බහිනකොට හරියටම උදේ 6.30 ට විතර ඇති...work shop එකේ lath machine operator ගයාන් අයියවත් air force එක ගාවින් නග්ගගෙන තමා අප්පච්චි ඇහුවෙ අපි මොන පාරෙන්ද යන්නෙ කියල...ඉදිරියේදි තිර්කුණාමලයත් සමග නිරන්තර සම්බන්ධතා තියෙන්න ඕනෙ නිසා ඒ ගැන අවබෝධයක් ගන්නත් එක්ක මම කිව්ය යද්දි මිහින්තලේ පාරෙන් ගිහින්එද්දි කන්තලේ පාරෙන් එමු කියල...මොකෝ මමත් ඒ වෙනකොට ඔය පාරවල් දෙකෙන් එකක විතරයි තිර්කුණාමලයට ගිහින් තිබ්බෙ..."නැහැ මල්ලි යනකොට එහෙනම් හබරන හරහ ගිහින් එනකොට මිහින්තලේ පැත්තෙන් එමු" ...මොකෝ හබරණ පාර දුරයි අනික මිහින්තලේ පරට වඩා අනික හබරන පාරෙ check point වැඩියි......ගයාන් අයිය තිර්කුණාමලේම ඉපදිල එහෙම schooලෙ ගිහිල්ල තියෙන නිසා ආයෙ දෙපාරක් හිත හිත ඉන්න දෙයක් නෑනෙ කියල අපිත් ගමන පටන් ගත්ත....

මරදන්කඩවල පහුකරල ගනේවල්පලට එනකොට 7.15ට විතර ඇති ...ආයත් කන්තලේට යනකන් ලොකු town එකක් හම්බෙන්නෙ නැති නිසා ගනේවල්පොලින් උදේ කෑම කාල හඹරණ හන්දිය පැත්තට ඇදුන..හබරන හන්දියෙන් කෙලින්ම ගියොත් පෙළෙන්නරැවට(A11 පාර) ,වමට කන්තලේට, දකුණට දඹුල්ලට....අපි එතනින් වමට හැරිල ටික දුරක් ඔය එක එක වල් පල් කථා කර කර යනකොට තමා 1984 අනුරධපුර සිරි මහ බොධියට කොටි ගහපු storiය ඇදිල ආවෙ...අපේ අප්පච්චිත් ඕක ඇහෙන් දැකල වසනාවට වගේ බේරුණ කෙනෙක්..මොකද ඔය කියන බස් එක සිරි මහ බොධියෙ හටපු සිය ගානක් මල තුන් පොකුණු , මරිසවැටිය පහුකරල තිසාවැ‍ව bunt එකේ Bonvista හෝටලය පැත්තෙන් එනකොට අපේ අප්පචි ඒ පාරෙ කොනකට වෙලා අදහගන්න බැරුව ඉදල තියෙනව ..නමුත් ඒ වෙලාවෙ අප්පච්චි හිටගෙන ඉදල තියෙන්නෙ මුසලිම් හා දෙමළ ජනාවසයක් ගාව නිසා කොටි ඒ හරිය හිටිය කිසිම මනුස්සයෙක්ට වෙඩි තියල නෑ...නමුත් පහුකර ගෙන යනකොට අප්පච්චිල හිතල තියෙන්නෙ මේ හමුදාව කොටින්ව ලුහුබදිනව කියල මොකද කිසිම බයක් නැතුව බස් එකේ ජනෙල් වලින් එළියට wepons දාගෙන තමා ගිහින් තියෙන්නෙ...කොහෙම හරි ඊට පස්සෙ අප්පච්චි එන මග දිගට මහපාරෙ මිනිස්සු මරල දාලළු...මට හොදට මතකයි අප්පච්චි ඕක කිව්වොත් කියන් තව දෙයක් තියෙනව..අප්පච් ඔය හිටගෙන හිටපු තැනට යනකොට කරත්ත කාරයෙක් දැකල තියෙනව පරණ ටවුම හනදියෙදි නමුත් එනකොට කරත්තෙ ඇදගෙන හරක යනවලු ....කරත්ත කාරය ලේ පෙරාගෙන වැටිලලු ඇතුලෙම ...නමුත් ඒ කාලෙ මේ වගේ දේවල් මිනිස්සුන්ට පුරුදු නැති නිසා අප්පච්චිලත් පස්ස බිරනභිත වෙලා ආරක්ෂයි කියල හිතෙන තැන් වලට ගිහින් ...කොහෙම හරි බස් එක අනුරාධපුරයම වනසල නෙච්චියාගමත් පහු කරල එහෙන් වස්ගමු කැලේට ගහින් එතන බස් එක අතඇරල දාල එතන හිටපු වන නිලධරීන්වත් කැලේට ඇදගෙන ගිහින් මරල දාල උන්ගෙ අඩවියට සුරකුෂිතව ගිහින් තියෙනව..මම ඉතින් ඔය storiය ගයාන් අයියට කියල ඉවර වෙනකන් සද්ද නැතිව ඉදල අවසානෙට ඇහුව "ඉතින් අප්පච්චි ඔච්චර හදියක් කරල යනකන් ලංකාවෙ හමුදුවට හරි පොලීසියට හරි අර බස් එකේ රෝදෙකටවත් වෙඩිල්ලක් තියා ගන්න බැරි උනාද කියල???"....අප්පා මගෙ කට අප්පච්චිට එකට උත්තර දෙන්න හමුබුනේ නෑ...වාහනේ control නැතිව වගේ පැත්තකට ඇදිල යන්න ගත්ත...අප්ච්චි ‍ටක්ගාල වේගෙ අඩුකරල පැත්තක‍ට කරල නැවැත්තුව...අම්මට සිරි කාපන්කො කොල්ලෝ පරිප්පු....Tyre එකකට බඩු....අපි යනකොට පාර හදනව, කළු ගල් තිබ්බ පාරෙ...අපිත් කථාව පිට ආපු නිසා වේගෙන් ආව...රොදෙ කැපිල ගලකට ....flat Tyre...මලා හුටා තමා...නමුත් ඉතින් එතන හිටපු set එකටම වාහන වල දෝශ කියන්නෙ බත් කනව වගේ තමා...මායි ගයාන් අයියයි විනාඩි 10 විතර ඇතුළත spare wheel එක දා ගත්ත නමුත් ඒක එච්චර sure නෑ වගේ (මොකෝ ආයෙ trinco යනකන් tyre කඩ නැති වෙන්න පුළුවන්) නිසා අපි අයෙත් හබරණට ගිහින් tyre එකක් replace කරගෙනම යමු කියල හිතුව....ආයෙත් ඉතින් හරවා ඒම තමා...අපි එතකොටත් 15 km විතර හබරන හන්දියෙ ඉදල කන්තලේ පැත්තට ගිහින්...

