Monday, August 18, 2008

3.ඥානවතී ලංකාවට ඇවිත් කියල මම දන්නෙ එදානෙ



ඔන්න එහෙනම් සම්පතෝ අද දවසත් ඉවර උනා ,උඹ මේක ලියන්නෙ 17 වැනි ඉරිද රෑ ...කවද publish වෙයිද කියල නම් තාම sure නෑ...මේ සතියෙ උඔට පන්සල් යන්න බැරි උනා...පනසලේ මල් කඩේ කොන්ඩෙ අයියගෙ අම්මයි , භාවනා කරන්න එන ජගත් අයියයි නිමල් අයියයි එත් බලන්න ඇති ඇයි නැත්තෙ කියල ...අවුලක් නෑ ලබන සතියෙ අම්මා අහුවම "වැඩ වගේට කොළඹ ගියා අම්මා" ...අයියල ඇහුවමත් එකම කියන එකනෙ නේද?? .ගිය ඉරිදනම් උඹ උන් දෙන්න භාවනා කරනකොට අපේ මහගම සේකර මහත්තයගෙ ප්රබුදධ කියෙව්ව..නිමල් අයියයවයි ජගත් අයියවයි මාස හතක් විතර තිස්සෙ හැම ඉරිදම දැක්කට ජගත් අයිය එක්ක කථා කරල තිබ්බෙ එක දවසයි ඒත වැස්ස දවසක රුවන් වැලිසෑය අර තියෙන පොඩි ආකෘතියට ගහල තියෙන වහලෙ යට වැස්ස ඉවර වෙනකන් ඉනිනකොට.. ඒත හරියටම අප්රේල් මාසෙ අව්රුදු කිට්ටු කරල....නමුත් කවදාවත් නිමල් අයියත් එක්ක උඔ කථා කරල තිබ්බෙ නෑ නේ?? හිනාවෙනව යනව..නමුත් ගිය ඉරිද ඒ කියන්නෙ 9 වැනිද භාවනා කරල ඉවර වෙලා නිමල් අයිය නැගිටල හිනා වෙලා උඔත් එක්ක කථා කරන්න ආව..එතකොට ජගත් අයිය නම් භාවනා කර කර හිටියෙ..නිමල් අයියගෙ වයස අවුරුදු 27 විතර රස්සාවක් කරන්නෙ නෑ..එයාගෙ එක්තැන් වෙලා ඉන්න ලොකු අයියව බලාගෙන ගෙදරට වෙලා ඉන්නෙ..ජගත් අයියට 26 විතර ඒත රස්සාවක් කරන්නෙ නෑ..අම්මයි තාත්තයි දෙන්නම ලෙඩින් ඒ නිසා ඒ දෙන්නව බලාගෙන ඉන්නව...කඩයක් කුලියට දීල ඒකෙන් තමා ජීවත් වෙන්නෙ..ඔන්න බලපන් සම්පතෝ ලෝකෙ මිනිස්සුන්ගෙ හැටි...ජීවතේම තමන්ගෙ පවුල වෙනුවෙන්ම කැප කරල තමන්ට කියල දෙයක් කරගන්න වෙලාවක් නැති තරමට අනුන්ට කැප වෙලා..මල් තියල වදින්න ඕනෙ නේද බං...??? මම දන්නව එදා උඹට අවෙ මහ අමුතු හැගීමක් .උඔ උඹෙ field book එකෙන් කොලයක් කඩල දෙකට ඉරල දෙකේම උඹේ ලිපිනෙයි ගෙදර දුරකථන අංකෙයි ලියල දීල ඕනෙ උදව්වක් ඕනෙනම් නම් කියන්න අයිය,කියල දෙන්නගෙ contact ඉල්ලගත්තෙ මෙකක් හරි ලොකු බලාපොරොත්තුවක් ඇතුව කියලයි මට නම් හිතෙන්නෙ...

ඒ මොනා වෙතත් පුතෝ උඹේ valet එකේ visiting card ඉවර වෙලා..දාගන්නත් ඉවරයි නේද..ආයෙ ගහන්දො නොගහන්දෝ කිය කිය හිතන්නෙ නැතුව අයතනයේ common ඒව ටිකක් හරි තියාගන්නි...මොකෝ strangers are just friends who you yet haven't met කියන්නෙ කට කැඩෙනවට කියපු දේවල් නෙමේ.....

