Tuesday, August 19, 2008

5.ජැක්සන්ට ස්තූතියි

අද අගොස්තු මස 20වන බදාදා..පැවසීමට තරම් අති විගේෂ යමක් නොවුනත් අද දින නරඹපු අබා චිත්ර පටය ගැන යමක් ලියල තියන්න වටිනව කියල හිතුන..

මොනව උනත් පළවෙනියෙන්ම කිවයුතු දෙයක් තියෙනව..ඒ තමා මම පුද්ගලිකව මීට වඩා යමක් ජැකසන් ඇනතනීගෙන බලා‍ පොරොත්තු උනා කියන එක...ජැකසන් ඇන්තනීට මීට ඩඩා යමක් මේ තුලින්ම කරන්න තිබ්බ කියලයි මට නම් හිතෙන්නෙ...සමහර විට ඒක ජැක්සන්ගෙම වරද නොවෙන්න පුළුවන් කැමරා හැසිරවීම ..වේශ නිරූපනය ....චිත්ර පටිය පුරාවටම වර්ණ රූප වල ගුණාත්මක භාවය වගේ පැති වලින් බොහොම average ස්වරෑපයක් තමා පෙන්නුම් කලේ...මම දන්න විදියට අපි මේකෙ කියන කථාව දන්නව ,ඒක නිසා ඒක අපේ මනසේ ඇදිල තියෙන සංකලන වලට නොදෙවෙනි පරිද්දෙන් ඉදිරි පත් කිරීමයි ඉතිහාස කථා පුවතක් ඉදිරිපත් කරන චිත්ර පටියකින් විය යුත්තෙ ...ඒ අතින් බලනකොට මට මේ ගැන සෑහීමකට පත්වෙන්න බෑ...1975-80 කාල පරාසය තුල ලංකාවේ නිම උන God King චිත්ර පටියේ එක් තරා ඉදිරි පියවරක් විනා එයිට වඩි වැඩි යමක් මේකෙන් මම දැක්කෙ නෑ... ජපානයේ අකිරා කුරුසොවාගෙ last samurai (පසුව මෙය ඇමෙරිකාව විසින් බුද්ධිමය දේපළක් ලෙස මිලට ගන්නා ලද බවක් තමා මම දන්නෙ) හෝ Troy හෝ 300 හෝ තත්වෙට තව නෙපෙනෙන මානයක් දුර යන්න තියෙනව කියලයි ම‍ට නම් හිතෙන්නෙ.නමුත් අපි තාම පුංචි රටක් නිසා සාධාරණීකරනය කරන්නත් පුළුවන්..නමුත් ජැකසන් ඇන්තනී ඒ ගමන නැවතත් යන්න පටන් ගත්ත ඒක සතුටට කරුණක්....
ඇත්තටම නදීක හා සෙෘමය ලියනගේ ගැන නම් පැසසීමට වටිනව ...ඒව නම් උපරිමයි....ජේසු හා අබා අතර නම් මට කිසිම ගැටළුයක් නෑ...ඒ පිළිබදව මට පුනා පුනා කථා කිරීමට තරම් කිසිම kick එකක් නෑ....මොකද මම ඒක බැළුවෙ මම උපය ගත්ත නැති ඇස්කන්නාඩි දාගෙන නෙමේ...ස්වාධීන නරඹන්නෙක් විදියට...

මේකෙ තැනක රවින්ද්ර රන්දෙනිය කියනව, යුද්ධයක් නම් දෙපාර්ෂවයක් ඕනෙ කියල..මෙච්චර කල් අනුරාධපුරයෙ ඡනද යුද්දෙට හිටියෙ පාර්ශව එකයි...නමුත් මේ සැරේ දෙපාර්ෂවයක් ඉන්නව...මම මේක බලන අතර තුර තමා දැනගන්න ලැබුනෙ එක්සත් ජාතික පක්ෂයේ Dr.Jhonpulley (මහත?)ගෙ නිවස ඉදිරි පිට ප්රචාරක පුවරුවර වලට දෙවෙනි වරටත් හානි පැමිණ විමට පැමිණි බර්ටි ප්රේම ලාල් (මහත?)ගෙ ආධාර කරුවෙකුට වෙඩි තියල (ඉල්ලන් කෑම ගැන සතුටුයි)....ඒ වෙනුව‍ට බර්ටිගෙ පිල Dr.Jhonpulley ගෙ නිවස ගිනිබත් කරල(නොඉල්ලන් කෑම ගැනත් සතුටුයි)...අම්මයි මායි හැමදාම හවසට ඇවිදින්න යන මාර්ගයේ තමා ඔය කියන නිවෙසත් තියෙන්නෙ..(රොහල් වට රවුමේ සිට 500m පමණ ඉදිරියට ගිය තැන)..කොහොම හරි අද ජැක්සන් ඇන්තනීට ස්තූති වෙන්න අපිට ගැටළුවක් උනේ නෑ...කෙසේ වෙතත් දැන් දෙපිලක් ඉන්නව...තවදුරටත් සටන සාමකාමී නෑ...අපි ඈත ඉදගෙන රස විදිනව(Balcony Ticket ගැනීම වඩා ආරක්ෂකාරී..)...මේ සටනෙ අවසන් දින කීපය මේ දින වල අබාට සමගාමීව තිරගත වේවි.....