පෝය නිසා කඩ වහල ද දන්නෙත් නෑ කියල හිත හිත ආවට හබරණින් දඹුල්ලට(A6) යන පාරෙ ටික දුරක් එනකොට දෙය්යො බැළුව වගේ ජයබිම(නම නම් sure නෑ) Tyre කඩේ අරල තිබ්බ...ඒක පොඩි Tyre කඩයක් උනාට වසනාවට වගේ GT Radial 175/70 R14 වර්ගයේ Tyre එකක් තිබ්බ...නමුත් මට දුක මෙහෙ ගමටම Tyre බෙදන අපිට අපේ වාහනේට ගන්න උනේ පිටින්...hikz hikz....අපි මෙහෙ ඒ Tyre එක දෙන ගානට වඩා රු 500කින් විතර වැඩියි ...නමුත් වෙලාවෙ හැටියට 500ක් නෙමේ 1000 ක් වැඩි උනත් වටිනව...සමහර විට poya day tax එක වෙන්න ඇති කියල මට හිනා ගියා....Tyre එක මරු කරනකන් ඉන්නකොට තමා habarana chaya resort එකේ board එක දැක්කෙ..මම කාලෙක ඉදන් එන්න ආ‍සාවෙන් හිටපු තැනක්...නමුත් මගේ හිතේ සෑහෙන කාලෙකට එන්න බැරිවෙයි ...බලමු බැදපු දවසක කෙල්ල එක්ක වත් එනව කියල අයෙත් ගමන පටන් ගත්ත...නැවතත් හබරන හන්යේ සිට කන්තලේ දෙසට.....ඔය වෙනකොට ltte talks ඔක්කොම ඉවරයි නමුත් මම අර හමුදාව හෑල්ලුවට ලක් කරල Tyre එකකට වෙඩි තියාගන්නවත් බැරි උනාද කියල අහපු ගමන් අපේ Tyre එකකට කෙලවීම ගැන මහ අමුතු හිගීමක් ආවෙ...මට ඕක කලිනුත් අත්දැකල තියෙනව...නිකන් අමුතුම ඉවනික් වගේ වෙන්න යන දෙයකට ලගින් යන දෙයක් වෙන විදියකට එළියට එනව....තව ටිකක් ඒ ගැන අධ්‍යනය කරල බලන්න වෙයි වගේ...hikz hikz...කවුද දන්නෙ අනාගතේ වත් පේනවද කියල නේද???