කොළඹ ගියා කියල ගියපු කාර්යයෙන් එතරම් සාර්ථක ථල නෙලා ගන්න බැරි උනු එකනම් මටත් දුකයි සම්පතෝ..ඒත් මොනා කරන්නද motor show එකේ bikes and racing,off road driving,extreme driving,Audio systems,fuel and emission , navigation systems ගැන තිබ්බට repair & tools ගැන නියොජනය බොහොම දුර්වලයි නේද?? mytools companiයත් වැහෙන කළාවද සම්පතෝ ??? ඒ මොකද ඒ...කෑලි දෙක තුනක් දාගෙන කරපු විහිලුව ..පිංතූර විතරයි...‍‍

නමුත් උඹ ආසම කොටස මොකද්ද කියල ඇහුවොත් උඔ අත උස්සල dialog companiය present කරල තිබ්බ dialong Road navigation system(Dialog Sat nav) එක කියල මම දන්නව...max නේ?? තවත් අයිය එංගලන්තෙ තියෙනව කියල කියන tom tom එක ගැන පුරාජේරු(අර අයියල ආදරේට "ඥානවතී "කියන්නෙ) වලට, අම්මට සිරි එහෙමද කියල කියන්න ඕනෙ නෑ!...අපෝ ඕවනම් මෙහෙත් තියෙනව කියල කියන්න පුළුවන්...හැබයි ගාන තමා සැර රු100,000 විතර...නමුත් එළම තමා ඒකනම් නේද??...අතරමං නොවී කතරගම යතහැකි..අනික උඹට කොළඹයි නුවරයි ගියාම පාර වරද්දගෙන වටේ කැරකි කැරකි ඉන්නෙ නැතුව හිටු කියල navigator system එකෙන් පාර අහගෙන යත හැකි ...තාම නුවරයි කොළඔයි විතරක් complete (inch by inch) cover උනා‍ට අනික් ඒවත් ඉක්මන‍ටම cover කරනව කියල dilog එකේ අක්ක පොරොන්දු උන නිසා ගැටළුවක් නෑ...

කොහොමද ඒ අක්ක??..(අක්ක නෙමේ නංගි ඕයි තමුසෙට පිස්සුද?-සම්පත්) max නේ?? පස්සෙන් දුවගෙන ඇවිත් contact card එක දීල ගියේ...මම දන්නව උඔට ඒකිව දැක්කාම මතක් උනේ උඹ ඉස්සර දන්න කියන ගෑනු ළමයෙක්...මතකද බ්රසීලෙ(Brazil) Camila Alonso...අර උඹ අදරේට මිලා කියල කිව්වෙ..ට්කක් විතර ඒ වගේ නේ(ඕව මතක් කරන්න එපා ඕයි මට දුකයි වගේ ..ආයෙත් sms එකක් දාමුද?? hikz hikz-සම්පත්)..ලස්සන හිනාව නේ එකිගෙ පර්ස් එක ඇදල ඇදල බොහෙම අමාරුවෙන් card එකක් හොයල දුන්න...

කොහොම හරි කමක් නෑ...ඔන්න උඹ තව පිටුවක් ලියල ඉවර කරා..හැබයි පුතෝ උඹ ආයෙ තව අවුරුදු 5 කින් 10 කින් මේක කි‍යෙව්වොත්තම් පොලොවෙ වලක් හරගෙන හැංගෙන්න හිතෙයි..

උඹේ video ටිකත් දැම්මොත් ආයෙ දවසක බලල මතකය අළුත් කරන්න පුළුවන් වෙයි...

ඇතුළුවීම භාහිරය හා ඇතුලත
Audio systems & inside overlook
Dialog SatNav


මේක ලියනකන් උඹේ කන් වල පාළුව මකපු matt Gross ගෙ its enf of the Road සිංදුව අමතක කලොත් අපරාධයක්

අදට නිමි
අද ලිව්වෙ සම්පත් හොදටම දන්න සම්පත්


Some words got links to different web pages,images & videos move the mouse over them to feel the links on original post



(click this for video)


දිනය- 2008 අගොස්තු 17 ඉරිද -5 වසරේ ශිෂත්ව විභාගය

3 comments:

malee_msg said...

අනේ මන්දා ඉතිං ඔවා...පිරිමිත් එකක් වැඩක් කරන්න බැරි ඔකනේ ...එ‍ක්කෝ කොම්පියුටර් කැල්ලක් නැත්නම් වාහන කැල්ලක් නැතනම් පණ තියෙන කැල්ලක්! හිකිස්...!

ලියලා තියෙන රටාව නම් නියමයි...දුකාගේ ආලවකයා මතක් උනා...! කටු නැති ගමනකට එක්ක ගියාට ‍තැන්ක්ස්!

සම්පත් බංඩාර said...

@freed

ඔයා මේ අංශයේ වැඩ කරන නිසා අහන්නෙ ..මේ freed මගේ video camaරාවෙ මතකය සටහන් කරන්න භාවිතා වෙන්නෙ mini dvd rw/r වර්ගයේ තැටි..ඒක නිසා කොටස් වශයෙන් ගත්ත හරි අමාරුයි rip කරන් නැතුව.දැනට chapter by chapඑer rip කරල තමා ගන්නෙ.ඔයාල භාවිතා කරන මෘදු කංග පද්දති මොනාට...video capture කරන්න එහෙම..???

සම්පත් බංඩාර said...

ඔවි ඔවි vob තමා...ulead අරං try පාරක් දාන්නම් එහෙනම්..ඔන්න උදව් ඕනෙ උනොත් දීපන් හොදේ???

නෑ කමරාව ඇතුලෙම dvd යට write වෙනව...පස්සෙ ගත හැකි එළියට