සම්පත් ලියයි

මම කොහොමත් මතක සටහන් එකතු කරන්න ආසයි...ඒ කාලයක් ගියාට පස්සෙ බලල රස විදින්න පුළුවන් නිසා
චිත්ර පටය- අබා (ජැක්සන් ඇන්තනී නිර්මාණයක්)
බලන ලද චිත්රපට ශාලාව-Cinestar
මිල -රු 80.00 නව සංශෝධිත මිල රු 110.00



4 comments:

malee_msg said...

තව එකෙක් බලලා...මම බලන්නේ කවද්ද? කවද හරි බලනවා..එදාට කියන්නම් මට හිතෙන දේ අන්ධයෝ අලියා ගැන කිව්වා වගේ කතා කරන එකේ තේරුමක් නැහැනේ ...

සම්පත් බංඩාර said...

@freed-කවුරු බලන්නද කවුරු දකින්ද මම එහි යන්නේ...මට ඕනෑ උන් ඇත මෙහි මා සමගේ...hikz hikz
ඔව් freed මම අර ඊට වඩා යන එකට එකඟයි..ප්රභාකරන් චිත්රපටියත් chater වෙන් මුල් උනේ ඔය ගැටළුවම තමා...හඩ කැවීම් වලදි එකටත් හිතපු නැති වෙනසක් කරන්න උනා..අවසනාවන්ත ලෙස..ඒ නිසාම ඒකත් මගෙ සිහින බොධ කරා..නැත්තම් මම දන්න විදියට ඒක කරපු පුද්ගලය හොඳ වැඩ්ඩෙක්..ජපානයේ අකිරා කුරුසොවගෙ school of visual art හි අධ්‍යාපනය හදාරන ලද...
හම් හම් කතිරෙ ගහල ඇවිත්ම(23) කියන්නම්කො film එක thriller ද adventure ද story ද documentary ද comedy ද කියල..

@malee-ඔව් ඔව් උඔ කවද හරි බලයි..
"අම්මෙ මම කවද හරි අපේ ගේ හදනවා‍ "
වගේ වෙයිද දන්නෙ නෑ...hikz hikz...බලලම වරෙංකො

malee_msg said...

@ හමා , ඇයි මොකෝ හිකිස් හිකිස් ගාන්නේ? ගඩොලින් ගඩොල හදලා හරි ‍ඒ කොල්ලා ගේ හදයි..ඒ වගේ තමයි tv එකේ පෙන්නන දවසකට හරි මම බලනවා :P

Ps.මම දැනුයි දැක්කේ...ටික‍ට් අනම් මනම් මොනා හරි දෙයක් ලග තියා ගන්න පිස්සුව තියෙන්නේ මට විතරක් නෙවෙයි වගේ...හරි හොදයි ‍එක්කෝ මට පිස්සු ‍නෑ..නැත්නම් මං ව‍ගේ තව පිස්සෝ ඉන්නවා

සම්පත් බංඩාර said...

යකෝ යනව කියල හිතන්න සතියයි
ගිහින් housefull වෙලා හැරිල එන්න සතියයි
tv එකේ යනකන් ඉන්න වසරයි
ඒක miss වෙලා ආයෙ යනකන් ඉන්න වසර 2යි
අම්මෝ..."අම්මෙ මම අද රෑට තව ගඩොල් කපනවා" කීවලු...hikz hikz

ps: හප්පෝ ඒ ලෙඩේ බහුතරයකට තියෙනව කියල කවුරුත් දන්න රහසක්නෙ..