අපි කන්තලේට ඔන්න මෙන් තියා හම්බෙන මුල්ලි‍පොතාන හරියෙදි අපි හොදට දන්න කියන අපේ ආයතනයට srvice & Repairs වලට එන toyota prado TX මාදිලියෙ save the children ආයතනය‍ට අදාල වහනයක් මග නතර කරගෙන bonnet එක ඇරල මොනාද කරනව...මම අප්පච්චිට කිව්ව ගමන් අප්පච්චි වාහනේ නතර කරල ඒක ගාව‍ට ගියා ...මොකද අපි ගාවට වසර ගනනාවක් තිස්සෙ ඇවිත් ගොඩනැගුනු මිත්රත්වය නිසාම...radiator එක පළුදු වෙලා වතුර ගිහින් boil කරල එන්ජිම නතර කරල.....වහනේ start කරනකොට radiator එකෙන් compression පාරක් එළියට ගහනව...බඩුම තමා..බොහොවිට gasket එක replace කරන්න වෙන මුල් ලකුණු....මේකට අදාල Toyota genuine radiator එකක් මගේ මතකෙ හරි නම් රුපියල් 95000/= විතර..gasket එකේ මිල පිළිබද මතකයක් නෑ......මොකෝ දැන් වහනේ start කරොත් engine එකට shot වෙන්න පුළුවන්.....එයාලගෙ තව වාහනේ කින් ඒක office එකට ඇදල දාගන්න පුළුවන් කියපු නිසා අපි අපේ ගමන පටන් ගත්ත.සදුද උදේම රියදුරු තැන සමග toeing vehicle එක ඔrincomalee save the children office එකට මේක ඇදගෙන් ගිහින් අනුරාධපුරේට දාන්න එවන්න වෙයි වගේ කියල අප්පච්චි මට නගිනකොටම කිව්ව ......අප්පච්චි කිව්ව හරි 11.45 විතර save the children එකේ admin Mr.ධයාභරන් මහත්තය අපි අග්බෝපුර,කන්තලේවැව (map),තඔල ගමුව,ආන්දන්කුලම පහුකරල තිරි කුණාමලේට එනකොටම call එකක් දීල කිව්ව break down service(Toeing Truck) එකක් එවන්න ‍කියල සදුද‍ට .. එතන ඉදල බහුතරයක් උනේ ගියපු රාජකාරියට අදාල වැඩ තමා..මුහුද video කිරිල්ල අමතක කරල අපිට මේ වැඩේට වැදගත් වෙයි කියන කොටස් ඔක්කොම video කරගත්ත..මොකද තරග කාරිත්වයට මුහුන දෙන්න දැනට එහෙ පවතින බහුතරයක් work shop සහ service center මම අමු අමු වෙම පොය නිවාඩු නිසා record කරගත්ත...හොද වෙලාවට Mervyn Silva ල හිටියෙ නෑ ලඟ පාත..ඉඩම් වල මිල නම් හරිම සාධාරණයි hikz hikz....අක්කර 1.5 ක්ම ලක්ස 23 වගේ මුදලකට ගත්ත හැකි...ගයාන් අයියගෙ දැඩි බල කිරීම මත රාජකාරි කටයුතු අහවර කරල ගයාන් අයියලාගෙ ගෙදර ගියා ..තේ බීල ‍එළියට එනකොට මෙන්න බොලේ මේ යකා අපිට කෑම පර්සලුත් ඔතාගෙන එනව....මොනා කරන්නද ඉතින්....ඔන්න ඔතනදි තමා බැ‍ටරි බැසිල්ල පටන් ගත්තෙ ....Trinco beach එක ගාවට ගිහින් camcorder එක on කරල බලද්දි battery low...පේන විදියට කැමරාවටත් spare battery යක් ගන්න වෙයි වගේ....mini DVD දාන එකක් නිසා battery low වෙනකොට තව එහෙම්මමම ඉඩ...චිකේ මම වැඩිපුර ගහන්න කියල Quality එක super fine select කලෙත් නෑ...නමුත් මොනා කරන්නද ඉදිරියෙදි වත් බලමු......නමුත් යන්තම් වගේ මගේ ජාමෙ බේරගත්තෙ අප්පචිගෙ phone එකේ කැමරාවක් තිබ්බයින ....ඔය එක්කම අපි prima පිටි companyය,China Bay,Cod Bay, Staphenberg ,කින්නයා පාලම් පාරුව බලන්නත් ගියා.කින්නයා පාලම් පාරුවට නම්(1,2,3,4) ලගදිම විශ්රාම යන්න වෙන හැඩයි...පාලමක් ඉදිවේගෙන යන්නෙ...

