Wednesday, August 27, 2008

14.Eternal Sunshine of the spotless mind



අද ‍අගොස්තු 27වැනිද....වැඩ ඇරිල ඇවිල්ල කරන්න තරම් විශෙෂ දෙයක් නැති නිසා දෙවන වතාවටත් අපේ බෝ "a must watch movie" කියල blog සටහනකින කියපු" eternal sunshine of the spotless mind " කියන english movie එක බැළුව...හැබෑනෙ ඒන්නම් මට උනත් කාට උනත් කියන්න වෙන්නෙ "a must watch movie" කියලම තමා....මේක අනේමන්දාවට(ආදරයට) කොඩු කාරයින්ට නම් සමහර විට kick නැති නමුත් උගත යුතු දේ බොහෝ ඇති එකක් වෙන්න පුළුවන්...නමුත් පුරුදුකාරයින්ට ...එකෙනුත් love කරල half way through ශෝකන්තයක් ලෙස stop version දාපු අයට වඩ වඩාත් kick වේවි.......එයට අදාල human relationships ගැන උපරිම අවබොධයක් දෙනව කියලයි මට නම් හිතෙන්නෙ.....

මම මේක බලනකොට එක්තරා තැනකදි මහ අමුතු හැගීමක් දැනිල film එක එතනම pause කරල මහගමසේකර මහත්තයගෙ ප්රබුද්ධ පොත පිස්සෙක් වගේ පෙරලගෙන ගිහින් නැවතුනේ මෙතන....

සිතින් දිළින්දෝ ආශිර්වාද ලද්දෝය
මක නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය
ශොක වන්නෝ ආශිර්වාද ලද්දෝය
මක්නිසාද ඔවුහු සනසනු ලද්දෝය
මොළොක් ගුන ඇත්තෝ ආශිර්වාද ලද්දෝය
මක්නිසාද ඔවුහු දෙවියන් වහන්සේ දකින්නෝය

මේක මහගම සේකර මහත්මය බයිබලයෙන් උපු‍ටා ගන්න ලද්දක් කියලත් ලියවිලා තිබ්බ.....

නමුත් film එකේ එන මාව මේකට පොළඹවපු

"Blessed are the forgetful; for they get the better even of their blunders."

යන වැකිය
FRIEDRICH WILHELM NIETZSCHE විසින් රචිත Beyond Good and Evil කියන පොතේ එන එකක්...කෙසේ වෙතත් මට තාම ගැටළුවක් එක පාරටම මාව මගේ මනස මහගමසේකර මහත්මයාගෙ ප්රබුද්ධ තුලට ඇදල දැම්මෙ ඇයි කියල...කෙසේ වෙතත් මගේ පුද්ගලික "must read books" ගොනුවට FRIEDRICH WILHELM NIETZSCHE ගෙ Beyond Good and Evil පොතත්...එදිනෙදා ජීවිතෙදි හැරුපුරුදද්ට සුදුසු Quote සමූහයක් අන්තර්ගත John Bartlett ගෙ bartlett's Familliar Quotations පොතත් ඇතුළු උනා...බොහොවිට amozone.com හෝ http://www.whsmith.co.uk ඔස්සේ මිලදී ගන්න ‍තෙවන හා සිව්වන පොත් යුගල වෙන්න පුළුවන්...නමුත් ඉතින් http://www.whsmith.co.uk ඔස්සේ මිලට ගත් Rachel Carson ගෙ Silent Spring කියවල ඉවර උනෙත් ලගකදි hikz hikz...ඒ කියද්දී මට මතක් වෙන්නෙ මෙන්න මේ නිර්මාණය...ඒකෙ මිල බ්රිතානය පව්ම් වලින 6 පමණ උනාට අයියට ගෙදරට ගෙනත්දීමේ සේවාවද දෙන නිසා කිසිම කරදරයක් නෑ....ඇත්තට තාක්ෂණය කොපමණ අපූරුද....කෙසේ වෙතත් මේ film එකට පදනම ලෙස යොද‍ගෙන තිබුනෙ Alexander Pope ගෙ මෙන්න මේ අපූරු Quote එක....

How Happy is the blameless vestal's lot.

The world forgetting by the world forgot.
Eternal sunshine of the spotless mind.

Each prayer accepted and each wish resigned.

මේ movie එක එක්තරා විදියක Quote සම්භාරයක්...

ඔන්න ඔය movie එක අස්සෙම තිබිල හම්බුන
Charlie Kaufman ගෙ මේකත් හරිම අපූරුයි....

"Constantly talking isn't necessarily communicating."


Charlie Kaufman
ඔස්සෙ හබාගෙන ගියාපුවාම මම කාගෙද කියල නොදැන බොහෝ කලයක සිට නිතර තොල අග මතුරන "You are what you love. Not what loves you." කියමනත් එතුමන්ගෙම කියල දැනගන්න ලැබීමත් සතුටක්..ඇත්තට මට නමු හිතෙන විදියට උසස් නිර්මානයක වචනයක් වචනයක් පාසාම දැනුම ගබඩා වෙලා තියෙනව...නමුත් කීයෙන් කී දෙනාද ඒකෙ නිර්මාණ කරුව විසින් ලබාදෙන 100% දේවල් උරාගන්නෙ නේද...මම නමු අඩුම වශයෙන් 75%ක් වත් මිරිකල ගත්ත කියල පොඩි පහේ kick එකක් තියෙනව....මේව මට දවස් කීපයකට ඉන්දන සපයයි මනො කදු ටිකක නගින්න....අවසාන වශායන් ස්තූතියි බෝ.ඔබට ජය!....

සම්පත් ලියයි

2 comments:

සම්පත් බංඩාර said...

ඔව් ‍freed උත්සාහය අතඅරන්න එපා..‍ඔයාට දැනටත් විශාල බලාපොරොත්තුවක් තියා ගන්න තරම් හේතු සාධක තියෙනව...අපි මෙහෙම හිතම..ඔයාට දවසකට රුපියල් 10ක් ඉතුරු කරන්න පුළුවන් එතකොට දින 600කදි 20GB විතර flash memory එකක් ගන්න පුළුවන් වේවි මේ යන විදියට...ඔයා දැන්ම බෝට හරි මට හරි කියන movie 4 හෝ 5 බැගින් dvd වලට write කරල අරන්තියන්න පස්සෙ රුපියල් 40 බැගින් ගෙවන්නම් කියල... ඊට පස්සෙ ඔයා ඔය කියන පුද්ගලයොන්ගෙ ගෙවල් වලට ගිහින ඔයාගෙ flash එකට එවා දාගෙන ඇවිත් ඔයා එතකොට බැදල ඉන්න කෙනාගෙ කරට අත දාගෙනම බලත හැති...කොච්චර අපූරුද නේද...මම හිතන්න වාසනාවන්ත ඔයයි...hikz hikz ආරක්ෂාකිරීමේ බද්ධ ලෙස dvd ය අපට අයිතිවේ..ඔබට film එක හිමි වේ..නරක නෑනෙ...

සම්පත් බංඩාර said...

මම නම් backup කරනව...බෝ කරනවද කියල නම් දන්නෙ නෑ මම..හි හි බිස්නස් වලින් හිතනව කියන්නෙ මේවටද ඇත්තටම්...මම ප්රායොගික විදියක්නෙ නීවෙ..hikz hikz