අප්පච්චි ඉපිදිලා තියෙන්නෙ තිර්කුණාමලයෙ නිසා අප්පච්චි‍ට power house Road එකේ අප්පචිල ඉස්සර හි‍ටපු තැන බලන්න ඕනෙ උනා...නමුත් අප්පචිල 1958 "ශ්රී" කෝල හාල වලට ඒව අත ඇරල ඇවිල්ල ...තාම ඉඩම තියෙනව ....තිබ්බ ගොඩ නැගිලි නම් බිමටම සමතලා වෙලා...ඒ කාලෙ එතන තමා අප්පචිලාගෙ පළමු වැඩපළ "ජයන්ති මෝටර්ස්" තිබිල තියෙන්නෙ....ඔන්න ඔය උපන් උරුමෙ හොයාගෙනම වෙන්න ඇති අප්පච්චිට තිරිකුණාමලයෙ නව ශාකාවක් දාන්න ඕනෙ කියල හිතෙන්න ඇත්තතෙ...කොහොම උනත් අපි හැමොම උපන් ගමට පොඩි හරි ලැදියාවක් තියෙනවනෙ...ඔකත් බලල අපි powerhouse road එකෙන් දකුණට හැරිල තිර්කුණාමලයෙ තැපැල් කාර්යාලය ඉදිරියෙ තියෙන ෟmbal cafe එකෙන් උළුදු වඩේ කාල post office road එකෙන් එළියට එන්න යන තැන police check point එකේ නතර කළාම එතෙන හිටපු පොලිස් මහත්තය අපේ ID බලල ඇහුව මොකෝ මේ පැත්තෙ කියල...අපි නිකන් බලල යන්න කීවම ඇහුව මාළු එහෙම ගත්තතෙ නැද්ද කියල...අප්පච්චි හිනාවෙවී කිව්ව "නෑ මහත්තය අද පෝය නිසා market එක වහල නේද කියල???" අපේ රාළහාමි මහත්තයගෙ පිළිතුර හරිම දිරි ගනුවනු සුළු එකක් තමා උනේ අපි හිතුවට වඩා....

"අපෝ මහත්තය market එකට යන්න එපා.ඒකෙ ගිනි ගනන්...මහත්තය කෙලින්ම මැක්හෙයිසර් stadium එක පිටිපස්සෙන් යනකොට ඔරලෝසු කනුව(මරතඩිය හංදිය) අහුවෙයි එතනින් වමට හැරිල යනකොට round about එකක් තියෙනව...එතනින් දකුණට හැරෙන්න...ඒක කෙලින්ම වැටෙන්නෙ Trinco Railway එක ගාවට ...එතන තුම්මං හන්දියෙන් වමට හැරෙන්න...ඒ නිලාවේලි පාර..ඒකෙ ටික දුරක් යද්දි පාර දෙපැත්තෙ මාළු ලෑලි ඇති(සිරිමා පුර) ...ඒවයින් ගන්නත් එපා උන් ගාවත් ගනන්...ඒ පාරෙ දකුණු පැත්තෙ මුහුද...කාගෙන් හරි අහන්න මාළු වඩියට යන්නෙ කොහොමද කියල එතකොට පෙන්නයි ....මොකෝ මහත්තයො මේ දවස් වල ice factoryය කැඩිල අයිසි හිගයි..ඒ නිසා වඩියෙ තියන්ම විකුණනව කොළඔට යවනව අඩුයි...කිලෝ එකක් රු 60 ‍විතර වෙයි..." මට මේක කියද්දි මතක් උනේ අපේ nash (mr.Abnormal) ගෙ " strangers " storiය

ආයෙත් ඉතින් මොනාද අපේ අප්පචිටත් අළුත් මාළු කිව්වොත් වෙන දෙයක් නෑ...ගයාන් අයියගෙ උදව් ඇතුව තැනට ගිහින් එතනම තිබ්බකඩේකින් rigid-form පෙට්ටියක් අරන් මොනරෙග්ගෙ බරට මාළු ගත්ත....මටත් වැඩියෙ talk කරන්න බෑනෙ..ඒ නිසා අස්සක හංගල තිබ්බ අයිස් ටිකකුත් දාල හොදට pack කරල දුන්න...හප්පා පෙට්ටියෙ බර...රු 60 මුහුදු මාළු කෑවෙ කොපි කාලෙ කිව්වට දැන් කාලෙත් පුළුවන් බොලං...මේව අපේ ගෙවල් ගාව පොලේ නම් ගර්ම් 500 රු 150ට විකිනෙන්නෙ....hikz hikz.අනික මේවගේ අළුතුත් නෑ..

එනගමන් නතර කරල අපිට news එක දුන්න රාළහාමි මහත්තයට ස්තූති කරනකොට මිනිහ කියාපි "මහත්තය මාත් අනුරාධපුර කහට ගස් දිගිලිය කියල" මටනම් මාර kick එකක් ආවෙ....නමුත් වෙලාවෙ හැටියට වැඩි වෙලාවක් තිබ්බෙ නෑ කථා කර කර ඉන්න ....check point එක, ජැටිය පහුකරල අනුරාධපුර මංසංදියට
එනනොට කොහොමත් 3ට විතර ඇති....තිර්කුණාමලයෙ නගරයට අතුළු වෙන තැන "අනුරාධපුර මංසංධිය" කියල නම් තිබ්බෙ ඇයි කියල මට හෙන ගැටළුවක්..සමහර වි‍ට එතනින් පාර දෙකට බෙදිල එකක් අපි ආපු හබරණ පාරටත් අනික(A12) මෙරවැව,රොට වැව,හොරෝපතාන,කහටගස් දිගිලිය,ගලෙන් බිදුනු වැව,කනදරාව,මිහින්තලාව ඔස්සෙ අනුරාධපුරයටත් විහිදෙන නිසා වෙන්න ඇති....මොර වැව ඉදල රොට වැවට එනකන් නම් ටික්ක විතර කොටි තර්ජන පිළිබද බියක් තියෙන නිසා අඩියෙන් අඩියට අපේ හමුදාව...රොට වැව පහුකරල අපි ගයාන් අයියලා ආච්චි ඔතල දුන්න බත් මුලත් කාල ටික දුරක් එන කොටම මොර සූරන වැස්ස පටන් ගත්ත....එත් මට එතකොට මතක් උනේ අපේ අයතනයේ වැඩ කරන ලොකු අජිත් අයිය...පව් වැඩේ මිනිහ දවස් 2ක් නිවාඩු ගත්තෙ වහින්න කලින් ගොයම් ටික කපා ගන්න...ගිය අප්රේල් අස්වැන්නත් වැස්සට අහවෙල හරිම upset එකේ හිටියෙ....ඉතින් ගොවියන්ට වතුර වෙනුවට වසතෙල් බොන්න වෙන එක සාධාරණයි...අජිත් අයියටනම් කාල ඇදල ඉන්න රස්සාව වත් තියෙනව නමුත් ඕක විතරක් කරන ඈයෙන්ට මදුන් පරාලෙට තොන්ඩුවක් දාන්න ක‍‍ඔයක් හරි කෘමිනාශක සරණං ගච්චාමි හරි තාමා.මොකෝ insurance තියෙන එකක් ඈ.."ගොයමට වින කරන වැස්සට, වැසි රක්ෂණය "කියල.....නමුත් කනදරාව වැවේ භාගයක් පහු කරනකොට වැස්ස නැවතුනා...වැස්ස නැවතුනා කිව්වට එතනින් එහාට වැහැලම නෑ...අව්වයි වැස්සයි නරියගෙ මගුලයි මතක් උනා‍ට අව්වනමු නෑ.ඒ කියන්නෙ අජිත් අයිය ගොඩ ..නමුත් අනුරාධපුරට ගිය අප්රේල් වලින් පස්සෙම හරි හමන් වැස්සක් නැතුව කරුකුට්ටන් වෙලා තියෙන්නෙ ..තිසාවැවේ වතුර මායිම බලන් ඉද්දි ඈතට යනව..වැසි දියෙන් කරන කැකූලං කුඹරු කරන් නැතිව අත ඇරල තියෙනව දැක්ක ඒත් මගදි..අපිත් මහ මාර මිනිස්සු වැස්සත් වැරදියි වැස්සෙ නැතත් වැරදියි...මිහින්තලේ පහුකරනකොටම අපිව පහකරල canter ලෙරියක් ගියා...පිටිපස්සෙන් ගහල තිබ්බ එක නම් සිරා..."බුදු මල්ලියේ ඈතින් වරෙන්".....ඒකත් ඇත්ත තමා ,කවුරු හරි ඇවිත් ඇනල මාසයක් හමාරක් හදන්න වෙලා වාරික දෙක තුනක් areas උනොත් ගහන්න වෙන්නෙ..."බුදු මල්ලියෙ හැංගියං cesarල එනව" කියල තමා.....

කොහොම හරි ගෙදරට ඇවිත් wash එකක් දාල මේක ලියන්න පටන් ගත්ත වෙලාව වත් මතක නෑ...
කොහෙම හරි දැන් 11.33යි ....හෙට(17) උදේ 5ට නැගිට නැවත කොළඔ බලා පිටත් විය යුතුය....cameraවත් charge වෙන්නම දාල නිදා ගන්න ඕනෙ....බොහොවිට මෙය අද draft එකක් පරිද්දෙන් save කර තබා කොළඔ ගොස් පැමිණ පළ කිරීමට හැකිවේවායි පර්ථනා කරමි....නැත්තම් හැමදාම මේ විදියට තියේවි ඉදල හිටල තනියෙන් කියවල රස විදින්න....

අදට නිමි...සම්පත් ලියයි.


Some words got links to different web pages,images & videos move the mouse over them to feel the links on original post


3 comments:

malee_msg said...

අතිශය ගමන් බහුල සති අන්තයක් වගෙයි....‍බොහොම හොදයි....ස්තුතියි අපිවත් එක්කන් ගියාට...!

සම්පත් බංඩාර said...

at malee-
හම් හම් දැන් තමා හුස්ම ටිකක් ගන්නෙ...එළ එළ හැබයි අපි වගෙ කටු කන්නැතුව ගිහින් ආව නේ?? ඕකට තමා කියන්නෙ කුකුල්ලු නොමර කුක්ල් මස් කනව කියල..hikz hikz

සම්පත් බංඩාර said...

අර freed කියනව වගේ ලෙඩ නැතුවට හදාගත්ත ලෙඩ වගයක් තියෙනවනෙ ...ඒ නැතත් මට මේකට complete documentary ස්වරෑපයක් දෙන්න ඕනෙ උනා freed...මම හිතනව මම ඒක කළා කියල...මේකෙ රසවත් බවට වඩා සම්පූර්ණ බව ගැන පොඩි අත්හදා බැලීමකට වගේ ලීවේ...මගේ ඊ ලඟ එක මීටත් වෙනස් වෙයි..දන්නැද්ද දුහුනො වන අපි experiment කරල ඉගෙන ගන්න එපෑ